දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විෂ්කි වලින් ධාවනය වන ලෝකයේ ප්‍රථම මෝටර් රථය අත්හදා බලයි
Homeවිශේෂ පුවත්

විෂ්කි වලින් ධාවනය වන ලෝකයේ ප්‍රථම මෝටර් රථය අත්හදා බලයි

PropellerAds

මෙම ජීව ඉන්ධනය බයෝ බියුටනෝල් යනුවෙන් හැඳින්වෙන අතර එය සාර්ථක ලෙස පෙට්‍රල් හා ඩීසල් වෙනුවට ආදේශ කළ හැකි ජීව ඉන්ධනයකි. බයෝ බියුටනෝල් නිෂ්පා...

විෂ්කි වලින් ධාවනය වන ලෝකයේ ප්‍රථම මෝටර් රථය අත්හදා බලයි

මෙම ජීව ඉන්ධනය බයෝ බියුටනෝල් යනුවෙන් හැඳින්වෙන අතර එය සාර්ථක ලෙස පෙට්‍රල් හා ඩීසල් වෙනුවට ආදේශ කළ හැකි ජීව ඉන්ධනයකි. බයෝ බියුටනෝල් නිෂ්පාදනය කරනු ලබන්නේ විෂ්කි නිපදවීමේදී එහි නිස්සාරණ සහ පෙරීමේ ක්‍රියාවලියේදී අවශේෂ හෙවත් මණ්ඩි වශයෙන් ඉතිරි වන යීස්ට් ද්‍රාවණය යොදාගනිමිනි. මේ අනුව අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයක් ද මෙහිදී සිදු වේ. තවද මෙහි ඇති විශේෂ වාසියක් වන්නේ රථවාහනවලට බයෝ බියුටනෝල් යොදාගෙන ධාවනය වීම සඳහා ඒවා විශේෂයෙන් වෙනස් කම්වලට ලක් කළ යුතු නොවීමයි.

පසුගියදා පරීක්ෂාවට යොදාගත් මෝටර් රථය නිෂ්පාදනය කරනු ලැබුවේ ස්කොට්ලන්තයේ කෙල්ටික් පුනර්ජනනීය ආයතනය විසිනි.

එහි ආරම්භක සභාපති” මහාචාර්ය මාටින් ටැන්ග්නි ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ කියයි. “අප විසින් වැඩිදියුණු කරන ලද ක්‍රමය වන්නේ ඝන” ද්‍රව මිශ්‍ර කර ඒබීඊ නමැති සම්පූර්ණයෙන්ම වෙනස් පැසීමේ ක්‍රියාවලියක් යොදාගෙන එයින් බියුටනෝල් නමැති රසායනිකය නිපදවා ගැනීමයි.”

“එය පෙට්‍රල් වෙනුවට කෙළින්ම ආදේශ කරන්න පුළුවන්.”

ඔහු මෙසේ ද පැවසීය. “විෂ්කි නිපදවීමේදී ඉතිරි වන මණ්ඩිවලින් සාදාගත් බයෝඉන්ධනයකින් මෝටර් රථයක් ධාවනය කරවූ ප්‍රථම වතාව මෙයයි. ලෝකයේ අනර්ඝ විෂ්කි සඳහා පමණක් නෙවෙයි” පුනර්ජනනය කළ හැකි ශක්තිය සම්බන්ධයෙන් බලාගාරයක් වශයෙන් ද සැලකෙන ස්කොට්ලන්තයෙන් මේ අත්හදාබැලීම සිදුකිරීම ඓතිහාසිකයි.”

මෙම ඓතිහාසික අත්හදාබැලීම සිදුකරනු ලැබුවේ එඩින්බ්ර්ග් හි නේපිරයර් සරසවියේදී ය. සුක්කානම හැසිරවීමේ අවස්ථාව ලබාගෙන තිබුණේ බීබීසී වාර්තාකාරිනී ලීසා සමර්ස් විසිනි.

මෝටර් රිය අතිශයින්ම සුමට ලෙස ධාවනය වූ බව පැවසූ ඈ” එම මෝටර් රියත් පෙට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය වන මෝටර් රියකුත් අතර කිසිදු වෙනසක් තමන්ට නොදැනුණු බවත් විශ්වාසයෙන් කියා සිටියාය.

ගෝලීය වෙළඳපොළට ගැළපෙන අන්දමින් මෙම මෝටර් රථ නිපදවීම කෙරෙහි දැනටමත් සෙල්ටික් සමාගමේ අවධානය යොමු වී තිබේ. ඔවුන්ට මේ සඳහා කර්මාන්තශාලාවක් සකස් කර ගැනීමට දැනටමත් ආණ්ඩුවෙන් පවුම් මිලියන 9ක අරමුදලක් ද ලැබී තිබේ. වසර 2019 පටන් එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් වී මෙම මෝටර් රථ ගෝලීය වෙළඳපොළ සඳහා වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ වනු ඇත.

ස්කොට්ලන්තය තුළ පමණක් බයෝ බියුටනෝල් විසින් පවුම් මිලියන 100 ක වෙළඳපොළක් සහිත කර්මාන්තයක් නිර්මාණය කරනු ඇතැයි සැලකේ.

තවද විෂ්කි නිපදවන රටවල් වන ඉන්දියාව, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය ද බයෝ බියුටනෝල් සම්බන්ධයෙන් ඉලක්කගත වෙළඳපොළ ලෙස හඳුනාගෙන ඇති අතර මේ නැගී එන වෙළඳපොළ මෙම රටවලට ද වාසිදායක වනු ඇත.

- කලේන්ද්‍ර විතාන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විෂ්කි වලින් ධාවනය වන ලෝකයේ ප්‍රථම මෝටර් රථය අත්හදා බලයි
විෂ්කි වලින් ධාවනය වන ලෝකයේ ප්‍රථම මෝටර් රථය අත්හදා බලයි
http://ift.tt/2uXwkrc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_487.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_487.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy