මෙම පෝස්ටරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මුලින්ම ඇඟිල්ල දිගු කෙරුණේ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ ප්‍රධානීන් වන සුදත් චන්ද්‍රසේකර ස...
මෙම පෝස්ටරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මුලින්ම ඇඟිල්ල දිගු කෙරුණේ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ ප්‍රධානීන් වන සුදත් චන්ද්‍රසේකර සහ අමාත්‍ය මංගල සමරවීර වෙත වුවත් පසුව මෙය නිර්මාණය කර ඇත්තේ සාගල රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ග්‍රීන් බ්ලඩ් සංවිධානය විසින් බව පෙනී ගොස් තිබේ. පෝස්ටරය මුද්‍රණය කරවා ඇත්තේ ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ ලසන්ත ගුණවර්ධන විසින් වන අතර එහි ග්‍රීන් බ්ලඩ් නම මුද්‍රණය කර ඇත්තේ කුඩාවට වීම නිසා මුලින් සුදත් සහ මංගල දෙසට සැකය යොමු වී ඇත.
කෙසේවෙතත් අගමැතිවරයාගෙන් ලකුණු දමාගැනීම සඳහා ග්‍රීන් බ්ලඩ් සංවිධානය විසින් නිර්මාණය කළ පෝස්ටරය නිසා දැන් සාගල රත්නායක අමාත්‍යවරයාට තිබුණු ලකුණුත් නැති වී ගොස් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සම්බන්ධයෙන් නව ආදර්ශයක් ලබා දෙමින් අගමැතිවරයා විසින් කළ ක්‍රියාව ද ගෝලයින්ගේ ක්‍රියාකලාපය නිසා අවසානයේ සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්විය.
COMMENTS