1990 දී එල්ටීටීඊ සංවිධානය විසින් පලවා හරින ලැබූ , විල්පත්තු රක්ෂිතයට යාබද ගම්මානවල පදිංචිව සිටි ජනතාව, නැවත තම පාරම්පරික වාසස්ථානවල පදිංච...
1990 දී එල්ටීටීඊ සංවිධානය විසින් පලවා හරින ලැබූ , විල්පත්තු රක්ෂිතයට යාබද ගම්මානවල පදිංචිව සිටි ජනතාව, නැවත තම පාරම්පරික වාසස්ථානවල පදිංචිවීම ජාතිවාදී දෘෂ්ඨිකෝණවලින් බැලීමට එරෙහිව කරුණු සනාථ කිරීමට මෙම කෘතිය නිර්මාණය කර ඇත.
මෙම කෘතියට එලිදැක්වීමට සමගාමීව ඒ පිළිබඳව වසන්ත කුලතුංග මහතා අතින් සැකසුණු වාර්තා චිත්‍රපටයක්ද නිර්මාණය කර තිබුණි.
මෙම අවස්ථාවට ගාමිණී වියන්ගොඩ, අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි ඇතුළු ආරාධිත අමුත්තන්ගෙන්ද පරිසර සම්බන්ධ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු තවත් බොහෝ පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටියහ. මෙහි විශේෂ වැදගත් කමක් වූයේ මෙහි විස්තර කරන සිදුවීම්වලට අදාළ ගම්මානවල සමහර පිරිස් ද මේ උත්සවයට සහභාගි වී තිබුණි.
ඡායාරූප ඒ. සෙනෙවිරත්න
COMMENTS