දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල් ඇතුළු 6කට එරෙහි නඩුව සලකා බලයි.
Homeප්‍රවෘත්ති

නාමල් ඇතුළු 6කට එරෙහි නඩුව සලකා බලයි.

PropellerAds

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍...

ගෝඨා ගත් තීන්දුවෙන් වැරදුණ තැන ගැන මහාචාර්යවරුන්ගෙන් අනාවරණයක්!
දුම්රිය වැසිකිලියේ දරුවා අරගලයේ කූඩාරම් පෙමක ප‍්‍රතිඵලයක් - කහදගම
නීතීඥවරුන්ගේ උත්සවයට ආ මහබැංකු අධිපතිගෙන් නීතීඥවරුන්ටම ප්‍රහාරයක්! වෘත්තිකයෝ පාරට බහින්නේ ඔවුන්ට බදු බර දැනෙන නිසා! නීතීඥයන් දන්නවා බදු මගහරින විදිහ! ඒ නිසා නීතීඥවරු විරෝධතාවල නෑ! (VIDEO)

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව එහි විත්තිකරුවන් දෙදෙනකු නොමැතිව විභාග කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට කොළඹ මහාධිකරණය ඊයේ (31) තීරණය කෙළේය.

ඒ අනුව දැනට අධිකරණය මගහැර විදේශගතවී ඇති බව කියන ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඔරනෙලා ඉරේෂා සිල්වා යන විත්තිකරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවේ නොමැති බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නීතිපතිවරයාට නියම කෙළේය.

එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව මෙම නඩුව විභාගයට ගන්නා ලෙස රජයේ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස නියෝග කෙළේය.

ඊයේ (31) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙහි විත්තිකරුවන්‍ වන නාමල් රාජපක්ෂ සහ නිත්‍යා සේනානි සමරනායක යන අයට රුසියාවේදී පැවැත්වෙන 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය සමුළුවට ලබන ඔක්තෝබර් 14 සිට 21 දින තෙක් සහභාගීවීමට ආරාධනා ලැබී ඇති බැවින් ඒ සඳහා අවසර දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

2013 ඔක්තෝබර් මස 01 දින සහ 2014 අගෝස්තු මස 31 අතර කාලයේදී කොළඹදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්වී රුපියල් මිලියන තිහක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරැදි සිදුකිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරනෙලා ඉරේෂා සිල්වා සහ සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විස් (පුද්ගලික) සමාගම මෙහි විත්තිකරුවෝ වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගෙන ඇති බව චෝදනාවෙහි දැක්වේ.

නඩුව නැවත කැඳවීම සැප්තැම්බර් මස 18 වැනිදා සිදුකිරීමට නියම කෙරිණි.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ඇතුළු නීතිඥ මඬුල්ලක් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හංස අබේරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් ඇතුළු 6කට එරෙහි නඩුව සලකා බලයි.
නාමල් ඇතුළු 6කට එරෙහි නඩුව සලකා බලයි.
http://ift.tt/2etEOUn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy