මට පිලිගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දෙන්න කියනවනම්. ඒකට අත නොගැසිය යුතුයි කියල යම් සංඝයා වහන්සේ නමක් ක...
මට පිලිගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දෙන්න කියනවනම්. ඒකට අත නොගැසිය යුතුයි කියල යම් සංඝයා වහන්සේ නමක් කියනව නම් ඒක 100% ක් පිලිගන්න පුළුවන්. නමුත් යම්කිසි සංඝයා වහන්සේ නමක් හෝ යම් පාර්ශවයක් කියනව නම් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි. මේ රටේ බලය බෙදා හැරිය යුතු නැහැ කියල ඒක පිටිපස්සෙ දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. එම දේශපාලන න්‍යාය පිටිපස්සෙ තියෙන්නෙ අමු ජාතිවාදය' යනුවෙන් ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ පසුගිය 04 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවති ‘විල්පත්තු සැබෑව සහ බොරුව ' දොරට වැඩීමේ උත්සවය අමතමිනි.
තවදුරටත් ඒ මහතා පවසා සිටියේ ‘බුදුරජාණන් වහන්නේ ධර්මය දේශනා කලේ සිංහල බෞද්ධයන්ට කියල නෙමෙයි. උන් වහන්සේ ධර්මය දේශනා කලේ සමස්ථ ලෝකවාසීන්ට. ඒ වගේම බුද්ධ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා ජාතියක් ආගමක් කුලයක් මොනතරම් පිටු දැකිය යුතු දෙයක්ද කියල' යනුවෙනි.
COMMENTS