ඇතැම් ඇමතිවරු සහය දැක්වුවද ඇතැමුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන බවයි මරික්කාර් මහතා කියා සිටියේ....
ඇතැම් ඇමතිවරු සහය දැක්වුවද ඇතැමුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන බවයි මරික්කාර් මහතා කියා සිටියේ. ආණ්ඩුවේ ඇත්ත ස්වභාවය එය බව හෙතෙම අවධාරණය කළේය.
කෙසේ වෙතත් මේ වන විට කුණු ප්‍රශ්නයට විසඳුමක් ලෙස අධිකාරියක් පිහිටුවනතුරු කසල එකතු කිරීමේ කටයුතු මහනගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට භාර දීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගත් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. සීනි හා පොල් වැනි කර්මාන්තයන්ට පවා අමාත්‍යාංශයක් පැවති රටක කසල පිළිබඳ වගකීම ගැනීමට අමාත්‍යාංශයක් හෝ ආයතනයක් නොමැති බවයි මරික්කාර් මහතා සඳහන් කළේ.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=j-AYm6atcSk&t=30s[/youtube]
....
COMMENTS