රෝස ගවුමක කොණ්ඩ පොඩියක රෝස සුවඳක් ගලා හැලුණා බෝල ඇස් ඇති කෙළි පැටික්කෙක් මගේ හීනේ දුව ඇවිද්දා.... එයා හෙමිහිට ලොකු බබෙක් වී මගේ හ...
රෝස ගවුමක කොණ්ඩ පොඩියක
රෝස සුවඳක් ගලා හැලුණා
බෝල ඇස් ඇති කෙළි පැටික්කෙක්
මගේ හීනේ දුව ඇවිද්දා....
එයා හෙමිහිට ලොකු බබෙක් වී
මගේ හීනේ පාට පෙව්වා
රෝස මල වට කටු ගොඩක් වී
මගේ මල මං හිතෙන් රැක්කා....
අතින් අල්ලන් හරි පරෙස්සම්
පාර අයිනෙන් අපිත් ඇදුණා
පාසලෙන් ඈ ගෙදර එනකල්
මගේ හීනය බලා උන්නා.....
රෝස මල ලොකු දුවෙක් වෙනවට
ආස නැති මං දෑස හැරියා
හීන් හිනහව දෙතොල් අතරේ
අදත් හීනෙක ඉතුරු කෙරුවා.......
(හෙට දවසේ රෝස පැටික්කි කෙල්ලන් එනකල් බලන් ඉන්න අම්මලා ඉන්නවා නම් අන්න එයාලට මේ කවි ටික......)
~~~ විසිරි ~~~
COMMENTS