රටේ සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු බවත්, ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ද ...
රටේ සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු බවත්, ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ද මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්‌ඨාස ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
ජනාධිපතිවරයා එසේ පැවැසුවේ උතුරුමැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් සමඟ පෙරේදා (16 වැනිදා) පස්‌වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති හමුවේදීය.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්‌තිමත් කරමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සහ දැනට පළාත් සභා තුළ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දක්‌වමින් ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ රටේ පවතින මෙම මනාප දේශපාලන ක්‍රමය තුළ දේශපාලනඥයන්ට රට ගැන සිතීමට පෙර තම පෞද්ගලික දේශපාලන ජයග්‍රහණයන් වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවන බවත් ඒ තුළ රටේ ජනතාව බලාපොරොත්තු වන ජයග්‍රහණයන් රට වෙනුවෙන් ලබාදීමට නොහැකිවී ඇති බවත්ය. ආණ්‌ඩුව තුළ සිටින ආණ්‌ඩුවට සහාය පළ කරන ඇතැම් පාර්ශ්ව විරුද්ධ වුවද තම මූලිකත්වය මත මනාප ක්‍රමය වෙනුවට කොට්‌ඨාස ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට හැකිවීම පක්‍ෂ භේදයකින් තොරව රටේ සෑම ජනතාවකටම හිමිකරදුන් ජයග්‍රහණයක් ලෙස තමන් සලකන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
2015 පැවැති ජනාධිපතිවරණයේදී තමා විසින් ජනතාව වෙනුවෙන් ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වන මෙම මනාප ඡන්ද ක්‍රමය වෙනස්‌කර ඒ වෙනුවට කොට්‌ඨාස ක්‍රමය ශ්‍රී ලාංකීය දේශපාලන ක්‍ෂේත්‍රය තුළ ඇති කිරීම තුළින් රටේ සමස්‌ත ජනතාව වෙනුවෙන් නව දේශපාලන සංස්‌කෘතියක් බිහි කිරීම සඳහා තමන් ඉදිරියේදී සියලු කටයුතු සිදුකරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
උතුරු මැද ශ්‍රීලනිප ආසන සංවිධායක තනතුරුවල වෙනසක්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස කටයුතු කළ හේරත් බණ්ඩා මහතා එහි ප්‍රධාන සංවිධායක ලෙස පත් කර තිබේ.
එමෙන්ම කැකිරාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස කටයුතු කළ රෝහණ ජයකොඩි මහතා එහි ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස චමින්ද ප්‍රදීප් රත්නායක මහතා පත් කර ඇත. ඔවුහු පෙරේදා (16) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
COMMENTS