ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි පක්ෂ නායක රැස...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි පක්ෂ නායක රැස්වීමකට මෙම යෝජනාව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
තරඟ පරාජය වීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ට චෝදනා එල්ල කිරීමෙන් ඵලක් නොවන බවත් ක්‍රිකට් පරිපාලනය ඊට සෘජුවම වගකිවයුතු බවත් ඒ මහතා කොලඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ ශෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා සඳහන් කළේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුලු ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නයි රජයෙන් ඉල්ලා සිටින බවයි.
ක්‍රිකට් ක්‍රීඩාවද සූදූ ක්‍රීඩාවක් ලෙස පවත්වාගෙන යාම නිසා තරඟ පරාජයන් සිදුවන බවට සැකයක් ඇතිවන බවද හෙතෙම පවසා සිටියේය.
COMMENTS