ශ්‍රී ලංකාවේ තහනමට ලක්කෙරුණු ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහ වෙනත් නම්වලින් යළි ආරම්භ කිරීමේ සූදානමක් ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. අ...
ශ්‍රී ලංකාවේ තහනමට ලක්කෙරුණු ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහ වෙනත් නම්වලින් යළි ආරම්භ කිරීමේ සූදානමක් ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. අලුතින් ආරම්භ කිරීමට යන මෙම සංවිධාන ලියාපදිංචි නොකර රහසිගතව පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇතැයි ද අනාවරණය වී තිබේ.
විදෙස්ගත ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන මගින් සුබසාධන කටයුතු කරගෙන යන මුවාවෙන් යළි මෙම සංවිධාන ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ තවත් දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන හයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රාජා ගුණරත්න ‘අරුණ’ට පැවසීය.
එම විමර්ශනවලට අදාළ සියලු තොරතුරු තම ආයතනය මගින් පසුගියදා ලබාගත් බවද හෙතෙම සඳහන් කළේය. මීට පෙර එවැනි සංවිධාන තිස් දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඉන් සංවිධාන 11 ක් ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ යැයි අනාවරණය වීම හේතුවෙන් පසුගියදා එම සංවිධාන තහනම් කෙරිණි.
එමෙන්ම ඉතිරි සංවිධාන විසි හත සම්බන්ධයෙන් ද තවමත් පරීක්ෂණ සිදුකරන අතර අලුතින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති සංවිධාන හයම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ඒවා බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මෙම සංවිධාන සියල්ලම ලියාපදිංචිය සිදුකර ඇත්තේ ආගමික, පරිසර, සමාජීය, සෞඛ්‍ය යන පරමාර්ථවලින් වූවත් ඒවා මුවාවෙන් සිදුකර ඇත්තේ ආගමික අන්තවාදය පතුරවාහැරීම බව කී හෙතෙම මෙම සෑම පරීක්ෂණයක්ම පාස්කු කොමිසම නිකුත් කළ නිර්දේශවලට අනුව සිදුකරන බවද පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවද එනම් පසුගිය 2020 වසරේදී පමණක් නව රාජ්‍ය නොවන සංවිධාන විසි අටක් ලියාපදිංචි වී ඇතැයිද ඒවා සියල්ල ගැනම පුළුල් සොයාබැලීමක් සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
තිස්ස රවින්ද්‍ර පෙරේරා
චාමර පල්ලෙගෙදර
COMMENTS