එක්දින තරගවල ලකුණු හඹායාමේදී වැඩිම ශතක රැස්කිරීමේ වාර්තාව සතුව තිබුනේ හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් සතුවයි. මෙම තරගයේදී ...
එක්දින තරගවල ලකුණු හඹායාමේදී වැඩිම ශතක රැස්කිරීමේ වාර්තාව සතුව තිබුනේ හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් සතුවයි. මෙම තරගයේදී ඔහු අභිබවා යාමට කෝලි සමත් වූ අතර ඒ ලකුණු හඹායාමේදී ඔහු වාර්තා කළ 18 වැනි ශතකය ද සමගිනි.
ලකුණු හඹාගිය ඉනිම 102 කට ක්‍රීඩා කළ කෝලි ඉන් ඉනිම 18 කදීම ශතක වාර්තා කිරීම විශේෂත්වයකි. ඒ අනුව ඔහු ආසන්න වශයෙන් සෑම ඉනිම 05 කට වරක්ම ශතකයක් වාර්තා කරගෙන තිබෙනවා. සචින් ටෙන්ඩුල්කාර් සිය ශතක 17 ලබාගෙන ඇත්තේ ඉනිම 232 ක් ක්‍රීඩා කරමිනි.
කෝලිගේ ශතකය හේතුවෙන් ඉන්දීය කණ්ඩායම තරගයෙන් කඩුලු 8 ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර තරග 3-1 ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට ද ඉන්දීය කණ්ඩායම සමත් විය.
මේ අතර ඊයේ කෝලි ලබාගත් 28 වැනි එක්දින ශතකයක් සමග වැඩිම එක්දින ශතකලාභීන්ගේ සටහනේ තුන්වැනි ස්ථානයට පත්වූ අතර ඔහුට වඩා ශතක ලබාගෙන ඇත්තේ සචින් ටෙන්ඩුල්කාර් (ශතක 49) සහ රිකී පොන්ටින් (ශතක 30) පමණි. තවමත් 29 හැවිරිදි කෝලි මෙම ශතක 28 ලබාගෙන ඇත්තේ ඉනිම 181 ක් තුළදීය. ඒ අනුව සෑම ඉනිම 7 කදීම එක් ශතකයක් වාර්තා කරගැනීමට කෝලි සමත් වී තිබේ. ඔහුට සචින් ටෙන්ඩුල්කාර්ගේ වැඩිම ශතක වාර්තාව පහසුවෙන්ම බිඳහෙලීමට හැකිවනු ඇත.
COMMENTS