ඒ අනුව ඉතා ඉක්මනින් රුපියල් මිලියන 300 ක් වෙන්කිරීමට නියමිත අතර ඒ ඉතා ඉක්මනින් සිදු කළයුතු හානි පූර්ණය වෙනුවෙනි. මේ යටතේ පානීය ජලය නොමැති...
ඒ අනුව ඉතා ඉක්මනින් රුපියල් මිලියන 300 ක් වෙන්කිරීමට නියමිත අතර ඒ ඉතා ඉක්මනින් සිදු කළයුතු හානි පූර්ණය වෙනුවෙනි. මේ යටතේ පානීය ජලය නොමැතිවීම නිසා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට නියමිතය. ඊට අමතරව නල ළිං ව්‍යාපෘතියක් ද ආරම්භ කිරීම රජය බලාපොරොත්තු වේ.
අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව වෙනුවෙන් ඉඩම් ලබාදීමට රජය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම ඉතා ඉක්මනින් සිදුවනු ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පාසල 18 ක් ප්‍රතිසංස්කරණය කිරීමට සිදුව ඇති බවයි.
COMMENTS