දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෙදර අය පල්ලි යනතුරු සිට රාජගිරිය නිවසට සොරකමේ ඇවිත් මාධ්‍යවේදිනී මෙල් ඝාතනය කළ -පේන්ට් බාස්ට මරණ දඬුවම්
Homeගොසිප්

ගෙදර අය පල්ලි යනතුරු සිට රාජගිරිය නිවසට සොරකමේ ඇවිත් මාධ්‍යවේදිනී මෙල් ඝාතනය කළ -පේන්ට් බාස්ට මරණ දඬුවම්

PropellerAds

ගෙදර අය පල්ලි යනතුරු සිට රාජගිරිය නිවසට සොරකමේ ඇවිත් මාධ්‍යවේදිනී මෙල් ඝාතනය කළ  පේන්ට් බාස්ට මරණ දඬුවම් මීට වසර 3 කට පෙර 2014 දෙසැම්බ...

මහින්දගේ අයිතිය පොහොට්ටුවට යයි.
පොලිස් රාජ්‍ය ඇමති උණු උණුවේ ම නාගොඩ පොලිසියේ දී යකා නටයි.
ජනපතිට ජාත්‍යන්තර සම්මානයක්.

ගෙදර අය පල්ලි යනතුරු සිට රාජගිරිය නිවසට සොරකමේ ඇවිත්
මාධ්‍යවේදිනී මෙල් ඝාතනය කළ 
පේන්ට් බාස්ට මරණ දඬුවම්

මීට වසර 3 කට පෙර 2014 දෙසැම්බර් මස රාජගිරිය ප්‍රදේශයේ නිවසකදී සොරකමේ ආ පුද්ගලයෙකු අතින් මැරුම් කෑ මාධ්‍යවෙදිනී මෙල් ගුණසේකර එසේ ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ අවසන් තීන්දුව අද ප්‍රකාශයට පත්වුණා. ඒ අනුව අයුතු ලෙස නිවසට ඇතුළුවීම, ජංගම දුරකථනය සොරකම් කිරීම හා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම යන වැරදි තුනටම වරදකරුවූ සැම්සන් ඇන්තනි ජෝර්ජ් (42) නමැති පින්තාරු බාසුන්නැහේට මරණ දඩුවම නියම විය.
මෙල් ගුණසේකර මෙනවිය සන්ඩේ ටයිම්ස්, ඒඑෆ්පී ඇතුළු පිළිගත් මාධ්‍ය ආයතනවල ව්‍යාපාරික පුවත් සම්පාදනයේ නිරතව සිටි ප්‍රකට
මාධ්‍යවේදිනයක වූ අතර ඇයව අනපේක්ෂිත ලෙස ඝාතනය වූයේ නිවසේ අය ඉරිදා පල්ලියට ගොස් සිටි අවස්ථාවක සොරෙන් නිවසට ඇතුළුවූ මේ කියන පුද්ගලයා අතිනි.
සිද්ධිය සිදුවන්නට පෙරාතුවත් එම නිවසේ පින්තාරු වැඩ සඳහා පැමිණ ගිය  අයෙකුවූ මෙම පුද්ගලයා නිවසේ කටයුතු හොඳින් දැන සිටි අතර ඉරිදා උදේ නිවසේ කවුරුත් නැති බව කල් ඇතිව දැන එදින නිවසට ඇතුළුවී තිබුණි. නමුත් එදින මෙල් මෙනෙවිය වෙනත් කටයුත්තක් යෙදුණ නිසා පවුලේ අන් අයට පල්ලි යන්නැයි කියා නිවසේ නතරවීම නිසා සොරකම හසුවිය.

සැම්සන් ඇන්තනි ජෝර්ජ් නමැති ඝාතකයා 42 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි. කුලී වැඩ කිරීම රැකියාව කරගෙන සිටි ඔහු දොම්පේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාධ්‍යවේදිනි මෙල් ගුණසේකරගේ නිවසේ පින්තාරු වැඩ සඳහා ඔහු හිතවතෙකු මාර්ගයෙන් සම්බන්ධවී ඇත්තේ ඝාතන සිද්ධයට මාස එකහමාරකට පමණ පෙරයි. ආසන්න කාලයේ වරින් වර දින තුනක් ඔහු එම නිවසට ගොස් පින්තාරු කිරීම සිදු කර තිබූ අතර නිවසේ උදවිය ධනවත් පිරිසක් බව ඔහු තේරුම් ගෙන ඇත්තේ නිවසට යාබද ඉඩමේම තිබුණ මෙල් මෙනෙවියගේ පියා ගුණසේකර මහතාට අයත් පොලිතින් නිෂ්පාදන කම්හල නිසාය.


ඔහු පින්තාරු කරන්නට යන යන තැන් වලින් සුළු සොරකම් කිරීම පුරුද්දක් කරගෙන සිටි අයෙකි. පින්තාරු කිරීමට ඉරිදා දිනයක එන්නට ඔහු සූදානම් වූ අවස්ථාවේ මේ නිවැසියන් එදා උදේ සිට නැති බැවින් එදින එන්නට එපා යයි ඔවුන් පවසා තිබුණි. නිවැසියන් පල්ලියට පිටතට යන්නේ උදේ 6.15 ට පමණ බව දැන සිටි නිසා  උදේ 6.30 වනවිට මේ සොරකම සඳහා නිවසට ඇතුළුවන්නට ජොර්ජ් සැලසුම් කර තිබුණි.

