දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඩෙංගු උවදුර මඩින්න පේරාදෙණියෙන් සාර්ථක ක්‍රමවේදයක් !

ඒ අනුව ස්වාභාවිකව මෙරට ජලාශවල වර්ධනය වී ඇති බැක්ටීරියා අතරින් මදුරු කීටයන් ආහාරයට ගැනීම ප්‍රිය කරන බැක්ටීරියා වර්ගයක් ලබාගෙන එය ජාන තාක්ෂ...

ඩෙංගු උවදුර මඩින්න පේරාදෙණියෙන් සාර්ථක ක්‍රමවේදයක් !

ඒ අනුව ස්වාභාවිකව මෙරට ජලාශවල වර්ධනය වී ඇති බැක්ටීරියා අතරින් මදුරු කීටයන් ආහාරයට ගැනීම ප්‍රිය කරන බැක්ටීරියා වර්ගයක් ලබාගෙන එය ජාන තාක්ෂණය ඔස්සේ මදුරුවන්ට විෂ තත්ත්වයට පත් කර මුදා හැරීමේ ක්‍රමයක් මේ යතේ සාර්ථකව අත්හදා බලා ඇත.

බී.ටී.අයි. බැක්ටීරියාව මෙන් මදුරුවන්ට විෂ සහිත බැක්ටීරියාවක් හදුනා ගත් බවත් එය විද්‍යාගාර යටතේ වර්ධනය කර ක්ෂේත්‍රයට මුදා හැරීම මගින් මදුරු කීටයන් විනාශවන බව නව පර්යේෂණය මෙහෙයවූ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා පැවසීය.

මදුරුවන්ට විෂ ජාන කෘතීමව සකස් කර එම ජාන මදුරු කිටයන් ආහාරයට ගැනීමට ප්‍රිය කරන බැක්ටීරියා සමග මිශ්‍ර කොට ක්ෂේත්‍රයට මුදා හැරේ. බී.ටී.අයි. සහ සයනෝ බැක්ටීරියා නිපදවන විෂ ජානය මදුරුවන් හා මදුරු කීටයන්ට පමණක් විෂ සහිත වන අතර එය වෙනත් කිසිදු පරිසර පද්ධතියකට හානි දායක නොවීම විශේෂත්වයක් යැයි මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා කීවේය.

මදුරු විශේෂ 130ත් 140ත් අතර ප්‍රමාණයක් පරිසරයේ ජීවත්වන අතර ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලේ උරා බීම සිදුකරයි. ගැහැණූ මදුරුවන්ට බිත්තර ප්‍රෝටීන වර්ධනය කර ගැනීම හා බිත්තර කටු ශක්තිමත් කර ගැනීම සදහා ලේ උරාබීමක් සිදුකළ යුතුය. මනුෂ්‍ය ශරීරයෙන් මෙන්ම සත්ව ශරීර වලින් ලේ උරා ගැනීම සිදුකරන අතර මෑතකදී වාර්තාවී ඇති ඩෙංගු වෛරසයේ විශේෂත්වය වන්නේ ලේ ලබාගැනීමට ප්‍රථමයෙන් මදුරුවා මිනිස් ශරීරය වෙත මුදාහරින ඛේටය තුළ ඩෙංගු වෛරසය අන්තර්ගත වී තිබීමයි. රුධිරය කැට නොගැසීම සදහා සහ නිර්වින්දනයක් වශයෙන් මෙම ඛේටය මදුරුවා විසින් මුදා හරියි. ලේ බොන මදුරුවන් අතර ගෙම්බන්ගේ ලේ බොන මදුරුවන් සිටීම ද දැකිය හැකි යැයි මහාචාර්යවරයා කීවේය.

මදුරුවන් පාලනය කිරීම සදහා ධූමායනය කිරීම මුල් අවධියේදී සාර්ථක වූ නමුත් ඩෙංගු වෛරසය සහිත මදුරුවාගේ පරිනාම හා ඔරොත්තුදීමේ හැකියාව හේතුවෙන් ධුමායන ක්‍රියාවලිය සාර්ථක ව පවතින්නේ සියයට බිංදුවයි දශම පහක් වැනි ප්‍රතිශතයකිනි යැයි කී ඒ මහතා මදුරුවන් නිරන්තරයෙන් ජිවන චක්‍රයේ විවිධ අවධීන් පසු කරන බැවින් ධූමායනය සාර්ථක නොවන අවස්ථා බහුල යැයි කීවේය.

