යසුසර ගලප්පත්ති මිතුරන් පිරිසක් සමග මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක සාදයකට සහභාගි වී තිබේ. රාත්‍රියේදී ඔහු රැඳී සිටි කාමරයට ගොස් බලන විට නාන ක...
යසුසර ගලප්පත්ති මිතුරන් පිරිසක් සමග මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක සාදයකට සහභාගි වී තිබේ. රාත්‍රියේදී ඔහු රැඳී සිටි කාමරයට ගොස් බලන විට නාන කාමරයේ වැටී සිටිනු දුටු බවත් ඉන්පසු ඔහුව ඔසවාගෙන ගොස් ඇඳෙහි තැබූ බවත් මිතුරන් පිරිස පොලීසියට ප්‍රකාශ කර තිබේ.
අද උදෑසන අදාල මිතුරන් පිරිස ගොස් බලන විට යසසුර ගලප්පත්ති මරණයට පත්ව ඇති බව දැකගන්නට ලැබී තිබේ. ඉන්පසු ඔහුගේ ඥාතීන් දැනුවත් කර මාතර පොලීසිය ද දැනුවත් කර තිබේ. මාතර අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මි විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
COMMENTS