ඔහු නිවසට ඇතුළුවන අවස්ථාවේ තාප්පයෙන් පනින අවස්ථාවෙහි බල්ලන් බුරා ඇති නමුත් පසුව උන් මොහු සමග මිතුරු නිසා ඔහුට කරදරයකින් තොරව නිවසට ඇතුළුවන්නට හැකිවී ඇත.
මෙම නිවසේ සුනඛයින් 4 දෙනෙකු සිට අතර තීන්ත ආලේප කළ දිනවල හිස අතගා කෑම කවා උන්ව මිතුරු කරගන්නට ජොර්ජ් කටයුතු කර තිබීම පසුව වාසියට හේතුවී ඇත.
නිවසේ දොර වසා තිබුණ නිසා ඔහු කලින් සැලසුම් කළ ආකාරයටම කාමරයක ජනේලයක් ඇරගෙන එහි ග‍්‍රිල් කූරු නියනක ආධාරයෙන් ගලවා ඒතුළින් ඇතුළට පැන තිබේ. ඔහු සිතා ඇත්තේ නිවසේ කවුරුවත් නැති බවකි. නමුත් මෙල් මෙනෙවිය කිසියම් වැඩ කටයුත්තක නියැළී උඩු මහලේ සිටි නිසා පහළ මාලයේ සොරෙකු කරන දෙය ඒ වනවිට දැන සිට නැත.

කාමරයට රිංගා ගත් ජොර්ජ් වටිනා දෙයක් සොයා නිවසේ අනෙක් කාමර පරීක්ෂා කරන අටියෙන් සාලය හරහා යද්දී ඒ වනවිට කුස්සිය දෙසට පැමිණෙමින් සිටි මෙල් මෙනෙවියගේ මුහුණටම හමුවී ඇත. කිසිවෙකු නැති වෙලාවක තමා සිටින නිවසට ඇතුළුවී සිටින්නේ සොරෙකු බව දැන ඇය කලබලවී ඇති අතරම මේ පෙන්ට් බාස්නේ යයි ඇය ඔහුව හඳුනාගෙන ඔයා මොකද මෙහේ කරන්නේ යයි විමතියෙන් විමසා ඇත.ඔහු ඒ වනවිටත් සොරාගත් යම් යම් දේ අතේ තිබී ඇති අතර මෙල් මෙනෙවිය ඒවා දැක ඇත.

මේ අවස්ථාවේ තමාගේ සොරකම හසුවීම නිසාත් තමාව අඳුනාගැනීම නිසාත් පොලිසියට හසුකරදේවි යයි තැතිගත් ජොර්ජ් වහාම ඇය දෙසට පැන ඇත්තේ ඔහු ගැන සාක්ෂි විනාශ කරන්නට ඇයව මරාදමන අටියෙනි. ඒ සඳහා නිවසේ කුස්සියේ තිබුණ උල් පිහියා දෙකක් අමෝරාගෙන ඔහු ඇය වෙත යද්දී අසරණවූ මෙල් මෙනෙවියට සිදු කළ හැකිව ඇත්තේ කෑ ගැසීම පමණි. මහා විලාපය කෙළවර වූයේ ඇගේ ගෙල කැපී ප‍්‍රාණය නිරුද්ධවීමෙන් අනතුරුවයි.
සිද්ධියෙන් පසු වැඩි වේලාවක් එහි රැඳී සිටීමට ජොර්ජ් බාස් බිය වූයේ අනපේක්ෂිත බාධාව නිසාය. ඔහුගේ ඇඳුම්ද ඇගේ රුධිරයෙන් නැහැවී තිබුණි.


