දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සිව්දෙනෙකු ජීවත් කරමින් මියගිය ප්‍රදීප් සම්පත්

වෛද්‍ය ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන අවස්ථාව වැදගත් වන්නේ ජීවිතයෙන් සමුගත් තරුණයෙකුගේ හදවත පමණක් නොව ඔහුගේ වකුගඩු, අක්මාව හා අක්ෂි දන්දීමට...

සිව්දෙනෙකු ජීවත් කරමින් මියගිය ප්‍රදීප් සම්පත්

වෛද්‍ය ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන අවස්ථාව වැදගත් වන්නේ ජීවිතයෙන් සමුගත් තරුණයෙකුගේ හදවත පමණක් නොව ඔහුගේ වකුගඩු, අක්මාව හා අක්ෂි දන්දීමට තරුණයාගේ පවුලේ සාමාජිකයන් ඉදිරිපත්වීමයි.

උඩුනුවර, මාවීකුඹුර, හෙක්ටයාර 25 ජනපදයේ පදිංචි එයි.ජී.ප්‍රදීප් සම්පත් කුමාර (21) තරුණයා රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුගේ මොළයට දැඩි හානි සිදුව තිබීම නිසා තරුණයාට ජීවත්විය නොහැකි යැයි වෛද්‍යවරු නිර්දේශ කොට තිබුණි.

ඒ අනුව දින හතක පමණ කාලයක් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම තරුණයාගේ මොළය මරණයට පත්වී තිබුණත් ඔහුගේ හෘදය, වකුගඩු ආදිය ආබාධයකින් තොරව පවතින නිසා යම් අයෙකුට බද්ධ කළ හැකි යැයි වෛද්‍යවරු ප්‍රදීප් සම්පත් කුමාර තරුණයාගේ දෙමාපියන්ට පවසා ඇත.

පරණපට්ටිය රේවත මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රදීප් සම්පත් කුමාර සාමාන්‍ය පෙළ විභාගයයෙන් සිය අධ්‍යාපනයට සමු දුන්නේය. මවටත් පියාටත් ස්ථිර රැකියාවක් නොමැතිව ඔවුන් කුලී වැඩ කරමින් පවුලේ නඩත්තු කරනු නිරන්තරයෙන් දකින ප්‍රදීප් සිය පවුලේ බර කරට ගැනීමට සිතූ අවස්ථා අපමණය. මේ නිසා ඔහු විවිධ වෘත්තීන් සිදුකළත් සිය ආර්ථිකය හා ගමන් අපහසුතාව නිසා වැඩි දුරක් නොගොස් දෙමාපියන් කළ කූලී රැකියා කිරීමට බොහෝ විට ඔහුට සිදුවිය.
පියා, මව, නැගණිය හා අක්කා ජීවත් කරවීම සදහා වැඩි ආදායමක් ලැබිය යුතු බව තේරුම්ගත් ප්‍රදිප් කුමාර, නගරයට ගොස් රැකියාවක් කරන්නට උත්සහ කළේය. සිය ගමට නිරන්තරයෙන් බස් නොමැති නිසාත් බසයෙන් පැමිණියත් පරණපට්ටිය බසය සිය ගමන අවසන් කරන ස්ථානයේ සිට තමන් පදිංචි ජනපදයට පැමිණීමට කිලෝමීටර් හතරක පමණ දුරක් පයින් ගමන් කිරීමට සිදුවන නිසා කුමාර සම්පත් තරුණයාට පොදු ප්‍රවාහන ක්‍රමය රැකියාවක් සදහා යොදැගැනීම අසීරුවිය.
පාසල් දිවිය අවසන් කළ සම්පත් තරුණයා යතුරු පැදියක් ලබා ගැනීමට දැඩි ඇල්මක් දැක්වූ නිසාත් ඒ සදහා දෙමාපියන්ට දැඩි ලෙස ඇවිටිලි කළ නිසාත් ඔහුට යතුරු පැදියක් මිලදී ගැනීමට දෙමාපියන් එකගවිය. ඒ අනුව කුලී වැඩ කරමින් රුපියල් පනස්දහසක මුදලක් රැස් කළ පියා, සම්පත්ට එම මුදල් ලබා දුන්නේය. ගම්පොල ප්‍රදේශයෙන් භාවිත කළ යතුරු පැදියක් සම්පත් මිලදී ගත්තේය.

කාලයත් සමග යතුරු පැදියෙන් ගමන් බිමන් ගිය සම්පත් නොසිතූ විරූ මොහොතක සිය ගම්මානයේදී රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලැබීය. ප්‍රතිකාර සදහා ඔහු මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ අතර අනතුර හේතුවෙන් ඔහුගේ හිසට බරපතල හානිවී තිබුණි.

පුතා දින හතක් ජීවත්වුණේ යන්ත්‍රයක් ආධාරයෙන්. පුතා ජීවත්කරවන්න බැරිද කියා මම රෝහලේ වෛද්‍යවරයාගෙන් ඇහුවා. ඔහු නිශ්ශබ්ද වුණා. අපි තේරුම් ගත්තා, පුතාට ජීවත්වීමට හැකියාවක් නැහැ කියා. මේ අතර රෝහලේ වෛද්‍යවරු අපෙන් ඇහුවා තවත් රෝගීන් සදහා පරිත්‍යාග කිරීමට දරුවාගේ වකුගඩු දෙන්න පුළුවන් ද කියා. වකුගඩු පමණක් නොව හෘදය, අක්මාව ඇතුලු ලබා ගත හැකි ඕනෑම අවයවයක් ලබා දීමට අපි එකගවුණා. මට දැනෙනවා මේක පුතා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම පුණ්‍ය කර්මයක් කියා. පුතා මිය ගියා කියලා අපිට දැනෙන්නේ නැහැ.

කුමාර සම්පත් තරුණයාගේ හදවතින් අනුරාධපුර 37 හැවිරිදි මවක ජීවත් වන අතර ඇයගේ හදවත් ක්‍රියාකාරීත්වය දිගින් දිගමට අවම තත්ත්වයට පත්වෙමින් තිබුණු බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

කුමාර සම්පත් තරුණයා මිය ගිය ද ඔහු තවත් සිව් දෙනෙකු ජීවත් කරවීමට තරම් වාසනාවන්ත විය.

මගේ පුතා මිය ගියේ නැහැ. ඔහු අපි අතර මේ මහ පොළවේ ජීවත් වෙනවා කියා අපිට දැනෙනවා යැයි කුමාර සම්පත් තරුණයාගේ මව වන ඉන්ද්‍රා කලණ්‍යානි මහත්මිය ප්‍රකාශ කළාය. පුතා ගමේ සියලු දෙනා සමග හොදින් හිටියා. පොදු වැඩකටයුතුවලදී මූලිකත්වය ගනිමින් වැඩ කළා. කවුරුත් ඔහුට ආදරෙයි. ඔහුගේ අභාවය මුලු ගම්මානයටම ගෙන දුන්නේ දුකක්. නමුත් ඔහු අද අපි අතර ඉන්නවා කියලා දැනෙනවා. පුතා නිසා අද ජීවිත කිහිපයක්ම රැකිලා තිබෙනවා යැයි ප්‍රදීප් සම්පත් කුමාර තරුණයාගේ මව වන ඉන්ද්‍රා කල්‍යාණි මහත්මිය ඇඩූ කදුළින් යුතුව පැවසුවාය.

ගමක් හඩවා අවසන් ගමන් ගිය ද ප්‍රදීප් සම්පත් කුමාර හැඩූ කදුළුන් යුතු පවුල් කිහිපයකට සිනහව සතුට දැනවීමට සමත්විය. ඒ ඔහු මෙරට සිදුවූ ප්‍රථම හදවත් බද්ධයේ ප්‍රධාන දායකයා වූ බැවිනි.

පැය හතක පමණ කාලයක් වෛද්‍යවරු විස්සකගේ පමණ දායකත්වයෙන් පැවැති බද්ධ කිරීමේ සැත්කම පිළිබද අදහස් දක්වමින්, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රොෂාන් පරණමාන මහතා මෙසේ පැවසීය.

අනුරාධපුර මහ රෝහලට හුස්ම ගැනීමේ අපහසුතාව නිසා ප්‍රතිකාර සදහා ඇතුළත් කළ කාන්තාවකගේ හෘදයේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පැවතියා. මේ අඩුවීමට හේතුව නිශ්චිතවම පැහැදිලි කර ගැනීම පහසු වුණේ නැහැ. ප්‍රතිකාර සදහා පැමිණි අවස්ථාව වන විටත් ඇයගේ හෘද ක්‍රියාකාරීත්වය තිබුණේ 45%ක තත්ත්වයේයි. එය ක්‍රමයෙන් මාස තුනකදී 30% දක්වා ද මාස 06කදී 15% දක්වා අඩුවුණා. 12% දක්වා හෘද ක්‍රියකාරීත්වය අඩුවූ විට ඇය හදවත් බද්ධයකට යොමු කිරීම එකම ප්‍රතිකාරය බව අප තීරණය කළා. මේ බද්ධය කරන විට ඇයගේ හදවත් ක්‍රියාකාරීත්වය 10% දක්වා පහත බැස තිබුණා. ඒ අනුව තමයි ඉතිහාසයේ මුල් වරට මෙරට හදවත් බද්ධ කිරීමේ සැත්කම සදහා අප යොමු වුණේ.

