දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රැකියා ලබා දීමේදී පියපුතු පදනම තෙල් සංස්ථාවටත් හඳුන්වා දෙනවා..

රැකියා ලබා දීමේදී පියපුතු පදනම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටද ඉදිරියේදී හඳුන්වා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. මේබව කිය...

රැකියා ලබා දීමේදී පියපුතු පදනම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටද ඉදිරියේදී හඳුන්වා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. මේබව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ දූදරුවන් වෙනුවෙන් පිදෙන වාර්ෂික සරසවි ශිෂ්‍යත්ව වැඩසටහනට එක් වෙමිනි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (19) පැවැති එම වැඩසටනේදී 2016 – 2017 වර්ෂය සඳහා සරසවි සුදුසුකම් ලැබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ දූදරුවන් 17දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරිණ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ යහපත් පුරවැසියකු වීම දෙමාපියන් උදෙසා දරුවන්ට දිය හැකි හොඳම තිළිණය වන බවයි. “​සරසවි වරම් ලබන්න එක පැත්තකින් දක්ෂයෙක් විය යුතුයි. අනෙක් පැත්තෙන් වාසනාවන්ත විය යුතුයි. නමුත් අපි ඇතැම් විට දකිනවා අවුරුදු 8, 9 විශ්ව විද්‍යාලයේ රස්තියාදු වෙමින් ඉන්න දරුවෝ. මේ ගැන අපේ මේ දූලා පුතාලා හොඳින් හිතන්න. 


තමන්ගේ අයිතිවාසිකම් දිනාගත හැකි ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ඒ ක්‍රමය තමන් තීරණය කරන්න. එක එක්කෙනාට තමන්ව පාලනය කරන්න දෙන්න එපා. විශ්ව විද්‍යාලයේදී තමන්ව පාලනය කිරීම වෙනත් පුද්ගලයින්ට දුන්නොත් සමහරවිට විශ්ව විද්‍යාලයෙන් අත වන වනා එළියට එන්න වේවි. අපිට අවශ්‍ය වෙන්නේ ඉගෙන ගත්ත දරුවෝ. හොඳට ඉගෙන ගත්ත දරුවෝ. අපේ සංස්ථාවේ ඉහළට ඉගෙන ගත්ත දරුවන්ට අවස්ථා තියෙනවා. අපිට ඒ අවස්ථා මේ ආයතනයේ සේවකයින්ගේ දරුවන්ට ලබා දෙන්න පුළුවන්. මමත් අද මගේ දරුවන් නිසා තෘප්තියක් ලබන තාත්තා කෙනෙක්. 

ඒ තෘප්තිය මෙතන ඉන්න තාත්තාලා අම්මාලාට ලබා දෙන්න පුළුවන් මේ ඉන්න දරුවන්ට. හැමවෙලේම තමන් තීරණයක් ගන්න කොට අම්මා තාත්තා ගැනත් හිතන්න. අම්මා තාත්තාගෙන් අහන්න. එතනින් පටන් ගත්තොත් කවදාවත් වරදින්නේ නෑ……” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වන්නේ 1982 වර්ෂයේ සිටය. එහිදී එක් ශිෂ්‍යත්වලාභියකුට මාසිකව ගෙවනු ලබන දීමනාව රුපියල් පන්දහසක් වේ. 

අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ තම සේවක සේවිකාවන්ගේ සුභසාධනය උදෙසා සංස්ථාව ගත් මේ පියවර සැබවින්ම අගය කරන බවයි. “මේ කරන්නේ මහා පිංකමක්. අපිට මතකයි අපි පොඩිකාලේ ඉගෙන ගත්ත ආකාරය. ඒ කාලේදී අපි බොහෝම දුෂ්කරතා මධ්‍යයේ ඉගෙන ගත්තේ. ඉගෙන ගන්නා කාලේ යම්කිසි කෙනකුගෙන් යම් සහනයක් ලැබෙනවා නම් එය අගය කළ හැකි මහඟු සේවාවක් බවට පත් වුණා. මිනිස්සු හැදෙන්නේ නැතිව රටක් නිර්මාණය කරන්න අපහසුයි. 

ලෝකයේ අනෙක් රටවල් දෙස බලන්න. සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව වැනි රටවල් මීට පෙර අපි වගේම දුප්පත් මට්ටමක සිටියේ. නමුත් අද වන විට විශාල ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ඒ රටවල් සමත්ව සිටිනවා. මේ සියලු ජයග්‍රහණ ඔවුන් අත්පත් කර ගත්තේ මිනිස්සු හදලා. මිනිස්සු හදන ගමන් ගොඩනැඟිලි හැදුවා. යාන වාහන හැදුවා. අපිටත් මෙය කරන්න පුළුවන්. සැබෑ ලෙසම රටට අවශ්‍ය වෙන්නේ වෙලාව බලන්නේ නැතිව රටවෙනුවෙන් වැඩ කරන පිරිස්….” යැයිද අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.

– තමීර මංජු

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රැකියා ලබා දීමේදී පියපුතු පදනම තෙල් සංස්ථාවටත් හඳුන්වා දෙනවා..
රැකියා ලබා දීමේදී පියපුතු පදනම තෙල් සංස්ථාවටත් හඳුන්වා දෙනවා..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCGq_x-xjkNXOZfDaZOLKFn4JRQq9Ul5knQw8VGXFSVFD5reFwePVv4YfTxfcxljxy0nCPPFe3gxJajoioJw0GXjrbEd10QG69o8IR_Bk8r28GNXgKuHHZcXrgqxr7X3J2I2uj6U1xMV8/s320/Arjuna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCGq_x-xjkNXOZfDaZOLKFn4JRQq9Ul5knQw8VGXFSVFD5reFwePVv4YfTxfcxljxy0nCPPFe3gxJajoioJw0GXjrbEd10QG69o8IR_Bk8r28GNXgKuHHZcXrgqxr7X3J2I2uj6U1xMV8/s72-c/Arjuna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_392.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_392.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy