ඔයා හිටවපු නැදුන් ගස් ටික ලාල් ඇවිදින් කැපුවා පන්සලට ඇඳි සුදු සරොම් ටික සිරිල් කාටද දුන්නා පිරුවාන පොත දීල ළේලිය නාන බේසම් ගත්තා ...
ඔයා හිටවපු නැදුන් ගස් ටික
ලාල් ඇවිදින් කැපුවා
පන්සලට ඇඳි සුදු සරොම් ටික
සිරිල් කාටද දුන්නා
පිරුවාන පොත දීල ළේලිය
නාන බේසම් ගත්තා
රිදී හවඩියෙ පුංචි බොත්තම්
මුණුපුරන් ටික කැඩුවා
සරත්ටත් දුන් ඉඩමෙ ගල්මලු
කුමාරිට දෑවැද්ද ඕනිලු
ඔයැයිගේ පින් පඩිය ඉල්ලා
රංජනී හැමදාම කෙඳිරිලි
සාදිරිස් ඔය දෙව්ලොවේ
එක තැනක් ඇත්නම් මා නමින්
අද රෑම පණිවිඩේ දෙනවද
කනත්තට එන්නම් පයින්
COMMENTS