ගෙවීගිය තුන්වසරේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙනුවෙන් වාහන ලබා ගැනීමේදී වැඩි මුදලක් වැයකර ඇත්තේ අගමැතිවරයා බව මුදල් අමාත්‍යංශයේ වාර්ෂික ...
ගෙවීගිය තුන්වසරේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙනුවෙන් වාහන ලබා ගැනීමේදී වැඩි මුදලක් වැයකර ඇත්තේ අගමැතිවරයා බව මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවෙන් හෙළිව තිබේ.
එම කාලයේදී ජනපතිවරයා වෙනුවෙන් ලබාගෙන ඇති මෝටර් රථවල වටිනාකම රුපියල් 14 කෝටි අනූ දෙලක්ෂ අසූතුන්දහසකි(149,283,000/-) . රුපියල් විසිහය කෝටි නවලක්ෂ හතලිස් අට දහසක් (260,948,000/-) අගමැතිවරයා සිය මෝටර් රථ වෙනුවෙන් වියදම් කර තිබේ.
අගමැතිවරයා වෙනුවෙන් පවතින වාහන මුළු සංචිතයේ වටිනාකම රුපියල් තිස්නව කෝටි විසිලක්ෂ විසිදෙදහසක් (392,022,000/-) වන අතර ජනාධිපතිවරයාගේ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් තුන්සිය අසූ හතර කෝටි අසූ එක්ලක්ෂ හතලිස් හත්දාසක් (3,848,147,000/-) වේ.
කෙසේවුවද, එම වටිනාකමින් රුපියල් තුන්සිය පනස් අටකෝටි හැත්තැඑක්ලක්ෂ අනූ නවදහසක් (3,587,199,000/-) ක මෝටර් රථ ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදීය.
COMMENTS