ඔහු ඇය අසළ වැටී තිබුණ ඇගේ වටිනා ජංගම දුරකථනයද අහුලාගත් අතර නිවසේ අල්මාරියක් අවුස්සා මුදල් සෙවූ නමුත් එහි තිබී ඔහුට හමුවූයේ රුපියල් 1200 ක සුළු මුදලක් පමණි. අනතුරුව එම අල්මාරියේ තිබුණ පිරිමි ඇඳුම් කිහිපයක් හා බෑග් එකක් ඔහු සොරාගත්තේ ලේ තැවරුණ ඇඳුම් පිටින් පිටට යානොහැකි නිසාය.
ඔහු ලේ සහිත ඇඳුම් බෑගයේ අහුරා අලූත් ඇඳුම් ඇඳගෙන නිවසින් වහා පලා යන්නට තීරණය කළේ හොර රහසේමය.
මිනීමැරුම සිදුව ඇති බව නිවසේ අය දැනගත්තේ ඔවුන් පල්ලියේ සිට නිවසට පැමිණි පසුය. ලේ විලක් මැද කුස්සියේ වැටී සිටි මෙල් මෙනෙවිය දැක නිවැසියන් භීතියට පත්වූ අතර වහාම පොලිසියට ඒ බව දන්වා සිටියා.
නිවස අසළ ආරක්ෂක කලාපයක් බවට පත්කළ පොලිසිය ඒ වෙත ඥාතීන්ට හැර වෙනත් කිසිවෙකුට එන්නට නොදී පරීක්ෂණ ඇරඹුවා. මේ සඳහා පොලිස් නිල සුනඛයින්ද යෙදවූ අතර සැකකටයුතු ඇඟිලි සලකුණු කිහිපයක්ම සොයාගන්නට ඔවුන් සමත් වුණා.
ළඟම නිවසක සිටි අසල්වැසියෙකු පොලිසියට කියා තිබුනේ කිසිවෙකු මහ හඬින් විලාප නගන ශබ්දයක්ද තමාට ඔය කියන වේලාවේ ඇසී තිබුණ නමුත් ඒ හඬ නැවතුණ පසු ඒ ගැන සොයාබලන්නට උනන්දු නොවූ බවය.
නිවස අසළ පිහිටි තවත් නිවාස වෙත ගොස් ඔවුනගේ සීසීටීවී කැමරා පද්ධති පිළිබඳවද සොයාබලන්නට පොලිසිය උනන්දු වුණා.
එක් නිවසක සවිකර තිබුණ කැමරා පද්ධතියේ වීඩියෝ පටය නරඹද්දී මෙල් මෙනෙවිය තනිව නිවසේ සිටි වේලාව පරීක්ෂා කිරීමේදී මෙම නිවස දෙසට පුද්ගලයෙකු යන අයුරු හා ඔහුම තවත් ටික වේලාවකින් නිවසින් පිටව යන අයුරු හඳුනාගන්නට හැකිවුණා.
වීඩියෝවේ සිටින පුද්ගලයා හඳුනනවාදැයි අසන්නට මෙල් මෙනෙවියගේ නිවැසියන් කැඳවූ පොලිසියට මේ පුද්ගලයාගේ හැඩරුව අනුව හෝඩුවාවක් ලැබුණා. ඔවුන් කියා තිබුනේ මේ අපේ පේන්ට් බාස්නේ..ලෙසිනි.
දොම්පෙ ප‍්‍රදේශයේ සිට පැමිණ කලක් තිස්සේ නිවස පින්තාරු කළ පේන්ට් බාස්ගේ ලිපිනය පොලිසියට ලැබුනේ ඒ අයුරිනි.
ඝාතනය සිදු කළ ජොර්ජ් බත්තරමුල්ලෙන් පිටත්ව ඇත්තේ හංවැල්ලටය. බසයකින් දොම්පේ වෙත එනවිට රෑ බෝවී තිබී ඇත. අතතිබුණ රුපියල් 1200න් 500 ක් වැය කර හොඳට මත්පැනින් සප්පායම් වූ ඔහු නිවසට පයින්ම ගමන් කළේ වෙනදා පුරුදු ආකාරයටය. උදෑසන මිනීමැරුමක් කළ බව ඔහු අමතක කර දමා තිබුණේය. නමුත් නිවසට එනවිට ඔහුට කරකියාගන්නට දෙයක් නොවිණි. නිවස වටලා සිටි පොලිසිය රැක සිටියේ ඔහු එනතුරුය. සීසීටීවී සාක්ෂි සනාථ කරමින් මෙල් මෙනෙවියගේ බ්ලැක්බෙරි ෆෝන් එකද ඔහු ළඟ තිබී පොලිසියට හමුවිය.
පුද්ගලයෙකුගේ වටිනාකමක් අගයක් නොදැන මුදල් අවශ්‍යතාවය සඳහා මිනීමැරුමක් කරන්නට තරම් මේ ‘නරක බාස්‘ කුරිරුවූයේ ඇයිද යන්න ගැටලූවකි.
ජාත්‍යන්තර තලයේ ක‍්‍රියාකාරකම් සඳහාද සම්බන්ධව සිටි අත්දැකීම් බහුල මාධ්‍යවේදිනිය අනපේක්ෂිත සිද්ධියකින් රටට අහිමිවීමද කණගාටුවට හා කම්පනයට හේතුවකි.
ජොර්ජ් බාස් උන්නැහේ මේ වරදවල් පිළිගත් පසු අද අධිකරණයේදී මරණ දඩුවමට ලක්විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෙදර අය පල්ලි යනතුරු සිට රාජගිරිය නිවසට සොරකමේ ඇවිත් මාධ්‍යවේදිනී මෙල් ඝාතනය කළ -පේන්ට් බාස්ට මරණ දඬුවම්
ගෙදර අය පල්ලි යනතුරු සිට රාජගිරිය නිවසට සොරකමේ ඇවිත් මාධ්‍යවේදිනී මෙල් ඝාතනය කළ -පේන්ට් බාස්ට මරණ දඬුවම්
http://ift.tt/2tP5wNg
https://i.ytimg.com/vi/KtPaVNzydMo/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_94.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_94.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy