තමන් අත් අඩංගුවට ගැනීමට නියමිත බවට නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිසක් හරහා කොමදෝරුවරයාට තොරතුරු ලැබී ඇති අතර එසැණින් ඔහු වැලිසර නාවික රෝහලට ...
තමන් අත් අඩංගුවට ගැනීමට නියමිත බවට නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිසක් හරහා කොමදෝරුවරයාට තොරතුරු ලැබී ඇති අතර එසැණින් ඔහු වැලිසර නාවික රෝහලට ඇතුළත් වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ නාවික හමුදා වෛද්‍යවරයකුගෙන් කොමදෝරු දසනායකට ඇති රෝගය කුමක්දැයි විමසා ඇති අතර ඒ මොහොතේ වෛද්‍යවරයා "මෙයාට ඇති ඉහෙන් බහින ලෙඩක් නම් නෑ, ඒත් ඩෝරා එකේ යනකොට කොන්ද රිදෙනවා ලු " යනුවෙන් පවසා ඇත. අසා සිටි සියල්ලන් සිනහවේ ගිල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා ඇත්තේ "ඉතිං ඩොක්ටර්, ඩෝරා එකේ නෙවෙයිනෙ මෙයා උසාවි යන්නේ ..." යනුවෙනි.
COMMENTS