දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සන්ධ්‍යාවේ මිහිරිය - ලන්ඩනියම් හි ගී මන්දාව - 1
Homeප්‍රවෘත්ති

සන්ධ්‍යාවේ මිහිරිය - ලන්ඩනියම් හි ගී මන්දාව - 1

PropellerAds

ඉදින් සංගීතඥ දර්ශනයන්  විසින් පයිතොගෝරසයන් ගණිතය මෙන්ම සංගීතයද හැදෑරු බව අපට කියා දුන්නේය. (පයිතගරස් විසුවේ බුදුන් සමයේ හෝ ක්‍රි පූර්ව  හ...

හිටපු අගවිනිසුරුගේ නඩුවට ජනාධිපති නීතිඥවරු 07 ක්.
ජනාධිපතිගේ වෙබ් අඩවියට ISIS ත්‍රස්‌තයෙක්‌ අතුල වෙලා.
දරුවන් වෙනුවෙන් 'සුරක්ෂා' රක්ෂණාවරණය අදින් ඇරඹේ.
සන්ධ්‍යාවේ මිහිරිය - ලන්ඩනියම් හි ගී මන්දාව - 1
ඉදින් සංගීතඥ දර්ශනයන්  විසින් පයිතොගෝරසයන් ගණිතය මෙන්ම සංගීතයද හැදෑරු බව අපට කියා දුන්නේය. (පයිතගරස් විසුවේ බුදුන් සමයේ හෝ ක්‍රි පූර්ව  හයවෙනි සියවසේය ). ගණිතය උගත් අප දන්නේ පයිතගරස් ප්‍රමේය ගැන පමණය. නමුත් පයිතගරස් සංගීතයෙ හිද  කෙළ පැමිණියෙකි. පස්වන ස්වරය මෙන්ම (මේ ලියන්නේ සංගීතවේදියෙකු නොවන මට තේරෙන විධිහට පමණක් බව කරුණාවෙන් සලකන්න.) පයිතගරස්  සුසරණය හා සප්තකය (පින්තූරය බලන්න -pythagorean tuning and scale) පිළිබඳ හැඳින්වීමක් කළ ඔහු යුරෝපීය පුනරුදය දක්වා අප ගෙන ආවේය. ඔහු චෝදනාවක්ද   කලේ රටවල් තුනකට භාග වශයෙන් හා පූර්ණව යටත්ව සිටියද එම රටවල සංගීත පුනරුදය එනම් සම්භාව්‍ය සංගීතයේ දියුණුව  උකහා ගන්නට ලාංකිකයන් පොදුවේ අසමත් වූ බවයි.
londoniuns 1 
 
එය එසේ වුවද රාවණා කාලයේ සිට (ක්‍රිස්‌තු පූර්ව වසර 5000 - 6000 ක) ඈත අතීතයකට හිමිකම් කිව හැකි සංගීත සාහිත්‍යයක් ලංකාවට උරුම බවද එය  ජන සංගීතයේ විකාශනය අනුව ඔප්පු කල හැකි බවද  සංගීත ඛණ්ඩයන් මගින් දර්ශන රුවන් පහදා දුන්නේය.  මහා රජු රාවණා ගැන  කතාවල් බොහෝවිට උපහාසයට ලක්වන්නේ එයට ඈඳී ඇත්තේ  සැබෑ යයි කීමට සාධක නැති මනඃකල්පිත කථා සාගරයක් බැවිනි. එහෙත් මහාවංශ කාරයා කියන සිංහයෙකු සමග රමණය කිරමෙන් බිහිවූ ජාතියකට වඩා කපු කටින (රෙදි හැඳි)  ශිෂ්ටාචාරයකට උරුම කම් කිවූ කුවේණි වැනි මිනිසුන් සහ ගැහැණුන් ගෙන් ලාංකිකයන්  පැවත ඒ යයි විශ්වාස කිරීමට මම මැලි නොවෙමි. ඒ ශිෂ්ටාචාරයේ සිට පැවත එන ජන සංගීතයක් තිබේ නම් එය පිළි ගැනීමටද මැලි නොවෙමි. දර්ශනගේ කුවේණි ගීතයට සවන් දෙන්න.

 
හය දහස් වසරක් පමණ පැරණි සුමේරියන් මෙසොපොටේමියන්  ශිෂ්ටාචාරයේ සිටත් එලෙසම ජන ගී පැවත  එන බව කී දර්ශන යුරෝපිය ගීතයෙන් පසු අප නූතන සංගීතයේ පරිණාමික නිමේශයට ක්‍රමයෙන් අපත් රැගෙන පැමිණියේ සමහර වැදගත් තැන්  අමතක කර ලමිනි. එහි වැරැද්ද ඔහුගේ නොව ප්‍රසංගය පමාවී පටන් ගැන්මයි. කොපමණ දීර්ඝ ශිෂ්ටාචාරයක් තිබුනද  ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ පමාවී පැමිණීම සේම  ශබ්ද සපයන කණ්ඩායමේ පමාව ද මෙයට හේතු වී ඇත. පමාවී යමක් කිරීමේ ශිෂ්ටාචාරයක් ඒ කාලයේ සිටම පැමිණි ජාතික ලක්ෂණයක් ද කියා විමසීමත් වටී.
 
රුක්මනි දේවියගේ සිට සුනිල් ශාන්තට කළ ජාතික  මට්ටමේ කෙනෙහිලි දක්වා පැමිණි ඔහු අමරදේවයන් ගේ බලපෑම සහ ඉන්පසු හැත්තෑවේ දශකයේ සංගීතයේ පිබිදීමත්  එයට එදවස සෝවියට් සංගීත සාහිත්‍යයේ බලපෑමත්  පහදා දුනි.  සංගීතඥ දර්ශනයන් විවෘත ආර්ථිකයෙන් පසු බටහිර සහ පෙරදිග නාද  රටා  සංකලනයෙන් මතුවූ අපුර්ව සංගීතයක් ක්ලැරන්ස් විජේවර්ධන ආදීන්ගේ ගීත තුලින් ඉස්මතු වූ බව පෙන්විය. ඇත්ත වශයෙන්ම කාලය මද වීම නොවන්නට තවත් පැයක් හමාරක්  අසා  සිටින්නට තරම් ඔහුගේ විස්තරය මන බඳින, දැනුම වඩන පුළුල් පරාසයකින් සමන්විත වුවක් විය.  ඒ අතර වාදනය කරන සංගීත ඛණ්ඩයන්ගෙන් සභාවේ මන පිනවීමට ඔහු සමත් විය.
 
සංගීතඥ දර්ශන දිසානායකයන් විසින් නිමැවූ  ගී අතර තමිලිනී වෙනුවෙන් දෙමළ  සහ සිංහල බසින් ගැයූ ගීතය සහ ඔහු විසින් සම්පාදිත සංගීතය ප්‍රබලය.

 
ඔහුගේ දහසකුත් එකක් ගීත සහ වාදන  අතරේ කුඩා දරුවෙකු වෙනුවෙන් ගැයූ මේ ගීතය සුවිශේෂී එකකි. මේ දරුවා ජිවත්ව ඇත්තේ පොළොන්නරුව රොටාවැව ප්‍රදේශයේය. ඔහුගේ මව පියා  අතහැර දමා තම සිඟිති පුතුද රැගෙන අනියම් සැමියා කරා ගියාය.  සිඟිත්තාගේ පියා ඔහු සෙවූ නමුත් හමු වුයේ නැත. අනියම් සැමියා හෙවත් බාප්පා දරුවා රිස්සුවේ නැත. ඔහු සහ මව සිඟිති දරුවාට දිනපතාම පහර දුන්හ. ගැමියන් විටින් විට මේ ගැන දොස් පවරා  තිබුණි.  එහෙත් කවුරුත් දරුවා බේරා ගත්තේ නැත.
 
