ඒ බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද...
ඒ බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද (14) පෙරවරුවේ පැවැත්විනි.
කෘත්‍රීම රා වැටලීම් කටයුතු සදහා කොළඹින් ද නිලධාරින් යෙදවූ බවත් සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා වැටලීම් පිළිබඳ වාර්තාවක් මීලග ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.
අලුත්ගම දර්ගා නගරයේ කේරල ගංජා අලෙවි කිරීම ව්‍යාප්ත වී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. ඇතැම් කේරල ගංජා අලෙවි කරන්නන් පොලීසියට හා මන්ත්‍රීවරුන්ට ද මුදල් ලබාදී ඇති බව හෙළි ඇති බව සදහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම ව්‍යාපාරය නතර කිරිම සදහා වැටලීම් සිදු කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය.
තව ද බේරුවල ආසනයේ විදුලිය නොමැති නිවාස පිළිබදව සංගණනයක් සිදු කරන ලෙසත් ඒ පිළිබද වාර්තාවක් ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා විදුලි බල බණ්ඩල නිලධාරීන්ට නියෝග කළේය.
මේ අතර බේරුවල මූලික රෝහල සදහා භික්ෂු වාට්ටුවක් ඉදිකර දෙන ලෙස මහා සංඝරත්නය මෙහිදී ඉල්ලා සිටියහ. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෑම රෝහලකම එක් වාට්ටුවක භික්ෂූන් වහන්සේලාට වෙනම කොටසක් වෙන්කර තැබීමට අමාත්‍යංශය තීරණය කර ඇති බවත්, එමගින් වෛද්‍යවරුන්ට රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතු පහසුවන බවත් කියා සිටියේය.
COMMENTS