ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වෙන ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනිමේ විවෘත තරඟ විභාගය ඊයේ දිනයේ පැවැත්විණ. එහි අභියෝග්‍යතාවය ප්‍රශ්න පත්‍රයේ ප...
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වෙන ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනිමේ විවෘත තරඟ විභාගය ඊයේ දිනයේ පැවැත්විණ. එහි අභියෝග්‍යතාවය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 15ක් කිසිදු අකුරක් හෝ වෙනස් නොවී විභාගය පවත්වා පැයකට පසුව සමාජ ජාලා වෙත මුදා හැරීමට මඩකලපුව ප්‍රදේශයේ සේවය කරන දමිල මාධ්‍ය ගුරුවරයෙකු ක්‍රියාකොට තිබේ.
මෙමගින් සිංහල මාධ්‍යයෙන් විභාගයට එක්වූ අපේක්ෂකයින්ට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවට විභාග අපේක්ෂකයින් චෝදනා කරයි. අප මේ සම්බන්ධයෙන් අදාල ගුරුවරයාගෙන් විමසා සිටියදී ඔහු ප්‍රකාශ කලේ තමන් පරිශීලනය කල දමිල මාධ්‍ය කෘතියක මෙම ප්‍රශ්න 15ව ගැබ්ව තිබූ බවයි.
ඔහුගේ ප්‍රකාශයත් සමග අපට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි ඇතිවන්නේ ගැටළුවක්. අදාල ගුරුවරයා ප්‍රකාශ කලේ සත්‍ය නම් විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවී තිබේ යන්න එක සැකයක්, එසේ නොවේනම් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර සකසන්නන් මෙම පොත් මූලාශ්‍රයක් කොටගෙන ප්‍රශ්න සකසා තිබේ.
කෙසේහෝ වේවා මේ සිදුවීම නිසා බරපතලම අසාධාරණයට ලක්වන්නේ විභාගට මුහුණදුන් සිංහල අපේක්ෂකයින් බව නැවත වරක් අවධාරණය කරමු.
කලින් පිටවූ ප්‍රශ්න හා එම ප්‍රශ්න ඇතුලත්ව තිබූ දමිළ කෘතිය,
මඩකලපුවේ පදිංචි ද්‍රවිඩ ගුරුවරයෙකු විභාගය පවත්වා පැයකට පසුව සිය ෆේස්බුක් ගිණුමට දැමූ සටහන,
(http://ift.tt/2xtqS1D)
COMMENTS