එක් අයෙකුගේ දහවතක් තවත් අයෙකුට බද්ධ කිරීමේදී ගලපුම් රැසක් සිදුකර ගත යුතු වෙනවා. සැත්කම් සදහා යොදා ගැණුනු දෙදෙනාගේ රුධිර ඝන මනා ලෙස ගැලපී තිබුණා. නොඑසේ නම් බද්ධ කළ හදවත ශරීරය විසින් ප්‍රතික්ෂේප කරන බව රුධිර පාරවිලයන පිළිබද විශේෂඥ වෛද්‍ය ධර්මා සමරකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.

මහනුවර මහ රෝහලේ හෘද සහ උරස් ශල්‍යය වෛද්‍ය ඒකකය ආරම්භ කර දැන් වසර ක් ගතවී ඇතැයි හෘද රෝග නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගනි පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. දස වසරක සැමරුම ඓතිහාසික ජයග්‍රහණයකින් සනිටුහන් කිරීමට හැකිවුණා. එහි වැදගත්ම කරුණ වන්නේ සැත්කම සදහා යොදා ගත් යන්ත්‍ර වසර දහයක් පැරණි උපකරණ වීමයි.

මොළය මියගිය රෝගියාගේ ශරීරයෙන් ඉවත් කිරීමත් එය බද්ධ කරන රෝගීයාගේ හදවත ඉවත් කිරීමත් මහනුවර මහ රෝහලේ හෘද හා උරස් ශල්‍යය ඒකකයේ ශල්‍යාගාර දෙකක් තුළ සිදුව ඇත්තේ එකම වෙලාවකදීය.මෙම සැත්කම ඉකුත් 07 දින රාත්‍රී 7.00 ට ආරම්භ කර අලුයම 1.30 දක්වා පැවැති බව හෘද ශල්‍යය විශේෂඥයින් වන .ඥානකාන්තන්,අනිල් අබේවික්‍රම හා මුදිත ලංසක්කාර මහත්වරු පැවසූහ.

මේ කාර්යය තනි වෛද්‍යවරයෙකු විසින් කළ හැක්කක් නොවෙයි. මේ සදහා විශේෂඥ වෛදවරු විස්සක පමණ ප්‍රමාණයක් සහභාගී වුණා. සෙසු කාර්යය මණ්ඩල ලබා දුන් මහයෝගය ද අප්‍රමාණයි. මේ අත්දැකීම තුළින් අපට මහනුවර මහ රෝහලේ දී හෘද බද්ධ කිරීමේ සැත්කම් සිදුකළ හැකි යැයි මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මෙරට වෛද්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මෙම හදවත් බද්ධ සැත්කම සදහා හෘද ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරු වන කේ. ඥානකාන්තන්, අනිල් අබේවික්‍රම සහ මුදිත ලංසක්කාර, හෘද රෝග විශේෂඥ සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර, රොෂාන් පරණමාන, නිර්වින්දන වෛද්‍යවරු වන ජගනි පෙරේරා, අරුණී ජයසේකර, ප්‍රියන්ත දිසානායක, රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ධර්මා සමරකෝන්, වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, ක්ෂද්‍රජීව පිළිබද විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරි, ස්නායු ශෛල්‍ය විශේෂඥ ලෙස්ලි සිරිවර්ධන, අධීකරණ වෛද්‍ය විශේෂඥ එම්. ශිවසුබ්‍රමනියම්, ස්නායු නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රවී වීරකෝන් යන මහත්ම මහත්මී න් ඇතුලු කණ්ඩායමක් සහභාගී වී ඇත.

නුවර නදීක දයා බණ්ඩාර

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=79gFYy5HUbo&feature=youtu.be[/youtube]

 

....

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිව්දෙනෙකු ජීවත් කරමින් මියගිය ප්‍රදීප් සම්පත්
සිව්දෙනෙකු ජීවත් කරමින් මියගිය ප්‍රදීප් සම්පත්
http://ift.tt/2uQPFeA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_927.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_927.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy