ඒත් පොලීසියෙන් ඒ කතාව පිළිගන්නේ නැත. අධිකරණයත් පිළිගන්නා බවක් පෙන්වන්නේ නැත. දැනට ඔහු ර'දවාගෙන සිටින ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීහු පොලී...
ඒත් පොලීසියෙන් ඒ කතාව පිළිගන්නේ නැත. අධිකරණයත් පිළිගන්නා බවක් පෙන්වන්නේ නැත. දැනට ඔහු ර'දවාගෙන සිටින ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීහු පොලීසියත්, අධිකරණයත් මැද්දට හිර වී සිටිති. මේක එහෙම පිටින්ම ඔබ ද විශ්වාස නොකරන කතාවකි. මම ද එසේ ය. සියල්ල දැනගන්නට පෙර මේ කතාව පිළිගත්තේ නැත.
තමන් කළ හෝ කළ බවට සැක කරන වරදකින් බේරෙන්නට විත්තිකරුවෙක් නීතීඥයාගේ උදව් ඉල්ලන්නේය. ඒත් මේ සැකකරුවා උදව් ඉල්ලන්නේ වරද කළ බව කියන්නට ය.
වහෙන් ඔරෝ කතා තවදුරටත් අවශ්‍ය නැත. මේ යුනිෆෝම් ඇ'දගත් පාතාලයේ තවත් අපරාධයක් පිළිබ'ද කතාවකි. මේ අපරාධය පස්සේ යුක්තිය පසි'දලන බව කියන අධිකරණයේ ඇතැමුන් ද සිටින බවට සැක මතු වේ. වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් ද සිටින බවට සැක මතු වේ.
මෙහි මුල අම්බලන්ගොඩ ප‍්‍රකට ව්‍යාපාරිකයකු වූ පේ‍්‍රමසිරි හැලඹගේ ඝාතනයයි. ගාලූ ක‍්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයා ද වූ පේ‍්‍රමසිරි හැලඹගේ අම්බලන්ගොඩින් බාගයක් අයිති කරගෙන සිිටියේය. සත්ගුණවත් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටියද, ඔහු අපරාධ රැුසකට හවුල් වී ඇත. ඔහුගේ ඝාතනයත් සමග දුප්පතාගෙ හිතවතා යනුවෙන් අම්බලන්ගොඩ නගරයේ දැවැන්ත කටවුට් ප‍්‍රදර්ශනය කළද, ඒවා සවි කළේ ඔහුගේ ම සල්ලි වලින් ය. ඊට හේතුව හැලඹගේ කළේ අම්බලන්ගොඩ නගරයේ කුඩා පරිමාණයේ බිස්නස් කළ සියලූදෙනාට යන-එන මං නැති කිරීම ය. පළා විකුණන අම්මා කෙනකු දුටුවහොත් ඈ ළ'ගට ගොස් පළා සොයාගන්නා තැන අසාගන්නේය. ඊළ'ග දවසේ සිට ඒ පළා තොගයම තියෙන්නේ ඔහුට අයත් සුපර්මාර්කට් එකේ ය. මේ අම්බලන්ගොඩ මිනිස්සු කියන කතා ය.
ඔහු අම්බලන්ගොඩින් බාගයක් අයිති කරගත්තේ මේ ක‍්‍රමයෙන් යැයි කියැවේ. කොළඹ මාළු කඬේ කඩයක් ගත්තේ ද පාතාල ක‍්‍රමයකට යැයි කියැවේ. තම පවුලේ සහෝදරයන් පවා මරා දමන්නට කොන්ත‍්‍රාත් දෙමින් ඔහු තමන්ගේ දේපොළ වැඩි කරගත් බව කියැවේ. කොස්ගොඩ සුජී නමැති පාතාල සාමාජිකයා ලවා තමන්ගේ ව්‍යාපාරික සගයා වූ ඥාතිකමට මස්සිනා කෙනකු වන යසරත්න මරා දැමුණේ ද ඔහුගේ කොන්ත‍්‍රාත්තුවකට බව කියැවේ.
මේ සියල්ල කියැවේ යනුවෙන් ලිව්වේ ඒවා මෙතෙක් අධිකරණයක් ඉදිරියේ තහවුරු වී නැති නිසා ය. මේ සියලූ ඝාතන සල්ලි කොළ යට ස'ගවා ඇති නිසා ය. අනෙක් අතට ඝාතනයට ලක් වූ පසු ඔහුගේ අපරාධ ගැන ලියා පිටු පිරවීමෙන් ද ඵලක් නැත. ඊට සහාය දුන් සහ ඒ අපරාධ කරමින් මුදල් එකතු කළ පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගැන ලිවිය යුතුය.
එයින් උත්සාහ කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේ ලැයිස්තුගත ඝාතනයට සමාජයේ බහුතරය ලබා දුන් නිර්වචනය ලබාදෙන්නට නොවේ. වැලිකඩ සමූහ ඝාතනයෙන් පසු බහුතරය කිව්වේ ‘මරලා තියෙන්නෙ අපරාධකාරයොනෙ, ඒ හින්දා අවුලක් නෑ’ කියා ය. එසේ කියා මිනීමරන්නට ලයිෂන් දිය හැකිද? මෙහි දී ද පේ‍්‍රමසිරි හැලඹගේ අපරාධ කළා කියා ඔහු මරා දමන්නට කිසිවකුට අයිතියක් නැත. ඔහු මරා දැමූ අපරාධකරුවන්ට එරෙහිව ද යුක්තිය නිසි පරිදි ඉටු විය යුතුය. ඒ අපරාධකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කළ යුතුය.
දැන් නොවන්නේ ද එය ම ය.
එනම් පේ‍්‍රමසිරි හැලඹගේ මැරූ බවට සැක කරන එක් සැකකරුවකුට එරෙහිව පොලීසිය චෝදනා ගොනු කරන්නේ නැත. පොලීසිය හිතාමතාම එය මග හරී. මේ ඝාතනයට තිදෙනකු පැමිණි බව තහවුරු වී තිබේ. එයින් දෙදෙනකු හ'දුනාගෙන ඇත. ඔවුන්ට චෝදනා ගොනු කර ඇත. එහෙත් මේ කියන සැකකරුවාට චෝදනා ගොනු කරන්නේ නැත. චෝදනා ගොනු කර ඇති අනෙක් සැකකරුවෝ ද මොහු මේ අපරාධයට හවුල් බව කියති.
වෙනත් සිද්ධියකදී නම්, පොල් හොරකමකදී නම්, කෙසෙල් කැන් කැපිල්ලකදී නම් යම් සැකයක් ඇති වීම පමණක් සෑහේ. පොලීසියෙන් සැකකරු අත්අඩංගුවට ගන්නේය. මහජනතාවට සමීප වීමට කියා පොලීසි වල තාප්ප කඩා, මල් වැව්වාට ඒ ගෙනියන සැකකරු කකුල් දෙකෙන් එල්ලන්නේය. එහෙත් අම්බලන්ගොඩ පේ‍්‍රමසිරි හැලඹගේ ඝාතනයට අදාළ සිද්ධියේ දී එසේ සිදුවන්නේ නැත. සියල්ල කණපිට ය.
සැකකරුවා අත ළ'ගට පැමිණ, මාව කටට දාගන්න කියන විටත් අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායම ඊට සූදානම් නැත.
අදාළ සැකකරුවාගේ නම දසුන් සුරංග මානවඩු ය. පදිංචිය ගාල්ල දිස්ත‍්‍රික්කයේ වතුගෙදර, වතුගෙදරතොට ය. ජාතික හැ'දුනුම්පත් අංකය 900724799v ය. දැන් ඉන්නේ ගාල්ල බන්ධනාගාරයේ ය. ඒ කලින් සිදු වූ මිනීමැරුමකට සැකපිට ය. ඒ මිනීමැරුම ඔහු කළා ද, නැද්ද යන්න මෙතැනදී අදාළ නැත. බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ 49093 අංක දරන නඩුවට අදාළ ව ඔහු මෙසේ බන්ධනාගාරගත කර සිටී.
2016 සැප්තැම්බර් 06 දා ඇප කැන්සල් වීම නිසා ය, ඔහුට මෙසේ ඇතුළට යන්නට සිදු වූයේ. ඒ වනවිට පේ‍්‍රමසිරි හැලඹගේ ඝාතනය කර මාසයක් ගතවෙන්නට ළං වී තිබිණි. පේ‍්‍රමසිරි ඝාතනය කෙරුණේ 2016 අවුරුද්දේ අගෝස්තු 12 දා ය. මාස එකොළහක් ගත වී තිබියදීත් මේ ඝාතනයට අදාළ ව සීසීටීවී සාක්ෂි වලින් පවා තහවුරු වන සැකකරුවන්ට චෝදනා ගොනු කර නැත.
මේ එක ම කරුණු යළි-යළිත් කීම සම්බන්ධයෙන් ඔබට ගැටළුවක් මතු වනු ඇත. එය එසේ කළ යුතුය. ඒ තරමට මේ සිද්ධිය අවුලකි. යළි-යළිත් මුල මතක් කළ යුතුය. සැකකරුවා කියන්නේ තමන්ට චෝදනා ගොනු කර තමන්ව හිරේ යවන ලෙස ය. පොලීසිය හදන්නේ ඔහු එළියේ තියන්නට ය. ඒ ඇයි?
බන්ධනාගාරගත ව සිටියදී 2016 සැප්තැම්බර් 19 වැනිදා අදාළ සැකකරුට ලැබුණු පණිවුඩයකින් කියවුණේ තමන්ට ඇප තබා ඇති බවයි. ‘රමේෂ්’ නම් පුද්ගලයකු ඔහු වෙනුවෙන් ඇප තබා ඇති බවත්, බලපිටිය අධිකරණයට යාමට සූදානම් වන ලෙසත් දැනුම් දෙන ලදි. එහෙත් ඔහුට සැකයක් ඇති වී තිබිණි. ඒ එළියෙන් ලද තොරතුරු අනුව ය. තමන් මරා දමන්නට එළියේ සැලැස්මක් සකස් කර ඇති බව දැන සිටි නිසා ඔහු මේ රමේෂ් ගැන සොයා ඇත.
මෙසේ කී විට කොන්ත‍්‍රාත් පදනමට මේවායේ අහුකොන් හොයන්නට බලා සිටින ඇතැම් පිරිස් අසන්නේ බන්ධනාගාරයේ සිටින සැකකරුවා ඒ ගැන හොයන්නේ කෙසේද, ඔහු මරා දමන්නට සැලසුම් කරන බව දැනගත්තේ කෙසේද යනාදී ප‍්‍රශ්න ය. මේ ලංකාවේ බන්ධනාගාරයකි. ඒ ඇතුළේ දුරකතන පහසුකම් ඕනෑතරම් ඇත. අනෙක් අතට මේ සැකකරු ද බබෙක් නොවේ. ඔහු ගිනි පෑගූ අයෙකි.
තමන්ගේ මිතුරකු වන රමේෂ් ඇප දෙන්නට පැමිණ නැති බවත්, තම පවුලේ කිසිවකු එවැනි ඇපයක් ගැන නොදන්නා බවත් දැනගත් පසු ඔහු බන්ධනාගාර නිලධාරීන්ට පවසන්නේ තමන් අධිකරණයට ගෙන නොයන ලෙස ය. බන්ධනාගාර නිලධාරීන් මෙහි දී සැකකරු ගෙනයාම තරමක් ප‍්‍රමාද කරන්නේ එවැනි සැකයක් ඔවුන්ට ද ඇති වීම නිසා වන්නට ඇත.
එහෙත් වැඬේ බරපතල විය. ඇප තැබීමට පැමිණ තිබූ පාර්ශ්වය බන්ධනාගාර නිලධාරීන්ට වඩා බලවත් බව පෙනෙන්නට තිබිණි. ඒ නිසා උදේ කල් දැමුවද, හවස සැකකරු ව අධිකරණයට ගෙන යන ලදි. වේලාව පස්වරු 4 ට ආසන්න ය. සාමාන්‍යයෙන් විශේෂිත නඩු කටයුත්තක් නොමැති නම් අධිකරණය සෑහෙන උදාසීන බවක් පෙන්වන වේලාවකි, ඒ. ඒත් මේ මොහොතේ තත්ත්වය වෙනස් ව තිබී ඇත.
පේ‍්‍රමසිරි හැලඹගේ ඝාතන නඩුවට චෝදනාවක් වත් ගොනු කර නැති වෙනත් මිනීමැරුම් නඩුවකට අදාළ ව බන්ධනාගාරයේ සිටින සැකකරු පිළිගන්නට පොලිස් නිලධාරීහු විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔව්, එය ප‍්‍රහේලිකාවකි.
ගෙනාවේ ඇප දෙන්නට නම් පොලීසියෙන් ආවේ ඇයි?
අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මහින්ද විල්ලෝරාආරච්චි ඒ පිරිසේ ඉදිරියෙන් ම සිට ඇත. සැකකරුවකුට ඇප දෙන තැනට ප‍්‍රදේශයේ මූලස්ථාන පොලීසියේ ලොක්කා ආවේ ඇයි? කලබල නොවන්න, මේ අපරාධයක් ස'දහා ඉව ඇල්ලීමකි.
බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරිය සහ රෙජිස්ටාර්වරයා ද ඒ මොහොතේ අධිකරණ පරිශ‍්‍රයේ සිට ඇත. ‘ඒකෙ විශේෂත්වයක් නෑනෙ’ යනුවෙන් කෙනකුට විමසිය හැකිය. විශේෂත්වයක් ඇත.
ඒ මහේස්ත‍්‍රාත්වරිය මේ ඇප තැබීමට අදාළ ව හැසිරී ඇති ආකාරයේ ය. අදාළ සැකකරු දිව්රුම් ප‍්‍රකාශයක් මගින් හෙළි කරන සහ අධිකරණ වාර්තා මගින් හෙළි වන මේ කරුණු ආන්දෝලනාත්මක ය. මේවා ගැන ජාතික පොලිස් කොමිසම, අධිකරණ සේවා කොමිසම වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුය. අයාලේ යන දඩ බල්ලන් මෙන් වගකිවයුත්තන්ට හැමතැනම මුත‍්‍රා කරන්නට ඉඩ නොදිය යුතුය.
‘මා මේ දිවුරුම් පෙත්සම මගින් ප‍්‍රකාශ කර සිටින්නේ මේ අයුරින් නොදන්නා පුද්ගලයකු ඇප තැබීම පිළිබ'දව එදිනම මාගේ බිරි'ද විසින් බලපිටිය මහේස්ත‍්‍රාත්තුමිය හමුවේ මෝෂන් පත‍්‍රයක් ගොනු කර, දිවුරුම් පෙත්සමක් ද ඉදිරිපත් කරමින් මේ පිළිබ'දව සොයා බලන ලෙස සහ මෙමගින් මාගේ ජීවිත ආරක්ෂාව පිළිබ'ද ගැටළුවක් ඇති වන බව හා එකී ඇපයට ඉඩදුන්නහොත් මාගේ ජීවිතයට අනතුරක් විය හැකි බවට ඉල්ලීමක් කළ ද, මහේස්ත‍්‍රාත්තුමිය විසින් දිවුරුම් ප‍්‍රකාශය ද භාර නොගෙන ‘කවුරුන් හෝ ඇප තබනවා නම් හො'දයි නේ’ යනුවෙන් ප‍්‍රකාශ කරන ලද බවත්, එම නිසා අධිකරණය මගින් ද මාගේ ආරක්ෂාවට පිහිටක් නොලද බවත් ය.’
මේ සම්බන්ධයෙන් අධිකරණයේ ඇති නඩු වාර්තාවේ ද ස'දහන් ය. 2016 සැප්තැම්බර් 14 වැනිදා නීතීඥවරයකු මාර්ගයෙන් අදාළ සැකකරුගේ බිරි'ද දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. නඩු වාර්තාවට අනුව සැකකරුට ඇප දිය හැක්කේ ලේ ඥාතියකුට ය. ඒ ඇප කොන්දේසියකි. එවැනි ලේ ඥාතිකමක් ගැන ඇප කොන්දේසියක් තිබියදී නොදන්නා පුද්ගලයකුගේ ඇපයක් පිළිගනිමින්, ඔහු කවුද, ඔහු සහ සැකකරු අතර ඇති සම්බන්ධය කුමක්ද යන්න සොයා නොබලමින් ‘කවුරුන් හෝ ඇප තබනවා නම් හො'දයිනේ’ යනුවෙන් මහේස්ත‍්‍රාත්වරිය පවසා ඇත්තේ ඇයි?
අදාළ සැකකරු පවසන්නේ මහේස්ත‍්‍රාත්වරියගේ මේ ප‍්‍රකාශයත් සමග තමන්ට දැඩි බියක් දැනුණු බවත්, ඒ නිසා අදාළ ඇපය ස'දහා ඔහුගේ අත්සන තැබීම ප‍්‍රතික්ෂේප කළ බවත් ය. එහෙත් එහි දී මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා හැසිරී ඇත්තේ මෙසේ ය.
‘එසේ මා ඇපයට අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කළ විට ඉහත කී මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරආරච්චි මහතා මා අසලට පැමිණ මා හට එහි අත්සන යොදන ලෙස දැඩි ව ප‍්‍රකාශ කළ අතර, ඔහු එම කොළය ද අතට ගෙන මා අසල රැුෙ'දමින් ඉතාමත් බලහත්කාරී ලෙස අත්සන් කරන ලෙස බල කරන ලදි.’
‘එසේ බල කරන අතරතුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විවිධ ආකාරයෙන් මගෙන් අත්සන් ලබා ගැනීමට උත්සාහ ගන්නා ලද අතර, එක් වරක් ‘මගේ දරු දෙදෙනා පල්ලා, උඹට කිසි කරදරයක් කරන්නෙ නෑ, ඇප අත්සන් කරලා වරෙන්’ ලෙස ද ප‍්‍රකාශ කරන ලදි.’
සැකකරුවකුට ඇප ලබා දීම සහ ඒ ඇපයට අත්සන් කිරීම අතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයකුට ඇත්තේ කවර ආකාරයේ රාජකාරියක් ද? එය එහෙම පිටින්ම අසික්කිත රාජකාරියක් විය යුතුය. මන්ද මේ ක‍්‍රියාවලිය තුළ පොලීසියට වගකීමක් නැත. අදාළ සැකකරුට තවත් චෝදනා ඇත්නම් ඔහු ඇප ලබා පැමිණි පසු අත්අඩංගුවට ගැනීම වෙනම කරුණකි. නොඑසේ නම් ඔහු පෙර චෝදනාවට බන්ධනාගාරයේ සිටින අතර ම අලූත් චෝදනා ද ගොනු කළ හැකිය. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවසරය මත බන්ධනාගාරයට ගොස් ප‍්‍රශ්න කළ හැකිය. එසේ නීත්‍යනුකූල ක‍්‍රමවේදයක් තිබියදී මේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙසේ හැසිරී ඇත්තේ ඇයි?
‘මා ප‍්‍රකාශ කර සිටින්නේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පස්වරු 6.15 ට පමණ ‘මහේස්ත‍්‍රාත් අත්සන් කළත්, නැතත් අපි මූව අරගෙන යනවා’ ලෙස පවසා මගේ දෑතේ විලංගු ඉවත් කිරීමට පවා නියෝග කරන ලද අතර, ඒ අනුව මා රැුගෙන යාමට මෙන් දෑත් විලංගු පවා ගලවන ලද බවයි.
නමුත් දිගින් දිගටම මා මහේස්ත‍්‍රාත් ඉදිරියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියද, එසේ නොකොට පස්වරු 7.50 ට මා නැවත ගාල්ල බන්ධනාගාරයට රැුගෙන ඒමට කටයුතු කරන ලදි.’
සැකකරුගෙන් ඇපයට අත්සන ලබාගැනීමට අධිකරණ වේලාවෙන් පිට පැය ගණනාවක් මෙසේ උත්සාහ කළේ ඇයි? ඒ වනතුරුත් මහේස්ත‍්‍රාත්වරිය සහ අධිකරණයේ රෙජිස්ටාර්වරයා අධිකරණයේ සිටි බවක් ද අධිකරණයේ සේවය කළ වෙනත් පාර්ශ්ව හරහා තහවුරු වේ. මේ අවස්ථාවේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සහ මහේස්ත‍්‍රාත්වරියගේ හැසිරීම අතිශයින්ම සැකසහිත වේ.
සැප්තැම්බර් 14 වැනිදා, එනම් අදාළ දිනයේ මෙසේ අතිශය සැකසහිත ලෙස හැසිරීමෙන් පසු පසුදිනයේ, එනම් 15 වැනිදා රාජකාරිය හරියට කරන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබිණි. පසු දින අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරආරච්චි, අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති බාලේන්ද්‍රසීහ සහ ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයා ගාල්ල බන්ධනාගාරයට පැමිණ පේ‍්‍රමසිරි හැලඹගේ ඝාතනය ගැන සැකකරුගෙන් ප‍්‍රශ්න කර ඇත. එහිදී අදාළ ඝාතනයට යොදා ගත් ආයුධ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර තිබේ. කෙසේ වෙතත් මේ සැකකරු ද අදාළ ඝාතනයට සහභාගි වූ බව සිද්ධියට අදාළ ව දැනට බන්ධනාගාරගතව සිටින ඔහුගේ මස්සිනා ද පවසා ඇත. එහෙත් තවමත් ඔහුට අදාළ මිනීමැරුමට චෝදනා ගොනු කර නැත. ඒ ගැන ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිස් කොමිසමට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම් වල ද පැහැදිලි ව දක්වා තිබේ.
‘මේ අයුරින් මා මේ ඝාතනයට සම්බන්ධ බව පවසමින් පොලීසිය විසින් කොතරම් ප‍්‍රශ්න කිරීම් සිදු කළත්, එකී ප‍්‍රශ්න කිරීම් වලින් අනතුරුව මා විසින් එකී ඝාතනය කළ බව පොලීසිය පවසන බවට පුවත්පත් වල පළවුවත්, කිසිදු අවස්ථාවක මෙකී ඝාතනයට අදාළ ව පවතින බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක 93228 දරන නඩුවට මාගේ නම සැකකරුවකු ලෙස ඇතුළත් කිරීම හෝ මේ ඝාතනයේ සැකකරුවකු වූ මා අත්අඩංගුවට ගැනීම මේ දක්වා සිදු කර නැත.’
ඒ පුවත්පත් වල පළ වූ දේ හා පොලීසිය පවසන දේ හා පොලීසිය කරන දේ අතර ඇති සැකසහිත වෙනස ය. මේ එකට ගිය පුද්ගලයා ලබා දුන් සාක්කි ය.
‘එසේ ම ඉහත කී 93228 දරන නඩුවට මා සැකකරුවකු ලෙස නම් නොකළද, මා සමග එකට තබා ඉහත කී පේ‍්‍රමසිරි හැලඹගේ ඝාතනය පිළිබ'දව ප‍්‍රශ්න කිරීම් කළ මගේ මස්සිනා වන කේ.කේ.උදයකුමාර පමණක් සැකකරුවකු ලෙස නම් කර ඇත. එසේ ම එකී මගේ මස්සිනාගෙන් 2016 සැප්තැම්බර් 29 වැනි දින සවස 4 ට පමණ අම්බලන්ගොඩ පොලීසියේ දී කටඋත්තරයක් ලබාගැනීමේදී ඔහු සමග එකී වෙඩි තැබීමට සම්බන්ධ වූ අනෙකුත් අය කවුරුන්ද යන්න ප‍්‍රශ්න කළ අවස්ථාවේ දී ඔහු ප‍්‍රකාශ කර තිබුණේ මහේෂ් යන අය වාහනය එළවූ අතර, දසුන් මානවඩු වන මා සහ ඔහු විසින් පේ‍්‍රමසිරි හැලඹගේට වෙඩි තබා මරා දමන ලද බවයි.’
කරුණු සියල්ල පැහැදිලි ය. එසේ තිබියදී තවදුරටත් මේ සැකකරුට චෝදනා ගොනු නොකරමින් අම්බලන්ගොඩ පොලීසිය කල් මරමින් සිටී. ඔහු ව එළියට ගන්නට ඇපකරුවන් මවමින් සිටී. මෙවැනි තත්ත්වයක් යටතේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස අධිකරණයෙන් කරන ලද ඉල්ලීම් ද වැටී ඇත්තේ කුණු කූඩයට ය.
දසුන් සුරංග මානවඩුට එල්ල වී ඇති මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කළ යුතුය. ඔහු වරදකරු නම් නීතියේ ඇති බරපතළ ම ද'ඩුවම් දිය යුතුය. ඔහු වරදකරු නම් යනුවෙන් තවදුරටත් ලියන්නේ රටේ පිළිගත් අධිකරණයකින් වරදකරු කර නැති නිසා ය. එහෙත් ඔහු සමග පේ‍්‍රමසිරි හැලඹගේ ඝාතනය කරන්නට ගිය ඔහුගේ ම මස්සිනා සියල්ල පොලීසියට පවසා තිබේ. එහෙත් අදාළ ඝාතනයෙන් මාස 11 ක් අවසානයේදීත් ඔහුට චෝදනා ගොනු කර නැත.
අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නඩය හො'ද නැටුමක් නටන බව පැහැදිලි ය. ඒ නැටුම නටන්නේ ලක්ෂ කීයක මොනර කොළ උඩ ද, එසේත් නැත්නම් වෙනත් වරදාන-වරප‍්‍රසාද වලට ද කියා තවම හෙළි වී නැත. එහෙත් සමස්ත සිද්ධිදාමය ම නීතියේ ස'දහන් ක‍්‍රියාවලියට පිටින් සිදුවන්නේ එවැනි මොණර කොළ සෙල්ලම් මත බව ළ'ගදීම පැහැදිලි කර දුන්නේ 2021 න් පසු පොලිස්පති වීමට බලා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ය.
මේ නිසා අපට කියන්නට ඇත්තේ වරදකරුවන්ට ද'ඩුවම් දීම නීතියේ හැටියට සිදු විය යුතු බවත්, ඒවා කාගේ හෝ කොන්ත‍්‍රාත් වලට සිදු කළ නොහැකි බවත් ය. ජාතික පොලිස් කොමිසම මේ නිලධාරියාට එරෙහිව කඩිනමින් පියවර ගත යුතුය. අදාළ මහේස්ත‍්‍රාත්වරිය කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද අධිකරණ සේවා කොමිසම විමර්ශනයක් පැවැත්විය යුතුය. සියල්ල අතරේ දසුන් සුරංග මානවඩුගේ අයිතිවාසිකම් වෙනුවෙන් මානව හිමිකම් කොමිසම පෙරට ආ යුතුය. මේ කොමිෂන් සභා නඩත්තු කරන්නේ අසාධාරණ-අයුක්ති සහගත මෙවැනි සිදුවීම් වලින් තොරව පුරවැසියන්ට ජීවත්වීමට සුදුසු වාතාවරණයක් ඇති කරන්නට ය.
සියල්ලට වඩා නීතියට පිටින් කරන්නට හදන, පොලිස් නිලධාරීන් නොවන ‘පොලිස් ව්‍යාපාරිකයන්ගේ’ මෙවැනි අපරාධ වලට එරෙහිව ජනතාව හ'ඩක් නැගිය යුතුය. මක් නිසාද යත් අද ඔහුට කරන දේ ඔවුන් හෙට ඔබට, ඔබේ දරුවාට කරන නිසා ය.
- ශාලික විමලසේන
COMMENTS