යුද හමුදා කදවුරක් පිහිටුවීම සදහා කටයුතු සැලසුම් කොට ඇති යාපනයේ පෘතුගීසි කොටුවේ එක් ස්ථානයකින් පුරාවිද්‍යා නිලධාරීන්ට 16 දා සවස පැරණි මිනිස...
යුද හමුදා කදවුරක් පිහිටුවීම සදහා කටයුතු සැලසුම් කොට ඇති යාපනයේ පෘතුගීසි කොටුවේ එක් ස්ථානයකින් පුරාවිද්‍යා නිලධාරීන්ට 16 දා සවස පැරණි මිනිස් හිස් කබලක් හමුවී තිබේ.
මෙම මිනිස් හිස් කබල පිළිබදව යාපනය පොලීසියට තොරතුරු දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ එම හිස් කබල රැගෙන ගොස් තිබේ.
යාපනය පොලීසිය මේ පිළිබදව යාපනය දිසා අදිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසුව හිස් කබල යාපනය ශීක්ෂණ රෝහල වෙත යවා වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න ලෙස පොලීසියට නියෝග කොට තිබේ.
එමෙන්ම මේ ස්ථානයේ තවත් මිනිස් ඇට සැකිළි හෝ එවැනි දේ තිබීමට ඉඩ ඇති බැවින් පොලීසියට හා පුරා විද්‍යා නිලධාරීන්ට ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙසද යාපනය දිසා විනිසුරුවරයා දැනුම් දී තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS