දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිර්මලී තේනුවරව මාරු කරන ලෙස ඉල්ලීමක්
Homeප්‍රවෘත්ති

වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිර්මලී තේනුවරව මාරු කරන ලෙස ඉල්ලීමක්

PropellerAds

  බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ සිරකරුවකු බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසුව මුලින්ම ඔහුට සිරකරු අංකයක් ලබාදිය යුතු අතර ඉන් පසුව ඡායාරූප...

මුස්ලිම් මන්ත‍්‍රිලාගේ ඇමති ධුර සාකච්චාව උණුසුම් වෙයි !
ක‍්‍රිකට් ආයතනයෙන් අසන්ත ද මෙල් ට අවවාදාත්මක ලිපියක් !
rauff hakeem
වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිර්මලී තේනුවරව මාරු කරන ලෙස ඉල්ලීමක්

 

බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ සිරකරුවකු බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසුව මුලින්ම ඔහුට සිරකරු අංකයක් ලබාදිය යුතු අතර ඉන් පසුව ඡායාරූපයක් ගත යුතුය. වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය භාර වෛද්‍යවරයා වෙත යොමු කෙරෙන්නේ ඉන් අනතුරුවය. එහෙත් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට බන්ධනාගාරයට රැගෙන පැමිණි වහාම සිරකරු අංක නිකුත් කිරීමටත් පෙර වෛද්‍ය නිර්මලී තේනුවර ඔවුන්ව හමුවී ඇති අතර කාර්ය භාර වෛද්‍ය වරයා වෙත යොමු කිරීමට පෙර ඇය විසින් ම ඔවුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සඳහා ටිකට් පත් ලියා දී ඇත. මෙය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කිරීමක් වන අතර මෙවැන්නක් සිදුවිය හැක්කේ මරණාසන්න රෝගියකු සම්බන්ධයෙන් පමණක් විය හැකි බවත් බන්ධනාගාර ඉතිහාසයේ මින් පෙර මෙවැන්නක් සිදුවී නොමැති බවත් එම ලිපියෙන් පෙන්වා දෙයි. 

එසේම මෙම ක්‍රියාවලිය බාහිර පුද්ගලයින්ට අනාවරණය වීම හේතුවෙන් මතු වූ විරෝධය නිසා ලලිත් සහ අනූෂව එදින රාත්‍රියේ ම (7) බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නොහැකි වී තිබේ. එහෙත් ඔවුන් දෙදෙනා පැමිණෙන තෙක් වෛද්‍ය නිර්මලී රාත්‍රී 9.00 වන තුරු බන්ධනාගාර රෝහලේ රැඳී සිට ඇත. පසුදින (8) උදෑසන නියමිත වෙලාවටත් පෙර සේවයට වාර්තා කර ඇති ඇය හැකි ඉක්මනින් අංක V18069 සහ V18068 යන අංක දරණ පෙර කී සිරකරුවන් දෙදෙනා බන්ධනාගාර රෝහලට අංක 7401 සහ 7402 යටතේ ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. මෙය දූෂිත ක්‍රියාවලියක් බවත් කාර්ය පටිපාටි උල්ලංඝනය කිරීමක් බවත් එම ලිපියෙන් අවධාරණය කෙරෙයි. 

මේ සම්බන්ධව පැමිණිලි කිරීමෙන් අනතුරුව බන්ධනාගාර අමාත්‍යවරයා විසින් සිරකරුවෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සඳහා වෛද්‍යවරුන් තිදෙනෙකුගේ නිර්දේශය අවශ්‍ය බවට නව නියෝග පැනෙව්වද වෛද්‍ය නිර්මලී, වෛද්‍ය ටිරානි සහ වෛද්‍ය සුජීවා යන අය එක්ව දැන් එම නියෝගය ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට ඒ සඳහා නිර්දේශ ලබා දෙන්නේ වෛද්‍ය වෛද්‍ය වරුණ ජයතිලක බවත් මේ සිව්දෙනාගේ කණ්ඩායම බන්ධනාගාර රෝහල තුළ පෙර පැවති ක්‍රියාකාරම් සුපුරුදු ලෙසම කරගෙන යන බවත් අදාල ලිපියෙහි සඳහන් ය. 

වෛද්‍ය නිර්මලී තේනුවර 2017 වසරේ කොළඹ මහ රෝහලෙහි සේවය සඳහා ස්ථාන මාරුවීමක් ලබා ඇතත් එය ක්‍රියාත්මක වීම වළක්වාගෙන සිටින්නේ වෘත්තීය සමිතියක සහ සයිටම් ආයතනයට සම්බන්ධ නිලධාරියකුගේ බලපෑමෙන් බව පෙන්වා දෙන ලිපියෙන් වෛද්‍ය නිර්මලීට දිස්ක්‍රික් රෝහලක කාර්ය භාර නිලධාරී තනතුර දැරීම සඳහා සුදුසුකම් නොමැති බවත් පෙන්වා දෙන අතර බන්ධනාගාර රෝහල සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් මීට මාස 3කට පෙර පවත්වනු ලැබූ පරීක්ෂණය පිළිබඳව ද සිහිපත් කෙරෙයි. 

එහෙයින් ඉහත කී කරුණු සියල්ලම සලකා බලා වෛද්‍ය නිර්මලි තේනුවරට කොළඹ මහ රෝහල වෙත ලැබී ඇති ස්ථාන මාරුව වහා ක්‍රියාත්මක කරන ලෙසත් දිස්ක්‍රික් රෝහලක කාර්ය භාර නිලධාරී තනතුර දැරීම සඳහා සුදුසුකම් ඇති අයකු පමණක් බන්ධනාගාර රෝහලේ ප්‍රධානියා ලෙස පත් කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා සිටී. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, බන්ධනාගාර හෙද නිලධාරී සංගමයේ හිටපු ලේකම් මහින්ද කෝදාගොඩ, බන්ධනාගාර රැඳෙවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා, නීතීඥ උදුල් ප්‍රේමරත්න, කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන්, නීතීඥ නාමල් රාජපක්ෂ සහ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල යන අයගේ අත්සනින් ලිපිය නිකුත් කෙරී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිර්මලී තේනුවරව මාරු කරන ලෙස ඉල්ලීමක්
වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිර්මලී තේනුවරව මාරු කරන ලෙස ඉල්ලීමක්
http://ift.tt/2xqhj6z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_745.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_745.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy