දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බ්‍රේකින් ඉවරයි - මේනකා වැඩ.
Homeදේශපාලන

බ්‍රේකින් ඉවරයි - මේනකා වැඩ.

PropellerAds

ඇයි මේනකා වැඩි සද්ද බද්දයක්‌ නැත්තේ ? සද්ද බද්දයක්‌ නැත්තේම නැහැ. හෙමිහිට වැඩකරගෙන යනවා. වැඩි සද්දයක්‌ නැතිවම වැඩ. එහෙමද? මම හිතන විදිහ...

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි
අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක් - 53ක් පොහොට්ටුවෙන්
මැතිවරණයට යොදාගත් සියලු ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

ඇයි මේනකා වැඩි සද්ද බද්දයක්‌ නැත්තේ ?

සද්ද බද්දයක්‌ නැත්තේම නැහැ. හෙමිහිට වැඩකරගෙන යනවා.

වැඩි සද්දයක්‌ නැතිවම වැඩ. එහෙමද?

මම හිතන විදිහට මම කවදාවත් එහෙම ලොකුවට සද්ද බද්ද දාලා වැඩකරපු කෙනෙක්‌ නෙමෙයි. වැඩ එන විදිහට වැඩ භාරගෙන කරනවා. 

මේනකාට එදා වගේම අදත් හොඳට වැඩ තියෙනවාද?

ගොඩක්‌ දෙනෙක්‌ට සිනමාවට සම්බන්ධවෙන්න තියෙන අවස්‌ථාව අඩුයි. හැබැයි මට එහෙම නැහැ. මේ අවුරුද්දේ මම සිනමාවෙන් ප්‍රධාන චරිත දෙකකට සම්බන්ධවුණා. තවත් චිත්‍රපට තුනක්‌ තිරගත වෙන්න තියෙනවා. 

පසුගිය දවස්‌වල ටෙලිනාට්‍යවලින් ඈත්වෙලා හිටියා නේද?

මම කරපු චරිත එක්‌ක මට හැදුන කතාබහත් එක්‌ක මිනිස්‌සු හිතුවා මම ඇත්තටම නපුරු චරිතයක්‌ කියලා. ඉතිං මම ලොකු බ්‍රේක්‌ එකක්‌ ගත්තා. මට ඕනෑවුණේ වෙනස්‌ම චරිතයක්‌ කරන්න. මට ඒ චරිතය ලැබුණා. ඉතිං ප්‍රශ්නය තියෙන්නේ ඒක විකාශනය වෙන්න තියෙන ප්‍රමාදය. 

එහෙනම් දැන් මේනකාගේ බ්‍රේක්‌ එක ඉවරයි ? 

ඔව්. මගේ බ්‍රේක්‌ එක ඉවරයි. 

හැදුන කටතතා වෙනස්‌ වෙන්න ලැබුණ චරිතය මොකක්‌ද?

මට ලැබුණ සිනමා නිර්මාණය ඊට හොඳ සාක්‍ෂියක්‌. ඒ වගේම මට වෙනස්‌ම විදිහේ ටෙලිනාට්‍යයක චරිතයක්‌ ලැබුණා.

මේ දවස්‌වල හරි චණ්‌ඩියෙක්‌ වෙලා කියන්නේ ?

අනේ නැහැ. මම හෙක්‌ටර් කුමාරසිරි අධ්‍යක්‍ෂණය කරන අනෝරා කියන චිත්‍රපටයේ පිරිමි චරිතයක්‌ රඟපෑවා. ඒකේදි නම් චණ්‌ඩිපාට්‌ එකක්‌ දැම්මා වගේ. හැබැයි එහෙමත් කියන්න බැහැ.

ඔය අතරේ ටෙනිසන් එක්‌කත් වැඩක්‌ කළා කියලත් ආරංචියි ?

ඔව්. මම ඇත්තටම හාස්‍යපැත්තෙන් ටිකක්‌ ඈත්වෙලා හිටියේ. මට ලොකුවට හාස්‍ය ජවනිකා කරන්න බැහැ. නමුත් මම හිතුවා මිනිස්‌සු අතරට ගිය මගේ ප්‍රතිරූපය වෙනස්‌ කරගන්න මේ වගේ චිත්‍රපටයක්‌ කළොත් හරි කියලා. එකේ නම නැතිබැරි ටාසන්. 

නැතිබැරි ටාසන් කරන්න ගිහින් හරි හරි දේවල් වුණාලු නේද?

ගොඩක්‌ දේවල් සුන්දරයි. ගස්‌වල වැල්වල එල්ලිලා ලණුදාලා යන්න එහෙම අවස්‌ථා තිබුණා.

පසුගිය දවස්‌වල සැමරුවේ කීවැනි උපන්දිනයද?

මෙච්චරයි කියන්න තියෙන්නේ. මිනිස්‌සු කියනවා මම ඉස්‌සරට වඩා හරි ලස්‌සනයි කියලා. ඉතිං මට කියන්න තියෙන්නේ මම කියන කෙනා වයසට යන්න යන්න ලස්‌සන වෙනවා කියලා.

මොකක්‌ද එකේ රහස?

ගොඩක්‌ දෙනෙක්‌ කියනවා මම සුදුවෙන්න ඉන්ජක්‌ෂන් ගැසුවා කියලා. මම ඒ වගේ දෙයක්‌ කළා නම් කියන්න බයවෙන්නේ නැහැනේ. සල්ලි තියෙනවා නම් තමන්ට ඕනෑදෙයක්‌ කරගන්න පුළුවන් නේ.

මේනකා සුදුවෙන්න ඉන්ජෙක්‌ෂන් ගැසුවේ නැහැ ?

නැහැ. මම එහෙම දෙයක්‌ කළේ නැහැ. මම වයසට යන්න යන්න ලස්‌සන වෙනවා. ඒක තමයි ඇත්ත කතාව.

හැම අවුරුද්දකම වගේ මේනකාගේ උපන්දිනය අන්තර්ජාලය ඇතුළේ හරියට කතාබහට ලක්‌වෙනවා නේද?

ඇත්තම කියනවා නම් මම දැනුවත්ව සැමරුවේ 21 වැනි උපන්දිනය විතරයි. අනෙක්‌ හැම දෙයක්‌ම මට මගේ යාළුවෝ විසින් සර්ප්‍රයිස්‌ තමයි දුන්නේ. කවදාවත් උපන්දින සාදයක්‌ අරගෙන නැහැ. කොහොමටත් මම උපන්දින පාර්ටිවලට කැමැති චරිතයක්‌ නෙමෙයි. වයසට යන එක සමරන්න වුවමනාවක්‌ නැහැ. මේ පාරත් මම කැමිලා නිවාසයට දානයක්‌ දුන්නා.

ඩාන්සින් වීඩියෝ එකක්‌ අන්තර්ජාලයට දැම්මේ ඩාන්සින් වැඩ අඩුහින්දාද?

වීඩියෝ එක දැම්මේ වැඩඅඩු හින්දා නෙමෙයි. මගේ හැකියාවන් පෙන්වන්න දැම්මේ. ඒක දැන් ට්‍රෙන්ඩ් එකක්‌. මගේ ටැලන්ට්‌ එක පෙන්වන්න තමයි ඒ වගේ දෙයක්‌ කළේ. හැබැයි මම හිතපු නැතිවිදිහට ප්‍රතිචාර ලැබුණා.

අන්තර්ජාලයට දාපු වීඩියෝ එක හිතාගන්න බැරිවිදිහට ජනප්‍රිය වුණා ?

හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා. මගේ කිසිම ප්‍රචාරයක්‌ නැතිව තමයි ඒ දෙය සිද්ධවුණේ.

මේ වගේ වීඩියෝ දාන්නේ මාර්කට්‌ එක හදාගන්න කියලා සමහරු කියනවා?

අනිවාර්යයෙන්ම. මොකද අපි සාමාන්‍ය මිනිස්‌සු නෙමෙයි. මිනිස්‌සු අතර ඉන්න අය. එකේ වැරැද්දක්‌ නැහැ. අනික අපි මාර්කට්‌ එක හදාගන්න ඒ වගේ හොඳ දෙයක්‌ කළොත් හොඳයි කියලයි මම හිතන්නේ. 

මේනකාත් මාර්කට්‌ හදාගන්න මේ වගේ වැඩ කරනවා ?

අනිවාර්යයෙන්ම. ඒ වගේ සැලසුම් තියෙන්න එපායෑ.

ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් මේනකාටත් හරියට විවාහ යෝජනා එනවා කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්‌ද?

මම නම් දන්නේ නැහැ ඒ වගේ කතාවක්‌. ඔයගොල්ලෝ තමයි ඔය වගේ කතා දන්නේ. 

දැන් තනිකඩව හිටියා ඇති නේද?

දැන් විවාහ වෙන්න කාලය හරි. ඒක මීට කලිනුත් හිතිලා තියෙනවා. විවාහය කියන්නේ ගහෙන් ගෙඩි වැටෙනවා වගේ බැඳලා ඉක්‌මණින්ම දික්‌කසාදවෙන එක නෙමෙයිනේ. කාලයක්‌ ගියාට කමක්‌ නැහැ හරි කෙනෙක්‌ එක්‌ක විවාහ වෙලා. 

මේනකා බැඳලා ඩිවෝස්‌ වෙන්න කැමැති නැහැ. එහෙමද?

අන්න එච්චරයි. ඩිවෝස්‌ එක අද කාලේ ට්‍රෙන්ඩ් එක්‌ක වෙලා. ඒක මට කරගන්න වුවමනාවක්‌ නැහැ. 

දිනේෂ් විතාන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බ්‍රේකින් ඉවරයි - මේනකා වැඩ.
බ්‍රේකින් ඉවරයි - මේනකා වැඩ.
http://ift.tt/2tVplCc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_797.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_797.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy