මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළබඳ අ...
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළබඳ අමාත්‍ය පී.හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, අනුරාධපුර දිස්ත්‍රික්යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුලු පළාත් පාලන නියෝජිතයින් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණේ කලාවැව එජාප ආසන සංවිධායක, උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක විසිනි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැමිණීමට මොහොතකට පෙර පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා සමග අගමැතිවරයා පිළිගැනීමට මැති ඇමතිවරුන් කතා බහ කරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂයට වසර ගණනාවක් සිය දහඩිය කදුළු වගුරා පක්ෂය රැක ගත්ත ද අද වන විට සිදු වී ඇති තත්ත්වය පිළබඳව කියමින් ඔවුන් ඉතා ආවේගශීලීව හා උනුසුම් ලෙස වචන හුවමාරු කරගත් ආකාරයක් ද දක්නට ලැබිණි. අවසානයේ ඔවුන් එක්සත් ජාතික පක්ෂයට ම පවා බැණ වදිමින් බිම් මට්ටමේ තත්තවය පෙන්වා දෙන අයුරු දැකගත හැකිවිය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ක්‍රියාකාරීන් අමතමින් ප්‍රකාශ කළේ වර්තමානය වන විට මධ්‍යම ආණ්ඩුවට පමණක් බලය ලබා ගෙන එක්සත් ජාතික පක්ෂයට ඉදිරි ගමනක් යා නොහැකි බවත්, ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ක්‍රියා කිරීමේ දී වඩාත් ජනප්‍රිය පුද්ගලයන් තෝරාගෙන ඔවුන් මැතිවරණ සදහා ඉදිරිපත් කිරීමට මේ අවස්ථාවේ කටයුතු කළ යුතු බවත්ය. ඒ සදහා පක්ෂයේ සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද ඔහු විසින් පෙන්වා දෙන ලදී.
විශේෂයෙන්ම ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒකීයභාවය දියාරු වීමට ඉඩ නොදී කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා විසින් අවධාරණය කෙරුණු අතර යුනිවර්සල් යන වචනය පිළිබද පැහැදිළි නිර්වචනයක් සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සදහා වන වැඩපිළිවෙළ පිළිබදව ද පැහැදිළි කරන ලදී.
- ඉදුනිල් කැළුම් ජයවීර
COMMENTS