එක් දෛවෝපගත දිනෙක දරුවාට පහර දුන් මව ඔහුගේ හිස දෙතුන් වතාවක් ගසක වැද්දූ  නිසා දරුවා සිහිසුන් විය. ගැමියන් දරුවා රෝහලට රැගෙන  ගිය මුත් ඔහු අවසන් සුසුම් හෙලීය. දරුවාගේ පියාට සිඟිත්තා  මුණ ගැසුනුයේ මෘත ශරීරාගාරය තුලදීය.  ඔහුගේ දෙඇස් අග කඳුලක් මිදී තිබුණි. මේ සංවේදී සිද්ධිය ඉතා හැඟීම්බරව  දර්ශනයන් විසින් විස්තර කරද්දී ප්‍රේක්ෂක නෙත් වල කඳුළු පිරෙන්නට ඇත. මේ ගීතය මහා කවි රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවෙන්නේ දර්ශනයන් ගේ සංගීතයෙන් අමරණීය වී ගැයෙන්නේ  ඒ අහිංසක දරුවා වෙනුවෙනි.  අහන්න ගීතයක් ඔබේ හදවතට ආමන්ත්‍රණය කරන අයුරු. (ගායනය දුමාල් වර්ණකුලසූරිය)

 
මේ ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ තත්වයන් තුල එක දරුවෙකුගේ ඛේදවාචකයකි. යථාර්තය ඔබට සමීප කරන්නට කලාකරුවකුගේ සාතිශය වැදගත් කාර්යභාරය වැටහෙන්නට මෙයම ඇති.
 
මේ සමග ලිවිය යුතු වන්නේ මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේ එක අරමුණක් නම් රූරි නමැති පදනමට ආධාර පිණිසය යන්න.   එංගලන්තයේ මිල්ටන් කීන්ස් නගරයේ සහ බම්බලපිටියේ මුලස්ථානයන් පිහිටුවා ඇති මේ පදනමේ  සුවිශේෂී කාර්යයක් වන්නේ අතවර වලට පත් ළමුන්ට හා වැඩිහිටියන්ට සායන පවත්වා ඔවුන් පුනරුත්ථාපනය කිරීමයි.  සභාවට ආයාචනයක් කළ එහි සම ප්‍රාරම්භක සුමුදු එදිරිසිංහ මහත්මිය අතවර නිසා ඉපදුනු ළමුන් සමුහයක් බැලීමට සිය දෙමාපියන් සමග ගිය අවස්ථාවන් සිහිපත් කරමින් පැවසුයේ අති විශාල සංඛ්‍යාවක් ළමුන් ශ්‍රී ලංකාවේ අතවර,  වධ හිංසාවන්ට පාත්‍ර  වන බවයි . වසර 2014 දී මෙය සංඛ්‍යාත්මකව 10315 කි. 
 
සන්ථව නම්වූ තරුණ කැලගේ සංවිධානයෙන් පැවැත්වූ ප්‍රසංගය වනාහි  බොහෝ කලකට පසු ලන්ඩනයේ දුටු සුවිශේෂිම වූ  සංගීත සන්ධ්‍යාවක්  බව සිතමි. එය එසේ වූයේ ප්‍රතිහස්ත සංගීතඥ දර්ශන රුවන් දිසානායකයන් නිසා පමණක්ම නොවේ. එදින ඒ සුයාමයට සිය ප්‍රතිභාවෙන් එක්වූ මා අග්‍ර ගණයක ලා සළකන ප්‍රවීණ ගීත රචක, කර්තෘ රත්න ශ්‍රී විජේසිංහයන්  ද නිසාවෙනි. ඔහුගේ සහභාගිත්වය ඊළඟ ලිපියකින් දක්වමි.
londoniuns 2 
ගී මන්දාව කණ්ඩායම 
 
THE PYTHAGOREAN SCALE
 
රූරි පදනම 
 
~ මතු සම්බන්ධයි.
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සන්ධ්‍යාවේ මිහිරිය - ලන්ඩනියම් හි ගී මන්දාව - 1
සන්ධ්‍යාවේ මිහිරිය - ලන්ඩනියම් හි ගී මන්දාව - 1
http://ift.tt/2gKUVKJ
https://i.ytimg.com/vi/az7AM92terM/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/1_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/1_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy