හයිවේ එකේ ඩාන්ස් වීඩියෝව දැම්මෙ මාර්කට් එක හදාගන්න - මේනකා පසුගියදා අධිවේගී මාර්ගයේ නැටුමක් නටමින් වාහනයක් පැදවීම නිසා අධිකරනයේදී දඩව...
හයිවේ එකේ ඩාන්ස් වීඩියෝව දැම්මෙ
මාර්කට් එක හදාගන්න - මේනකා
පසුගියදා අධිවේගී මාර්ගයේ නැටුමක් නටමින් වාහනයක් පැදවීම නිසා අධිකරනයේදී දඩවකට නියමවූ
නිරූපිකා මේනකා මධුවන්ති ඒ ගැන සති අන්ත පුවත්පතකට මෙසේ කියා තිබේ.
ඩාන්සින් වීඩියෝ එකක් අන්තර්ජාලයට දැම්මේ ඩාන්සින් වැඩ අඩුහින්දාද?
වීඩියෝ එක දැම්මේ වැඩඅඩු හින්දා නෙමෙයි. මගේ හැකියාවන් පෙන්වන්න දැම්මේ. ඒක දැන් ට්‍රෙන්ඩ් එකක්. මගේ ටැලන්ට් එක පෙන්වන්න තමයි ඒ වගේ දෙයක් කළේ. හැබැයි මම හිතපු නැතිවිදිහට ප්‍රතිචාර ලැබුණා.
මගේ කිසිම ප්‍රචාරයක් නැතිව තමයි ඒ දෙය සිද්ධවුණේ.
මේ වගේ වීඩියෝ දාන්නේ මාර්කට් එක හදාගන්න කියලා සමහරු කියනවා?
අනිවාර්යයෙන්ම. මොකද අපි සාමාන්‍ය මිනිස්‌සු නෙමෙයි. මිනිස්‌සු අතර ඉන්න අය. එකේ වැරැද්දක් නැහැ. අනික අපි මාර්කට් එක හදාගන්න ඒ වගේ හොඳ දෙයක් කළොත් හොඳයි කියලයි මම හිතන්නේ.
මේනකාත් මාර්කට් හදාගන්න මේ වගේ වැඩ කරනවා ?
අනිවාර්යයෙන්ම. ඒ වගේ සැලසුම් තියෙන්න එපායෑ.
සටහන -දිනේෂ් විතාන -(මීවිත)
COMMENTS