රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ නීතිවිරෝධී දේපල මිලදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. තමන්ට එරෙහිව එල්ල වන චෝදනා සියල්ල පදනම් ...
රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ නීතිවිරෝධී දේපල මිලදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. තමන්ට එරෙහිව එල්ල වන චෝදනා සියල්ල පදනම් විරහිත බවත් එය ඉදිරියේදී ඔප්පු වන බවත් ඔහු පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
පැවති ආණ්ඩුවලදී මෙන් නීතිමය කටයුතු සහ අධිකරණ කටයුතුවලට බලපෑම් කිරීම වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ සිදු නොවන බව අවධාරණය කළ ඇමතිවරයා ප්‍රකාශ කළේ එම ආදර්ශය ලබාදීමට රජය සමත් වී ඇති බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය සම්බන්ධයෙන් තමන් දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් කිසිවකුගේ බලපෑමක් නිසා නොව ස්ව කැමැත්තෙන් මෙම තීරණය ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS