දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවු...

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී සිදු කෙරිණ.

සිව් වැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 සිට 2015 දක්වා දෙවතාවක් විධායක ජනාධිපති ධූරය හෙබවීය.

මහින්ද රාජපක්ෂ මහතා පනස් වසරක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියයි. 1970 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා 1995 වසරේ සිට 2004 දක්වා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සුවිශාල කාර්ය භාරයක් ඉටු කළේය.

2004  අප්‍රේල් මස 06 වැනිදා පළමුවරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ එතුමා 2018 ඔක්තෝබර් 26 වැනිදා දෙවැනි වරටත්, 2019 නොවැම්බර් මස 21 වැනිදා තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.

වසර 10ක කාලයක් විධායක ජනාධිපති ධූරය හෙබ වූ මහින්ද රාජපක්ෂ මහතා තිස් වසරක පමණ කාලයක් පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වේගවත් සංවර්ධනයකට රට රැගෙන යාමටත් සමත් විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364ක් ලබා ගනිමින් මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ගෙන ඉතිහාසයට එක් විය.

විධායක ජනාධිපති ධූරයේ දෙවරක් සේවය කොට අග්‍රමාත්‍ය ධූරයට සිව් වතාවක් පවත්වූ පළමුවැන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක් වෙයි.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර නව අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාද පළ කළහ.

දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූහ.

අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා අවට රැස්ව සිටි ජනතාව වෙත ගොස් ඔවුනට සිය ආචාරය පුද කළහ.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරු, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, තානාපතිවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හා නව රජයට සහාය පළ කරන නව මන්ත්‍රීවරු සහ පවුලේ ඥාතීහූ ඇතුළු පිරීසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි
මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි
http://am.lk/media/k2/items/cache/36bc3b902e39f270e884944f1607007a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_619.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_619.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy