දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු 'කට්' කරන හැටි මෙන්න...
පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ය
Homeප්‍රවෘත්ති

අපේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු 'කට්' කරන හැටි මෙන්න...

PropellerAds

පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ය පසුගිය මැයි - ජුලි කාර්තුවේ පැවති ...

15 හැවිරිදි දැරිය අපයෝජනය ගැන වැඩිදුර කතා කිරීම නඩුවට අවාසියක් විය හැකියි - ඇමති කෙහෙළිය
බැසිල් තාම දිවුරුම් දීලා සතියයි. දරුවෙක් ලැබෙන්නත් මාස නවයක් යනවා - ඇමති ප්‍රසන්න
කොළඹ ප‍්‍රධාන රෝහලකින් හොර PCR සහතික.. චීනයෙන් තහනම් කරයි

පසුගිය මැයි - ජුලි කාර්තුවේ පැවති පාර්ලිමේන්තු සැසිවාර 21 ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙකු සහභාගි වී තිබෙන්නේ සැසිවාර පහකට අඩු සංඛ්‍යාවකට බව අනාවරණය වී තිබේ.

ඒ බව අනාවරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කටයුතු කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණ ඉදිරිපත්කරන manthri. lk වෙබ් අඩවිය විසිනි.

ජනතාවගේ දැනගැනීම පිණිස පාර්ලිමේන්තු සැසිවාරවලට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කෙරේ.

ඒ අනුව සිය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද සහ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවලට සහභාගි වන්නේද යන්න පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින් දැන ගත හැකිය.

මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාර 21ටම සහභාගි වී තිබේ.

අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා :

අදාළ කාලවකවානුවේ පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ය. ඔහු සහභාගි වී තිබෙන්නේ පාර්ලිමේන්තු සැසිවාර 21න් එකකට පමණි.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු සහභාගි වී තිබෙන්නේ සැසිවාර දෙකකට පමණය. රත්නපුර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහභාගි වී තිබෙන්නේ ද සැසිවාර දෙකකට පමණි.

මන්ත්‍රීවරුන්ට ලබා දෙන දීමනා



වතුකරයේ නායකයකු සහ කැබිනට් ඇමතිවරයෙකු වන කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් සහභාගි වී තිබෙන්නේ සැසිවාර 4කට පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සැසිවාර හතරකට සහභාගි වී ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වී තිබෙන්නේ සැසිවාර 21න් හතරකට පමණි.

පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පැමිණීම දිරිමත් කිරීම සඳහා මේ වසර මුල එතෙක් රුපියල් 500ක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ දිමනාව රුපියල් 2500ක් දක්වා ඉහළ දැමිණි.

'පළමු පැය ඇතුළත පමණයි'

මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාරවලින් 25%-50%ත් අතර සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 43ක් වන අතර, 51%-75%ක් අතර පැමිණීම සටහන් කරගත් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 74කි.

පැමිණීම 76%-90%ත් අතර සටහන් වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 90කි. සියලු සැසිවාර වලට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ ගණන 21ක් වන අතර ඊට කතානායක කරු ජයසූරිය ද ඇතුළත්වේ.

මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය



මෙලෙස පාර්ලිමේන්තුවට සහභාගිවන මන්ත්‍රීවරුන් පවා බොහෝදුරට පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ පළමු පැය ඇතුළත පමණක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

"මළගෙවල් සහ මගුල් ගෙවල්වලට යාමට" ප්‍රමුඛත්වය ලබා දෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවිය යුතු බව වරක් පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කෝප් ඇතුළු පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්‌වීම් රැසක්‌ මේ වන විට පවත්වා ඇතත් ඒ එකදු රැස්‌වීමකට හෝ සහභාගි නොවූ සාමාජික මන්ත්‍රීවරුන් සිටින බව කනගාටුවෙන් හෝ කිව යුතුව ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා පසුගියදා උත්සවයකට එක්වෙමින් කියා සිටියේය.

(බීබීසී සිංහල සේවය)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු 'කට්' කරන හැටි මෙන්න...
අපේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු 'කට්' කරන හැටි මෙන්න...
http://ift.tt/2ezJZ1j
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_270.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_270.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy