දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආගම එක්ක දේශපාලනය කරන්න එපැයි අගමැති ඉල්ලයි.

විහාරස්ථාන පාලනය කිරීමට හෝ විහාරස්ථානවල කටයුතුවලට මැදිහත්වීමට    තමන්ට බලයක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12දා) පැවසීය....


විහාරස්ථාන පාලනය කිරීමට හෝ විහාරස්ථානවල කටයුතුවලට මැදිහත්වීමට    තමන්ට බලයක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12දා) පැවසීය.

තරුණ භික්ෂු එකමුතුවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී අදහස් දැක්වූ අගමැතිවරයා,

“මේ සෙල්ලම නවත්වන්න. ආගම අදින්න එපා. අපිටත් පුලුවන් කියන්න. අපිත් බෞද්ධයෝ. බෞද්ධයෝ වැඩිහරියක් ඡන්දේ දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවන්න. ආගම එක්ක දේශපාලනය කරන්න එපා. මේක ප්‍රාදේශීය සභා ඡන්දෙට ලෑස්තිවෙලා කරන සෙල්ලමක්. විහාර දේවාලගම් පනත අපිට වෙනස් කරන්න දෙයක් නැහැ. 1931 හැන්සාඩ් එක අරන් බලන්න ඒක කොච්චර හොඳට දාලා තියෙනවද කියලා. නමුත් ජේ.ආර්.ජයවර්ධන මහතාගේ කාලයේදී මහා භාරකාර වෙනුවට බෞද්ධ කටයුතු කොමසාරිස් දැම්මා.“යනුවෙන් පවසා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේ බෞද්ධයන්ගේ ඡන්ද වැඩිපුර ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බවපැවසූ අගමැතිවරයා විරුද්ධවාදීන් විසින් බුද්ධාගම සම්බන්ධව අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් සිටිනුයේ ඉදිරියේදී එන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන බවද  කියා සිටියේය.

අධ්‍යාපන ඇමතිවරයාට පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට බලය තිබෙන බවත් දඹුලු විහාරය සංවර්ධනය කිරීමට උත්සාහ ගත්තේ මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන් දැනුවත් කර බවත් පැවසූ වික්‍රමසිංහ මහතා එම උත්සාහය විකෘති කර, ආගම සම්බන්ධ කරගනිමින් විරුද්ධවාදීන් ගෙනයන සෙල්ලම වහාම නැවැත්විය යුතුයැයිද  සඳහන් කළේය.

දඹුලු රජමහා විහාරයට ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමට අවශ්‍ය නම් අස්ගිරියේ මහානායක හිමියන් මුණ ගැසී ඒ සම්බන්ධව සාකච්ඡා කර තීරණයක් ගන්නැයි දඹුලු විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලා සිටින බවත්, එම පියවර අනුගමනය කළ හොත් දඹුලු විහාරය සම්බන්ධව දැනට මතුව ඇති ගැටලුව අවසන් කිරීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට සහභාගී වූ වැලිමඩ චන්ද්‍රරතන හිමි, පනාමුරේ චන්දානන්ද හිමි ඇතුළු තරුණ භික්ෂුන් වහන්සේලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දඹුලු විහාරස්ථානය ඇතුළුව දැනට මතුව ඇති ගැටලු පිළිබඳ අගමැතිවරයාගෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් රජයේ ස්ථාවරය පිළිබඳව මෙහිදී කරුණු විමසා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඒකීය භාවය සහ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම යන කරුණු වෙනස් නොකරමින්  නව ව්‍යවස්ථාව සකස් කරන  බවයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආගම එක්ක දේශපාලනය කරන්න එපැයි අගමැති ඉල්ලයි.
ආගම එක්ක දේශපාලනය කරන්න එපැයි අගමැති ඉල්ලයි.
http://ift.tt/2tM2q9Y
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_344.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_344.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy