දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අධිකරණයට අපහාස කළැයි රන්ජන්ට නඩු දෙකක්.

ශ්‍රී ලංකාව තුළ අති උත්තරීතර වූත්, සම්භාවනීය වූත්, සමස්ත පුරවැසියන්ගේ බහුමානයට පාත්‍රව සිටින්නා වූත් අගවිනිසුරුතුමන් ප්‍රමුඛ විනිසුරුතුමන්...


ශ්‍රී ලංකාව තුළ අති උත්තරීතර වූත්, සම්භාවනීය වූත්, සමස්ත පුරවැසියන්ගේ බහුමානයට පාත්‍රව සිටින්නා වූත් අගවිනිසුරුතුමන් ප්‍රමුඛ විනිසුරුතුමන්ලා හා තුමියන්ලාගේ චරිත ඝාතනය කරමින් එකී තනතුරට බරපතළ ලෙස අපහාස සිදුකරමින් හා අවමානයට හා අපකීර්තියට පත් කරමින් සමස්ත අධිකරණයම...හෑල්ලුවට ලක්කරමින් නීතිඥ ප්‍රජාවද උපහාසයට ලක්කරමින් සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක යන අය විසින් සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (22දා) විශේෂ පෙත්සම් දෙකක් ගොනුකරනු ලැබීය.

මෙම නඩුවට නිමිත්ත වූ එකී නියෝජ්‍ය ඇමැතිවරයාගේ එම ප්‍රකාශය ඇතුළත් 'ඩීවීඩී' පටයක්ද සමඟ මෙම පෙත්සම් දෙක ගොනුකොට ඇත.
මින් එක් පෙත්සමක් යොමුකොට ඇත්තේ කළුතර දකුණ ශ්‍රී සුමනසිංහ බෝධිරාජාරාම විහාරාධිවාසී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසිනි.
අනෙක් පෙත්සම ගොනුකොට ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල වලව්වත්ත පාරේ රණවක සුනිල් පෙරේරා මහතා විසිනි.

පෙත්සම් දෙකෙහිම එකම වගඋත්තරකරු ලෙස නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක හෙවත් සද්ද විද්ද රාජපක්ෂ පළඟපතිර අම්බ කුමරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ යන අය නම් කොට ඇත.

ජේ‍යෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ නිසංසලා විජේසිංහ මහත්මිය පෙත්සම්කරුවන් වෙනුවෙන් මෙම පෙත්සම් ඊයේ සවස ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයත් එහි විනිශ්චයකාරතුමන්ලාත්, නීතිඥ ප්‍රජාවත් ඉතාමත් අශීලාචාර අන්දමින් හඳුන්වා දෙමින්,

"ලංකාවේ බහුතරයක් ඉන්නේ ඛ්ධපපභනබඥඤ විනිසුරුවරු, ඛ්ධපපභනබඥඤ ලෝයර්ස්ලා, මේ ඔක්කොමලා සල්ලිවලට වැඩ කරන්නේ" ආදී වශයෙන් කරන ලද ප්‍රකාශය 2017 අගෝස්තු මස 21 වැනි දින "සිරස" රූපවාහිනි නාළිකාව ඇතුළු රූපවාහිනි හා ගුවන්විදුලි නාළිකාවලද දේශීය මෙන්ම විදේශීය මාධ්‍ය ජාල ඔස්සේ, සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද ප්‍රචාරය වීම තුළින් මෙරට අධිකරණයත්, විනිසුරුවරුන් හා නීතිඥ ප්‍රජාවද ඉතාමත්ම පහළ මට්ටමකට ඇදදැමීම මඟින් මෙරට තුළ සිදුවී යැයි ඔවුන්ම පවසන "යුද අපරාධ" ආදී නඩු කටයුතු සඳහා විදෙස් විනිසුරුවරුන් හා නීතිඥවරුන් සහභාගි කරවීමට රුකුල් දීමක්ද සිදුකර ඇති බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කොට සිටිති.

"නීතිඥයෝ තමයි. නීතිඥයෝ බහුතරයක් තමයි ලංකාව විනාශ කළේ. ඒක තමයි තිත්ත ඇත්ත. මේ කළු කෝට්කාරයෝ බහුතරයක් තමයි."

යනාදී වශයෙන් සිදුකර ඇති ප්‍රකාශ මඟින් සමස්ත අධිකරණ ක්ෂේත්‍රයම බරපතළ අන්දමින් අපහාසයට ලක්කර ඇතැයිද තවදුරටත් ප්‍රකාශ කොට ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29578,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධිකරණයට අපහාස කළැයි රන්ජන්ට නඩු දෙකක්.
අධිකරණයට අපහාස කළැයි රන්ජන්ට නඩු දෙකක්.
http://ift.tt/2vni4YA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_360.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_360.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy