දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'උමා ඔය ව්‍යාපෘතිය මගේ නෙමයි, අනුර කුමාරගේ' - මහින්ද.
Homeප්‍රවෘත්ති

'උමා ඔය ව්‍යාපෘතිය මගේ නෙමයි, අනුර කුමාරගේ' - මහින්ද.

PropellerAds

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් සිදු ඇති හානිවලට වග කිවයුත්තේ තමන් හා පසුගිය ආණ්ඩුව බවට එල්ලවන චෝදනාවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ...

මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ඇමතිගෙන් ලිපියක්
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි - බිමල්
තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් හාරදහසක් වඳ කළ බව කියන සිදුවීම ගැන CID පරීක්ෂණයක් - (video)

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් සිදු ඇති හානිවලට වග කිවයුත්තේ තමන් හා පසුගිය ආණ්ඩුව බවට එල්ලවන චෝදනාවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (28) පිළිතුරු ලබා දුන්නා. ඒ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

උමා ඔය ව්‍යාපාතියෙන් ගැටලූ මතු වූ පසු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන්, යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් හා ඔවුන්ට පක්ෂපාත පිරිස් එම ගැටලූ සියල්ලටම වග කිව යුත්තේ තමන් සහ පසුගිය ආණ්ඩුව බවට ප‍්‍රචාරයක් ගෙන යන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එහෙත් 2001 - 2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේදී උමා ඔය ව්‍යාපෘතිය ඉහල ප‍්‍රමුඛතාවකින් යුතු ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. 

අදාල ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණේ 2005 වසරේ ජනවාරි 26 වනදා බවත්, ඒ එකළ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූ අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවක් අනුසාරයෙන් බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. 

උමා ඔය ව්‍යාපෘතියේ අඩුපාඩු සිදුව ඇත්තේ ව්‍යාපෘති උපදේශකවරුන්ගෙන් නිවැරදි උපදෙස් නොලැබීම හේතුවෙන් යැයි තමන්ට දැනගන්නට ලැබී ඇති බවද එම නිවේදනයේ සඳහන්. 

ව්‍යාපෘතියේ උමං මාර්ගයේ මුලින්ම ජල කාන්දුවක් සිදුව ඇත්තේ 2014 දෙසැම්බර් 24වනදා වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට දින කිහිපයකට පෙර බවද එහි දැක්වෙනවා. කලට වේලාවට අවශ්‍ය පියවර ගනු ලැබුවේ නම් එමගින් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට හැකියාව තිබූ බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'උමා ඔය ව්‍යාපෘතිය මගේ නෙමයි, අනුර කුමාරගේ' - මහින්ද.
'උමා ඔය ව්‍යාපෘතිය මගේ නෙමයි, අනුර කුමාරගේ' - මහින්ද.
http://ift.tt/2yJw5m8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_666.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_666.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy