මිල ගණන් කතා කර අංකයක් ලබාගෙන වාඩිවී උන්නෙමි එතන එනතුරා මගේ වාරය නෙක සලුපිලි අදින ලොකු ලොකු කාර්වල අදුරු වීදුරු අතර දුටිමි මම වගේම...
මිල ගණන් කතා කර
අංකයක් ලබාගෙන
වාඩිවී උන්නෙමි එතන
එනතුරා මගේ වාරය
නෙක සලුපිලි අදින
ලොකු ලොකු කාර්වල
අදුරු වීදුරු අතර
දුටිමි මම වගේම උන් එතන
කුසට අත තබා මම
කියුවෙමි නෑසෙන නුබට
එපා ඉන්නා බව කියන්නට
ලෝබ සිතුනොත් මෙමට
සුමට අතැගිල්ලක සුවය
හුරුබුහුටි දෙතොලක හැඩය
බලන්නට නෑ අවසරය මට
මම ඉන්නේ සිර අඩස්සියකය
පය ගසා මහ පොලව මත
නුබට බෑ ජීවත් වෙන්න
කුණු හොයන කාකුන්ට
මාතෘකාවක් වෙයි උඹව
මෙතන උඹ මරා දැම්ම
අහවරයි එකී කාරිය
උඹට ඕනා නම් එන්න
වෙන තැනක් සුදුසුය එයට
COMMENTS