මෑතකදී ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද බී.ටී.අයි. බැක්ටීරියාව නොහොත් බැසිලස් තුරින්ජයන්සීස් (Bacillus thuringiensis) බැක්ටීරියාව ක්ෂේත්‍රයට මුදා හැරීම සාර්ථක වන නමුත් අධික සූර්යය රශ්මිය හේතුවෙන් එම බැක්ටීරියාව විනාශවීම ගැටලුවක් වන බව කී මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා මෙසේ කීවේය.

ඩෙංගු වෛරසය මර්ධනය කිරීම සදහා මතුවන ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් නව පර්යේෂණය දියත් කළා. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළදී මේ සදහා පර්යේෂණ ගණනාවක් දියත් කොට සාර්ථික ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවුණා. මේ සදහා විශාල මුදලක් වැය වන්නේ නැහැ. බැක්ටීරියාව වර්ධනය කර ගැනීමයි අවශ්‍ය වන්නේ. මේ තුළින් බාහිර වෙනත් පරිසර පද්ධතියකට කිසිදු හානියක් වන්නේ නැහැ. මෙම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීම මගින් වසර තුනක කාලයකදී ඩෙංගු වෛරසය සහිත මදුරුවන් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ශ්‍රී ලංකාව වර්ෂ 2015දී මැලේරියාව තුරන් කළ රටක් බවට පත්ව ඇති බවත් ඉන් වසරකට පසු එනම් වර්ෂ 2016දී බරවා රෝගය තුරන් කළ රටක් බවට ශ්‍රී ලංකාව පත්වූ බව මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා කීවේය. ජැපනීස් එන්සෙපලයිට්ස් රෝගය මේ වන විට වර්තාවීම අවම වී ඇති නමුත් හැත්තෑව අසූව දශකවලදී රෝගය බහුලව වාර්තාවී තිබුණු බව ඒ මහතා සදහන් කළේය.

ඩෙංගු රෝගය පාලනය කළත් එවැනි වෛරස එක් තැනක සිට තවත් තැනකට රැගෙන යන වාහකයා පාලනය කළ යුතුයි. එම වෛරස රැගෙන යන්නේ මදුරුවා විසින්. මදුරුවා මර්ධනය නොකර රෝග ව්‍යාප්තිය පාලනය කළ නොහැකියි. සීකා, කහඋණ වැනි රෝගවලින් ශ්‍රී ලංකාවට මේ දක්වා කිසිදු බලපෑමක් සිදුව නොමැති නමුත් එම වෛරස රැගෙන යන වාහකයා වන්නේ මදුරුවායි. ඒ නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි රෝග පාලනය කිරීමට නම් රෝග වාහකයා පාලනය කළ යුතු යැයි මහාචාර්ය වරයා කිවේය.

ශ්‍රී ලංකාවේ දැනට ජීවත්වන මදුරුවන් වෙන් කර හදුනා ගැනීම සදහා ඩී.එන්.ඒ. දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කර තිබෙන බව ද ඒ මහතා සදහන් කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුව හා හන්තානේ පිහිටි ජාතික මූලික අධ්‍යයන අයතනය එක්ව සිදුකරන නව පර්යේෂණය සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරුන් වන ප්‍රියංකා ද සිල්වා, තිළිණි වීරරත්න, හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ධම්මිකා මගනාරච්චි යන මහත්මීන් ඇතුලු පර්යේෂණ කණ්ඩායමක් මේ සදහා සම්බන්ධවී සිටිති.

නදීක දයා බණ්ඩාර - මහනුවර

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=1ii9NSuimek&feature=youtu.be[/youtube]

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙංගු උවදුර මඩින්න පේරාදෙණියෙන් සාර්ථක ක්‍රමවේදයක් !
ඩෙංගු උවදුර මඩින්න පේරාදෙණියෙන් සාර්ථක ක්‍රමවේදයක් !
http://ift.tt/2h28skd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_6166.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_6166.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy