මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ශ්‍රී ලංකා රජයේ මන්දගාමී වැඩපිළිවෙල දිගින් දිගටම ජාත්‍යන්තර ප්‍රජාව නොඉවසන බවයි හෙතෙම පෙන්වා දුන්නේ. ...
මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ශ්‍රී ලංකා රජයේ මන්දගාමී වැඩපිළිවෙල දිගින් දිගටම ජාත්‍යන්තර ප්‍රජාව නොඉවසන බවයි හෙතෙම පෙන්වා දුන්නේ.
"යුද්ධයෙන් පසු මානව හිමිකම් උල්ලංඝනය කළ බව කියන ආරක්ෂක හමුදාවන්ගේ සේවය කරන අයගේ ගිණුම් පරීක්ෂා කිරීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නැහැ.ඒ වගේම දෙමළ සුළුතර ජනතාව කෙරෙහි තවදුරටත් අසාධාරණ හා කෘර අන්දමින් බලපෑම් වෙන බව පෙනෙන්නට තිබෙනවා.තවදුරටත් අසාධාරණ අන්දමට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අනුව ක්‍රියාකරනවා වගේ තමයි පෙන්න තියෙන්නේ. මෙම තත්ත්වය නොසන්සුන්කම් පසිදලීමට සහ ප්‍රතිවිරෝධයන් දැක්වීමට ඉඩසලසෙනු ඇති."
ඒ අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවාවන් වධබන්ධනය යොදා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්කර ඇති බවයි බෙන් එමර්සන් ප්‍රකාශ කරන්නේ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් 80% දෙනෙක්ම කියා සිටියේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වධ හිංසනයන්ට මුහුණ දීමට සිදු වූ බවට පැමිණිලි කර ඇති බව යැයිද එමර්සන් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කළේය.
26 වසරක අභ්‍යන්තර යුද්ධයකින් පසුව සංහිඳියාව සඳහා වන ආණ්ඩුවේ සැලැස්ම සැබවින්ම නැවතුමකට මුහුණ පා සිටින බව නිරීක්ෂණය වූ බවයි බෙන් එමර්සන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
බෙන් එමර්සන් සිය සිව් දින නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හමුදා ප්‍රධානීන් ඇතුළු පිරිසක් හමුවී සාකච්ජා කර ඇත.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=0W_3WGCt4As[/youtube]
COMMENTS