වර්තමාන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අමාත්‍යවරයා වෙත ලි...
වර්තමාන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මත්ද්‍රව්‍ය
සිද්ධියට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වී තමා නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස
නම් කර නියෝගයක් ලැබෙන තුරු මෙලෙස තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය තමන් ඇතුළු සිව් දෙනෙකු ගමන් කළ ජිප් රථයේ මත්ද්‍රව්‍ය තිබූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පදනම් කරගෙන දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන තත්ත්වයක් දක්නට ලැබෙන බව ද ඔහු එහි සදහන් කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පළමු සැකකරු හැර තමන් ඇතුළු 3 දෙනෙකු ඊට සම්බන්ධ නැතැයි පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බවත්, ඒ අනුව ඇප හිමි වූ බවත්, අදාළ ලිපියේ තවදුරටත් සඳහන්.

COMMENTS