දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රහස් පොලිසිය ලලිත් ජයසිංහ යාපනේ රැගෙන යයි!

පැය 3 කට අධික කාලයක් රහස් පොලිස් නිලධාරීන් වෙත දීර්ඝ කටඋත්තරයක් ලබාදී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ එකී ප්‍රකාශයෙන් තහවුරු වූ කරුණු මත ඔහ...

රහස් පොලිසිය ලලිත් ජයසිංහ යාපනේ රැගෙන යයි!

පැය 3 කට අධික කාලයක් රහස් පොලිස් නිලධාරීන් වෙත දීර්ඝ කටඋත්තරයක් ලබාදී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ එකී ප්‍රකාශයෙන් තහවුරු වූ කරුණු මත ඔහුව මෙසේ යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කිරීමට නියමිතව ඇත. ලලිත් ජයසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් බී වාර්තාවක් රහස් පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයාට යොමු කිරීමෙන් අනතුරුව එහි සඳහන් කරුණු සලකාබලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇප මත මුදා හරින්නේද රිමාන්ඩ් භාරයට පත් කරන්නේද යන්න යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරි පැය කීපය තුලදී තීරණය කරනු ඇත.

නීතිය ඉදිරියේ සියලුම දෙනා එක සමානය යන මූලික සිද්ධාන්තය සපුරා බැහැර කරමින් තමන්ගේ පුද්ගලික හා දේශපාලන හිතවත්කම් මත ලලිත් ජයසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය වසර 2 කට ආසන්න කාලයක් නීතියේ ආධිපත්‍ය මග හරිමින් සිටි අතර, පොලිස් කොමිසමේ ඔහුගේ හිතවතුන්ද ඔහුට අවශ්‍ය රැකවරණය නොඅඩුව සපයා දෙන ලදී.

කෙසේ වුවද මේ වන විට යාපනය මහාධිකරණයේ විභාග වෙමින් පවතින විද්‍යා ඝාතන නඩුවේ සාක්ෂිකාරයන් විසින් විවෘත අධිකරණයේ ලබාදුන් සාක්ෂි හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති 127 ප්‍රකාරව විනිසුරුවරයාට කරන ලද ප්‍රකාශවලින් ලලිත් ජයසිංහගේ නම ඉස්මතුවීම නිසා ඔහුව නොකැඳවා සිටීමට රහස් පොලිසියට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවටද නොහැකි විය.

විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන මොලකරුවන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් චේතාන්විතව යාපනයෙන් මුදා හරින ලද්දේ එවක එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් ජයසිංහය. ශෂී කුමාර්ව කොළඹදී කොටු කර ගැනීමට රහස් පොලිස් නිලධාරීන්ට නොහැකි වුයේ නම් මෙම නඩුව ඇසීමට සිදුවන්නේ මහා මොලකරුගෙන් තොරවය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ සියළුම මාධ්‍ය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට හා කොළඹ නීතිපීඨයේ මහාචාර්ය වී.ටී. තමිල්මාරන්ට රැකවරණ සපයද්දී ලංකා නිවුස් වෙබ් පමණක් යථාතත්වය හෙලි කිරීමෙන් ලලිත් ජයසිංහට නීතියෙන් ගැලවී යා ගත නොහැකි විය. පමණක් මාධ්‍ය ජාලා පවා අප වෙත චෝදනා කර සිටියේ අප ප්‍රබන්ධකරණයේ යෙදී සිටින බවයි.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පසුගිය කාලය පුරා සිදුකරන ලද තවත් සිද්ධීන් ගණනාවක් අප සතුව තිබේ. නමුත් ඒවා හෙලි කිරීමට මේ අවස්ථාව නොවේ. එහෙත් අප රහස් පොලිසියෙන් හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණයේදී රත්නපුරයේ චොකා මල්ලී සම්බන්ධ ත්‍රිපුද්ගල ඝාතන නඩුවේ මරණකරුගේ මරණාසන්න ප්‍රකාශය නැවත කියවා බලන ලෙසයි.

වැඩි විස්තර පසුවට...

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රහස් පොලිසිය ලලිත් ජයසිංහ යාපනේ රැගෙන යයි!
රහස් පොලිසිය ලලිත් ජයසිංහ යාපනේ රැගෙන යයි!
http://ift.tt/2ukgpq4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_438.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_438.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy