දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුදුන් අද සිටියා නම් රොහින්ගියානුවන්ට පිහිට වෙනවා!- දලයි ලාමා පවසති.
Homeප්‍රවෘත්ති

බුදුන් අද සිටියා නම් රොහින්ගියානුවන්ට පිහිට වෙනවා!- දලයි ලාමා පවසති.

PropellerAds

මියැන්මාර ජනගහනයෙන් 90%කට ආසන්න සංඛ්‍යාවක් බෞද්ධාගමිකයන් ය.  දකුණු ඉන්දියාවේදී මාධ්‍යවේදීන් අමතමින් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා ව...

ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපති කියයි
හිමිවරු දෙදෙනෙක් පඩුකරද ගස සොයාගනිති… බැකෝවෙන් වැසූ වලක් උදැල්ලෙන් හාරති!
ඕස්ට්‍රේලියාවේ ලෙඩෙක් ගෙනියන්න ගිලන් රථ දෙකක් එනවා.. එකක කැඩුනොත් අනිත් එකේ ගෙනියනවා - අනුර දිසානායක
බුදුන් අද සිටියා නම් රොහින්ගියානුවන්ට පිහිට වෙනවා!- දලයි ලාමා පවසති.

මියැන්මාර ජනගහනයෙන් 90%කට ආසන්න සංඛ්‍යාවක් බෞද්ධාගමිකයන් ය. 

දකුණු ඉන්දියාවේදී මාධ්‍යවේදීන් අමතමින් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේ ඉල්ලීමක් කළේ මියැන්මාරයට ‘බුදුන් දෙසූ මග යන ලෙස’ යි. “ඔවුන් මතක තබාගත යුතුයි මෙවැනි අවස්ථාවලදී බුදුන් වහන්සේ සිටියා නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම අසරණ (රොහින්ගියා) මුස්ලිම්වරුන්ට සරණ වෙනවා. ඒ නිසා මේ තත්වය අතිශයින්ම, අතිශයින්ම කණගාටුදායකයි. රොහින්ගියා හිංසනය නතර කළ යුත්තේ මියැන්මාර බෞද්ධයන්” යනුවෙන් එහිදී උන්වහන්සේ පැවසූහ.

මියැන්මාර රොහින්ගියානුවන් මේ වන විට සැලකෙන්නේ ලෝකයේ වඩාත්ම හිංසාකාරී සැලකීමට පාත්‍රවූ ජනතාවක් වශයෙනි. පරම්පරා ගණනාවක් එරට ජීවත් වුවද ඔවුන්ට පුරවැසි භාවය ලබා නොදෙයි. මේ අනුව මියැන්මාර නීති සාධකයන් විසින්ම ඔවුන් ‘රටක් නැති ජනතාවක්’ බවට පත් කර තිබේ.

 මියැන්මාරයේ ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස සිය හඬ නංවන නවතම අන්තර්ජාතික නායකයා බවට මේ අනුව දලයි ලාමා වහන්සේ පත්වෙයි. 

පසුගිය සිකුරාදා අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ” සිය නිල ට්විටර් ගිණුම හරහා මියැන්මාර නායිකා අවුන් සාන් සුකී වෙත විවෘත ලිපියක් ඉදිරිපත් කරමින් කියා තිබුණේ “ඔබේ රටේ  මුස්ලිම් සුළුතරය වන රොහින්ගියානුවන්ගේ ඉරණම පිළිබඳ ගැඹුරු සංවේගයෙන් යුතුව මම මහජන ගැටළු පිළිබඳ කතා නොකිරීමේ මගේ නිහඬතා ප්‍රතිපත්තිය බිඳ දමමි”යනුවෙනි. රොහින්ගියානුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ව්‍යාපාරය ‘මන්දගාමී සංහාරයක්’ බව ද ඩෙස්මන්ඩ් ටුටූ පවසයි. 

පසුගිය සතියේ නොබෙල් සම්මානලාභී මලාලා යුසුෆ් මේ ගැටලුව සම්බන්ධයෙන් ට්විටර් ගිණුම හරහා සිය හඬ අවදි කර තිබුණේ “ලෝකයම ඔබ දෙස බලා සිටියි” යනුවෙනි.

අවුන් සාන් සුකී හට පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගය ආපසු ගත යුතු බවට ද මේ වන විට ජාත්‍යන්තරයෙන් දැඩි හඬක් නැගෙමින් තිබේ.

 කෙසේ නමුත් මේ සියලු ජාත්‍යන්තර පීඩනයන් හමුවේ මියැන්මාරයේ ඩී ෆැක්ටෝ ස්ටේට් කවුන්සලර්වරිය හෙවත් නායිකාව වන අවුන් සාන් සුකී තවදුරටත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි? එය වෙනම විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.

- අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුදුන් අද සිටියා නම් රොහින්ගියානුවන්ට පිහිට වෙනවා!- දලයි ලාමා පවසති.
බුදුන් අද සිටියා නම් රොහින්ගියානුවන්ට පිහිට වෙනවා!- දලයි ලාමා පවසති.
http://ift.tt/2x0eHuT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_343.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_343.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy