දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන් සතුද?
Homeප්‍රවෘත්ති

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන් සතුද?

PropellerAds

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව අල්ලා ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සුළු ආකෘතික වෙනස්කම් කර නවීකරණය කරන ලද එය දැනට ශ්‍රි ලංකාවේ ජිවමානව...

ආණ්ඩුකාරවරු ඉල්ලා අස්නොවෙති.. ජනාධිපතිගෙන් ලිපියක් ඉල්ලති…
වයස නොබලා නවාතැන් දෙන හෝටල් වටලන මෙහෙයුමක්
පොහොට්ටු මැයි රැලියේදී මෙතෙක් එළියට නොආ කතාවක්! සාගර කාරියවසම්ට වේදිකාව පිටිපස්සේදී පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අලි බාල්දියක් පෙරළිලා!
ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන් සතුද?


ඉන් අනතුරුව ශ්‍රී ලංකාව අල්ලා ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සුළු ආකෘතික වෙනස්කම් කර නවීකරණය කරන ලද එය දැනට ශ්‍රි ලංකාවේ ජිවමානව පවතින පැරණිම ලෝක උරුම නගරයකි.

වර්තමානයේ ඉතා ඉහළ සංචාරක ආකර්ශනයක් පවතින ගාලු කො‍ටුව මේ වන විට ශ්‍රී ලංකාවේ ඉඩම් සහ දේපළ වැඩිම මිලකට අලෙවි වන ප්‍රදේශයකි.

ගාල්ල කො‍ටුවේ ඉඩම් පර්චසයක් අලෙවි වන්නේ රුපියල් කෝටියකට අධික මුදලකටය. කො‍ටුවේ පිහිටි ඉඩම් සහ දේපළ බහුතරයක් විදේශිකයන් සතු බවට විවිධ වාර්තා පළ වන නමුත් එම වාර්තාවල සත්‍ය අසත්‍යතාවය නිල වශයෙන් තහවුරු වී නොමැත.

ගාලු කොටුව තුළ දේපළ මිලදී ගැනීම පිණිස විදේශිකයන් මුලින් අනුගමනය කළ උපාය මාර්ගය වූයේ ශ්‍රී ලාංකිකයෙකුගේ නමට එය මිලදී ගැනීමය. එහෙත් අදාළ ශ්‍රී ලාංකිකයා විසින් එම දේපළ තමන් සන්තක කර ගැනීමට උත්සාහ කිරිම හේතුවෙන් මේ වන විට විදේශිකයින් ඒ ආකාරයට දේපළ මිලදී ගැනීම නවතා දමා තිබේ.

වර්තමානයේ විදේශිකයන් විසින් ගාල්ල කොටුවෙන් නිවාස හෝ ඉඩම් මිලදී ගන්නා ප්‍රධාන ක්‍රම දෙකකි.

ඉන් පළමුවැන්න ශී‍්‍ර ලංකාවේ කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වන ආකාරයේ සමාගමක් ලියාපදිංචි කිරීමය. මේ සමාගමේ එක් කොටස්කරුවකු වන්නේ ශී‍්‍ර ලාංකිකයෙකි. පසුව ඒ සමාගම වෙනුවෙන් දේපළ මිලදී ගනී. මාස කිහිපයකට පසුව සමාගමේ සියලූම කොටස් විදේශිකයා විසින් මිලදී ගෙන දේපළ සියල්ල ද තමන් සතු කර ගනියි.

අනෙක් ක‍්‍රමය වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරයක් ආරම්භ කිරීමය. එමගින් බදු මුදල් අඩුකර ගැනීමේ හැකියාව ඇති අතර මෙහිදි ඔවුන්ට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවල නිරත විය හැකිය.

එලෙස ගාලු කොටුවේ නිවාස හෝ ඉඩම් මිලදී ගන්නා විදේශිකයෝ ඒවා පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගා තිබෙන අයුරු ගාලු කොටුවේ සංචාරය කරන විට දැකගත හැකි සුලබ දසුනකි.

විදේශිකයින්ට අමතරව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයන් ඇතුලු ධනවතුන් ද ගාලු කොටුවේ නිවාස සහ ඉඩම්වල හිමිකරුවෝය.

2013 වසරට ප්‍රථම විදේශිකයන්ට විදේශ බදු මුදල් ගෙවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ දේපොළ මිලදි ගැනීමේ හැකියාව තිබිණි.

බීබීසී සිංහල සේවය පෞරාණික ගාල්ල කොටුවේ ඉඩම් සහ නිවාස අයිතිය පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් විමසීම් කළේ තොරතුරු දැන ගැනීමේ පනත යොදා ගනිමිනි.

එම අවසරය ප්‍රකාර විදේශිකයින් විසින් ගාලු කො‍ටුවේ පිහිටි ඉඩම් සහ නිවාස මිලදී ගත් බව පැවසෙන නමුත් ගාල්ල දිස්ත්‍රික් ඉඩම් සහ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන විදේශ බදු මුදල් අයකිරිමේ ලේඛනයට අනුව ගාල්ල කො‍ටුව ප්‍රදේශයේ ඉඩම් හෝ නිවාස සඳහා කිසිදු විදේශිකයෙකු එම කාර්යාලයට කිසිදු ගෙවීමක් කර නොමැති බව එම කාර්යාලය බීබීසී සිංහල සේවය කළ විමසීමකදී තහවුරු කළේය.

ගාල්ල කො‍ටුව ප්‍රදේශයේ දැනට නිවාස 276 ක්, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල 24 ක් සහ පාසල් දෙකක් පිහිටා තිබෙන අතර 2006 වසරේ සිට 2017 වසර මැද භාගය දක්වා ව්‍යාපාරික ස්ථාන 111 ක් සිය කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන බව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ අතර 2017 වසර මැද භාගය දක්වා කොටුව ප්‍රදේශය තුළ ගාල්ල මහ නගර සභාවට වරිපනම් ගෙවන්නන් අතර සමාගම් නමින් වරිපනම් ගෙවන්නන් 75 දෙනෙකු සිටින නමුත් විදේශිකයින් නමින් වරිපනම් ගෙවන්නන් ඒ අතර සොයා ගත නොහැකි බව ගාල්ල මහ නගර සභාව බීබීසී සිංහල සේවයට පැවසීය.

ගාලු උරුමය පදනම විසින් 2009 දි නිකුත් කර ඇති සමික්ෂණ වාර්තාවේ ද ගාලු කොටුව තුළ විදේශිකයින් සතු නිවාස සහ ගොඩනැගිලිවල විස්තර සඳහන් කර නොමැත.

ඒ අනුව ගාලු කො‍ටුව තුළ කිසිදු විදේශිකයෙකුට ඉඩම් හෝ නිවාස හිමි වී නැතැයි රජයේ ආයතනවල තිබෙන නිල තොරතුරු අනුව පැහැදිලිව සඳහන් වුවත්, ගාලු කොටුව තුළ විදේශිකයින් සතු සංචාරක නිවාස ඇතුළු බොහෝ ගොඩනැගිලි සහ දේපොළ තිබෙන බව කොටුවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ පවසති. එය සත්‍යයක් නම්, ඔවුන් එම දේපොළ ලබාගෙන තිබෙන්නේ කෙසේ දැයි පැහැදිලි නැත.

දැඩි ලෙස වාණිජකරණයට ලක් වී තිබෙන ගාලු කොටුව තුළ සංචාරක ක්ෂේත්‍රයට අයත් ව්‍යාපාර රැසක් පවතී. සංචාරක හෝටල්, සංචාරක නිවාස (Villa), අත්කම් නිමි ඇඳුම් සහ ආහාර පාන ආදිය අලෙවි කරන ආපන ශාලා බොහොමයක් ගාලු කොටුව තුළ දැකගත හැකිය.

1974 දී පුරා විද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත්කෙරුණු ගාලු කොටුවේ ඓතිහාසික වැදගත්කම හේතුවෙන් 1988 දී යුනෙස්‌කෝ සංවිධානය විසින් එය ලෝක උරුම ස්මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.

ඒ අනුව ගාල්ල කොටුව ලෝක උරුම නගරය තුල පිහිටි සියලුම නිවාස, ගොඩනැගිලි ඇතුළු සමස්ත ප්‍රදේශය පුරා විද්‍යා ස්මාරක වේ. එම ගොඩනැගිලි නවීකරණය කිරිම හෝ නව ඉදිකිරිම සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව යන රාජ්‍ය ආයතනවලින් පූර්ව අවසරයක් ලබාගත යුතුය.

එලෙස අවසර ලැබෙන්නේ ඉහත කී ආයතන විසින් අනුමත කරන සැලසුමකට අනුකූලව පමණි. එවැනි නවීකරණයක දී ගාලු කොටුව තුළ පවතින නිවාස හා ගොඩනැගිලි වල ඉදිරිපස මුල් ස්වරූපය වෙනස් නොවිය යුතු අතර නවීකරණය කරන නිවසක හෝ ගොඩනැගිල්ලක වහලයද ඇතුලුව උස අඩි 33 ක උපරිමයකට යටත් විය යුතුය.

එම කොන්දේසි උල්ලංඝනය කරමින් අනවසරයෙන් සිදු කළ ඉදිකිරීම් 28 කට එරෙහිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩු පවරා ඇති බවත් තවත් එවැනි ඉදිකිරීම් කිහිපයක් සම්බන්ධව ලැබුණු පැමිණිලි මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් එහි ප්‍රකාශිකාවක් බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

http://www.bbc.com

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන් සතුද?
ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන් සතුද?
http://ift.tt/2y9uuIO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_570.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_570.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy