දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වැලිකඩ සංහාරය ගැන විජේදාස වාර්තාවත් අතුරුදන් ?

කලින් එකට නඩු - පසුව එකට බඩු ? පසුගිය සතියේදී මහාධිකරණ විනිසුරු ගුරුසිංහ මහතා හමුවේ 'වැලිකඩ පහරදීමකට' අදාලව 54 දෙනෙකුට එරෙහිව නඩ...

වැලිකඩ සංහාරය ගැන විජේදාස වාර්තාවත් අතුරුදන් ?

කලින් එකට නඩු - පසුව එකට බඩු ?

පසුගිය සතියේදී මහාධිකරණ විනිසුරු ගුරුසිංහ මහතා හමුවේ 'වැලිකඩ පහරදීමකට' අදාලව 54 දෙනෙකුට එරෙහිව නඩු පවරණු ලැබිණි. ඒ, වැලිකඩ සංහාරයට පෙර සිදු වූ වැලිකඩ රැඳවියන් පිරිසක් විසින් පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීම පිළිබඳව ය. 2010.11.07 වන දින හෙරොයින් සහ ජංගම දුරකථන සොයා වැලිකඩ බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කර වූ පොලිස් මෙහෙයුමක දී පොලිසිය ඉතා අපරීක්ෂාකාරී අන්දමින් හැසිරීම හේතුවෙන් ඔවුන්ට රැඳෙවියන්ගෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වුණි. එය එක් අතකින් බලන කල ඉල්ලං කෑමක් ලෙසද හැඳින්විය හැකි නමුත් කෙසේ හෝ පොලිස් නිලධාරීන් සැලකිය යුතු පිරිසක් එම ගැටුමින් තුවාල ද ලැබීය. පෙර කී 54 දෙනා යනු එදා එම ගැටුම අවස්ථාවේ බන්ධනාගාරයෙහි සිටි රැඳෙවියන් ය. ඒ අනුව පොලිසියට පහරදුන් රැඳෙවියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකය. එහෙත් එම සිදුවීමෙන් වසර දෙකකට පසුව නීතිවිරෝධී ලෙස ගිනි අවි රැගෙන බන්ධනාගාරයට කඩා පැන ගැටුමක් ඇතිකර පසුව අමු අමුවේ මිනීමැරුමක් දක්වා එය ගෙනගිය ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවට ලකුණක් හෝ නොමැත.

වැලිකඩ සංහාරයට එරෙහි සමාජ මතය

වැලිකඩ සංහාරය සිදුකළ ආකාරය පිළිබඳව දීර්ඝ විස්තර කොතෙකුත් ලියා ඇති බැවින් ඒ ගැන නැවත ලිවීමට අදහස් නොකරමි. 2012 නොවැම්බර් 09 වනදා සිට 10 වනදා උදෑසන දක්වා කාලය තුළ වැලිකඩ බන්ධනාගාරයේ දී බිලිගත් ජීවිත පිළිබඳව රාජපක්ෂ පාලනයෙන් පරීක්ෂණ පැතීම යනු "හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන් ම පේන ඇහීමක්" විය. කෙසේ වෙතත් මෙකී නින්දිත ඝාතනය රාජපක්ෂලාටවත් යට නොගැසිය හැකි ලෙසින් ඊට අදාල සාක්ෂි සමාජගත වන්නට විය. වැලිකඩ ඝාතනයට එරෙහිව මෙතරම් ප්‍රබල සමාජ මතයක් ගොඩ නැඟුණේ එබැවිනි. සදා සිහසුනේ හිඳිනා බලාපොරොත්තුවෙන් යුතුව ලවක් දෙවක් නැතිව අපරාධ කළ රාජපක්ෂලාව ජනතාව විසින් පුටුවෙන් බිමට ඇද හෙළා හොට බිම අන්නන්නේ මේ අතරය. ඉන්පසුව වැලිකඩ නින්දිත මිනීමැරුමට එරෙහිව සාධාරණය ඉටුවනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුණ ද වෙමින් පවතින්නේ වෙනෙකක් බව අපි මීට පෙර ද අවධාරණය කළෙමු. යුක්තිය ඉටු කිරීම වෙනුවට පාලනය පවත්වා ගැනීම වෙනුවෙන් 'ඩීල්' දමමින් යහපාලනය හෙළුවැල්ලෙන් යන්නට පටන් ගෙන තිබෙන අතර යුක්තිය වෙනුවට දණ්ඩ මුක්තිය සොයා රාජපක්ෂ අවතාර ද පොලීසියේ පරෙවි ගුල් අස්සෙන් රිංගන්නට පටන් ගෙන තිබේ.

කමිටු වාර්තාව රනිල්ගේ හමස් පෙට්ටියට

වත්මන් ආණ්ඩුව පත් වූ අලුතම 2015 ජනවාරි මාසයේදීම වැලිකඩ ඝාතනය පිළිබඳව කමිටුවක් පත් කෙරෙන්නේ එය එතරම්ම සමාජය කැළඹවූ සිදුවීමක් වූ නිසාවෙන් නොවේද ? නීතියේ ආධිපත්‍ය, යුක්තිය, සාධාරණය ගැන දහසකුත් එකක් පම්පෝරි ගසා මේ 'වැලිකඩ ඝාතනය පිළිබඳ කමිටු වාර්තාව' අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාර දුන්නේ 2015 ජුනි 09 වනදා ය. ඉන්පසුව එකී වාර්තාවට කලක් යනතුරුම අගමැතිවරයාගේ හමස් පෙට්ටියේ රැඳෙන්නට සිදුවිය.

මානව හිමිකම් සංවිධාන විසින් දිගින් දිගට ම එල්ල කළ පීඩනය හමුවේ මෙකී වාර්තාව යළි උඩ එන්නේ වින්දිතයින්ට වන්දි ගෙවීමේ යෝජනාවක් සමඟය. එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කෙරුණු අතර අවසානයේ අමාත්‍ය මණ්ඩලය විසින් වන්දිය අනුමත කර තිබිණි. ඒ, ඝාතනයට ලක් වූ රැඳවියන් 16 දෙනෙකු සඳහා එක් අයකුට ලක්ෂ 20 බැගින්, තුවාල ලැබූ රැඳවියන් 20 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරියකු සඳහා එක් අයකුට ලක්ෂ 05 බැගින් ලෙසටය. මෙහිදී ද ඝාතනයට ලක් වූ රැඳෙවියන් 11 දෙනෙකු පැනයාමට තැත්කළ අය ලෙස වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කෙරී තිබිණි. ඒ කෙසේ වෙතත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් නම් මෙය යුක්තිය සහ සාධාරණය පිළිබඳව මහා පියවරක් ලෙස හුවා දැක්වීමට යත්න දැරිණි. එහෙත් යුක්තිය කොතැනද ?

වන්දි ගෙව්වාම ඔක්කොම හරිද ?

ආණ්ඩුව විසින් ජනතා මුදලින් වන්දි ගෙවන්නට තීරණය කරන්නේ ම එතැන වරදක් කෙරී ඇති බවට ඔප්පු වී ඇති නිසාය. නැතිනම් වන්දි ගෙවීමට වුවමනාවක් වන්නේ නැත. වරදක් කෙරී ඇත්නම් එකී වරද කළ වැරදිකරුවකු හෝ පිරිසක් සිටිය යුතුය. එකී වරදකරුවන් පිරිස පිළිබඳවද අදාල වාර්තාවේ සඳහන් ව තිබිය යුතුය. මන්දයත් මේ වන්දි ගෙවෙන්නේ වික්‍රමසිංහ පවුලේ පෙට්ටගමෙන්වත් අරලිය සහල් මෝලේ ලාච්චුවෙන්වත් නොව ජනතා මුදලින් බැවිනි. වින්දිතයින්ට වන්දි ගෙවනා අතර චූදිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහෙත් ඒ ගැන නම් ආණ්ඩුවට වගේ වගක් ඇති බවක් හෝ පෙනෙන්නට නැත.

වාර්තාවත් අතුරුදන් ලැයිස්තුවට ?

පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව කෙරුණු විමසීම් වල දී ඇමති විජේදාස රාජපක්ෂ විසින් ප්‍රකාශ කර තිබුණේ සමස්ත වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇති බවත් එහි ඇති සියළුම කරුණු ප්‍රසිද්ධ කිරීමට නොහැකි නිසා කොටසක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණ බවත්ය. පොලිස්පතිවරයා වෙත වාර්තාව යවන බවක් කීවද වැලිකඩ ඝාතකයින්ට එරෙහිව සිදුකෙරෙණ විමර්ශනයක් නොමැති බැවින්, පෙනෙන්නේ වාර්තාව පොලිස්පතිවරයා ළඟ ද නොමැති බවය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා විසින් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමේදී ඔවුන්ද පවසා ඇත්තේ වැලිකඩ ඝාතනය පිළිබඳ වාර්තාව තමන් වෙත නොලැබුණු බවය. මේ අනුව 'වැලිකඩ ඝාතන පිළිබඳ විජේදාස වාර්තාව' මේ වන විට ආගිය අතක් සොයාගත නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

රාජපක්ෂ යුගය යනු මෙරට අතුරුදන් කරවීම් පිළිබඳව නම් දැරූ යුගයක් විය. රාජපක්ෂලාට හෝ ඔවුන්ගේ හිතවතුන්ට තර්ජනයක් වූ අයට සිදුවූයේ මහපොළොව මත කිසිදු සලකුණක් නොතියාම අතුරුදන් වන්නටය. වැලිකඩ ඝාතන පිළිබඳව දැනට එළිදරව් වී ඇති තොරතුරු අනුව සාධාරණ වාර්තාවක් එළිදුටුවේ නම් ඊයේ පෙරේදා ඇප ලැබූ කුප්‍රකට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ, මෑතකදී වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ පසු සමහරක් මාධ්‍ය මඟින් පොලිස් වීරයා කරවන්නට දඟලන මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නියෝමාල් රංගජීව සහ මේ සියල්ලන්ට ම ඉහළින් සියල්ලට අණ දුන් ගෝටාබය රාජපක්ෂ යන අයට කූරු ගනින්නට සිදුවිය යුතුය. එහෙත් මේ ලංකාව බැවින් එහෙම වන්නේ නැත. තොග ගණනින් මිනිස් ඝාතන, අතුරුදන් කරවීම්, බිලියන ගණනින් මුදල් ගසාකෑම් පිළිබඳ චෝදනා මැද රාජපක්ෂ පවුල අදටත් මැස්සෙකුගෙන් හෝ හිරිහැරයක් නොමැතිව යහතින් ඉන්නේ 'බලය පවත්වා ගැනීම' යන සාධකය හා ඔට්ටු වෙවී සිටින ආණ්ඩුවට වෙට්ටු දමමිනි.

පොලිස්පතිටත් වඩා බලවත් අදෘෂ්‍යමාන බලවේග

මෙහිදී තවත් එකක් අවධාරණය කළ යුතුය. විජේදාස වාර්තාව සැකසුණේ වත්මන් රජය යටතේ නමුත් එය බාර කෙරුණේ එවකට පොලිස්පතිවරයා වූ එන්. කේ. ඉලංගකෝන් වෙතය. ඉලංගකෝන් මෙම වාර්තාව කලක් තිස්සේ කොහේ හෝ මුල්ලක ඔබා තැබුවේය. වැලිකඩ ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම මෙතරම් පමා වීමේ මූලික පියවර ඉලංගකෝන්ගේ ය. වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර කරගසන්නේ ඔහුගේ පාපයට ය. කෙසේ වෙතත් ස්වාමිනාදන් අමාත්‍යවරයා විසින් මෙම වාර්තාව පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු ක්ෂණිකව ක්‍රියාත්මක වී වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යොමුකොට ඇත.

එහෙත් ඒ අවස්ථාවේදී පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින, හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට හිතවත් යම් නිලධාරියකු විසින් මෙම වාර්තාව යළිත් සඟවාගෙන තිබේ. පොලිස්පතිගෙන් යොමු වුණු වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොයා දැනට සිර වී තිබෙන්නේ එවන් අනුර සේනානායකගේ ඉත්තෙකු අතේය. අනුර සේනානායක යනු කුප්‍රකට රාජපක්ෂ ගැත්තෙකු නිසා මෙතැනදී ද ක්‍රියාත්මක වන්නේ රාජපක්ෂ කල්ලියේ තවමත් නොපිරිහුණු බලය බව පැහැදිලිය. වෙනත් දහසකුත් එකක් වැරදි තිබෙනමුත් මීට නම් වත්මන් පොලිස්පති පූජිත්ගේ සම්බන්ධයක් නොමැත.

පොලිස්පති පූජිත්ගේ කෙතරම් දරුණු විවේචකයන් ලෙස 'ලංකා නිව්ස් වෙබ්' අප ක්‍රියාත්මක වුවත් ඔහු වැරදිකරු නොවන සිදුවීමකට ඔහුට චෝදනා කිරීමේ වුවමනාවක් අපට නැත. එසේම විජේදාස වාර්තාව අතුරුදන් කරවීමේ චෝදනාව පූජිත්ට යොමු වන්නේ නම් ඊට එරෙහිව පූජිත් වෙනුවෙන් පෙනී සිටීමට පවා අප සූදානම් ය. මෙම සිදුවීමේදී පොලිස්පතිටත් වඩා බලවත් අදෘෂ්‍යමාන බලවේග පොලිස් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන බව කිව යුතුය. වාර්තාව අදාල තැන් වලට යොමු කිරීම දිගින් දිගට ම පමා වන්නේ නම් ඔවුන් හෙළිදරව් කිරීමට ද අප සූදානම් ය.

මායාකාරයෝ සහ සුරංගනා කතා

ඒ කරුණ එසේ වුවද ආණ්ඩුවට තමුන් මෙහිදී දක්වන නිද්‍රාශීලී පිළිවෙත ගැන චෝදනාවෙන් ගැළවෙන්නට නම් නොහැක. හතර අතේ කරකැවෙන අඳුරු ගුප්ත කුමන්ත්‍රණ මැද අද සිදුව ඇත්තේ වැලිකඩ ඝාතන පිළිබඳ විජේදාස වාර්තාවට අතුරුදන් වන්නට ය ! සුරංගනා කතා වල එන නපුරු මායාකාරියන් ප්‍රසිද්ධියේ පැරදී පළා ගියත් ඈත කඳුමුදුන් වල ගල් ගුහා අතර සැඟ වී හිඳිමින් සිය ලිප මත පැහෙන මැජික් හැලියේ මායා හොද්දට හුස්ම පිඹ පිඹ ගම් දනව් වලට විණ කැටීමට සමත්ය. මන්තර බලයෙන් පණ දුන් පිල්ලි යවා තමන්ට ඕනෑ කරණ දේවල් ගෙන්වා ගැනීමට සමත්ය. එසේම රජපුටුවෙන් බිමට ඇද දා මැදමුලනට ම එළවා දැමූමුත් නපුරු රාජපක්ෂලා ද තවමත් ජාතිවාදී හොද්ද කළත කළතා තමන්ට එරෙහි චෝදනා, පරීක්ෂණ අතුරුදන් කරවීමට සමත්ය. පිල්ලි ගැසූ සල්ලි යොදවා අල්ලාගත් ඉත්තන් ලවා වාර්තා උස්සමින් ජල්ලි ඇල්ලීමෙහි සමත්ය. අවසානයේ අවාසනාවට සුරංගනා කතාවක් වී ඇත්තේ රනිල් + මෛත්‍රී ආණ්ඩුව උදා කරනවායැයි කියූ යහපාලනය ය. ආණ්ඩුවේ විලිලැජ්ජාව ගැන කතා කරන්නටවත් දෙයක් ආණ්ඩුවම ඉතිරි කර නැත.

පෙර ලිපි

http://ift.tt/2sR9ssQ

http://ift.tt/2uakvRS

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැලිකඩ සංහාරය ගැන විජේදාස වාර්තාවත් අතුරුදන් ?
වැලිකඩ සංහාරය ගැන විජේදාස වාර්තාවත් අතුරුදන් ?
http://ift.tt/2uarxFY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_281.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_281.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy