එමෙන්ම මාගම්පුර වාරයේ මෙහෙයුම් කටයුතු මාගම්පුර වරාය පුද්ගලික සමාගම මගින් ක්‍රමානුකුලව අවසන්කොට හම්බන්තොට වරාය නැවතත් ශ්‍රීලංකා වරාය අධ...
එමෙන්ම මාගම්පුර වාරයේ මෙහෙයුම් කටයුතු මාගම්පුර වරාය පුද්ගලික සමාගම මගින් ක්‍රමානුකුලව අවසන්කොට හම්බන්තොට වරාය නැවතත් ශ්‍රීලංකා වරාය අධිකාරියට බාරදීමට තිබෙන බවත් එම ලිපිය මගින් අවධාරණය කොට තිබේ .
මාගම්පුර වාරය සේවකයින් හට තම සමාගමෙන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීම සදහා ඉල්ලුම් පත්‍ර ලබා දීමට තිබු කාලය නොවැම්බර් 27 වන දිනෙන් අවසන් වූ බවත් ඉල්ලුම්පත්‍ර ලබාදුන් සේවකයින් ඇතොත් දෙසැම්බර් මස 07 වන දිනට පෙර අදාළ ගෙවීම් සිදුකරන බවත් එම ලිපියේ සදහන් වේ .
මෙම දැන්වීම වරාය පරිශ්‍රයේ කීප ස්ථානයක මෙන්ම සේවකයින්හටද ලබා දී ඇති අතර ඒ සමග තම රැකියා අහිමිවීමට යාම ගැන සේවකයන් දැඩි කනස්සල්ලෙන් සිටී. එමෙන්ම මේ නිසා 29 දින සවස 05 ට සේවා නිමවා පිටවීමට සිටි වරාය ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල තුල සිටි බොහෝ සේවකයින් ඉන් පිටතට නොපැමිණ එහි රාත්‍රී කාලය ගත කරමින් සිට ඇත.
මේ අතර තුර තම දරුවන් වරාය අධිකාරියට බදවා ගෙන්නා ලෙස ඉල්ලමින් දෙමාපියන් විසින් ආරම්භකළ සත්‍යග්‍රහය 09 වෙනි දිනටත් දැඩි වර්ෂා පතනය මැද්දේ පවත්වමින් ඔවුන් කියා සිටින්නේ දරුවන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන තුරු දිවි පරදුවට තබා තමන් එම ස්ථානයේ රැදී සිටින බවයි .
මේ අතර මාගම්පුර වරාය අවට නාවික හමුදාව හා පොලිසිය යොදවා දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලබුනි
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS