දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පිටු හයසිය ගණනකින් යුත් වැලිකඩ වාර්තාව කෝ ?

පිටු 600න් පිටු 15ක් පමණක් ? මෙම වාර්තාව විජේදාස ඇමතිවරයා විසින් අගමැතිවරයා වෙත පිළිගන්වනු ලැබූයේ 2015 ජුනි 09 වනදා ය. කමිටුව විසින් සටහ...

පිටු හයසිය ගණනකින් යුත් වැලිකඩ වාර්තාව කෝ ?

පිටු 600න් පිටු 15ක් පමණක් ?

මෙම වාර්තාව විජේදාස ඇමතිවරයා විසින් අගමැතිවරයා වෙත පිළිගන්වනු ලැබූයේ 2015 ජුනි 09 වනදා ය. කමිටුව විසින් සටහන් කරගනු ලැබූ සියළු සාක්ෂි අඩංගු සම්පූර්ණ වාර්තාව පිටු හයසිය ගණනකින් සමන්විත වී ඇත. දැනට ආ ගිය අතක් සොයා ගැනීමට නොමැති වී ඇත්තේ මේ පිටු 600කට අධික සමස්ත වාර්තාව ය.

පසුගියදා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ( CID ) ඉහළ නිලධාරීන් කැඳවා මෙම වැලිකඩ ඝාතන පරීක්ෂණ පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වන ලදී. බොහෝ අය සිතා සිටින්නේ එදින අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට සහ ඉහළ CID නිලධාරීන්ට මෙම විජේදාස රාජපක්ෂ විසින් පත් කෙරුණු කමිටුවේ වාර්තාව ලබා දෙන්නට ඇති බවයි. එහෙත් එය සාවද්‍යය. එදින ද ලබා දී ඇත්තේ 'රෙකමදාරු සහ සොයා ගැනීම්' අඩංගු පිටු 15ක් පමණි. අපගේ ප්‍රශ්නය වන්නේ සමස්ත වාර්තාව කෝ ? යන්නයි. එකී සමස්ත වාර්තාව පොලිස් මූලස්ථානය තුළ ම යම් ස්ථානයක ගල් ගැසී තිබිය යුතුය.

පරීක්ෂණ ඇරඹෙන පුවත් පැළ වීම

වැලිකඩ සංහාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණ ආරම්භ කෙරෙණ බවට ඊයේ (13) මාධ්‍ය හරහා පළවුණු පුවත ද පැළ කළ එකකි. ඊයේ ඇරඹුණු පරීක්ෂණයක් නැත. මෙම තිරශ්චීන ඝාතන සඳහා වගකිව යුතු හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, මීට අණ දුන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ වැන්නන් ආරක්ෂා කිරීම උදෙසා ක්‍රියාත්මක වන බලවේග 'නැති පරීක්ෂණත් කෙරෙණා බව කියා සමාජය නොමඟ යැවීමට' බොරු ප්‍රවෘත්ති නිපදවන බවක් පෙනේ.

අද (14) මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙහි ඇසින් දුටු සාක්ෂිකරුවකු වන සුදේශ් නන්දිමාල් සිල්වාට CIDය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි. එහෙත් අප පෙරකී විජේදාස ඇමතිවරයාගේ කමිටුවේ පිටු 600ක වාර්තාව නොමැතිව CIDය විමර්ශන කරගෙන යන්නේ කවර ආකාරයෙන් ද යන්න අපට පැහැදිලි නැත. මෙයද 'කල් මැරිමේ කුමන්ත්‍රණයේ' තවත් එක් පියවරක් වන්නට ද ඉඩ තිබේ.

පොලිස්පතිවරයා හතර අතට ලියුම් ලියමින් සිටී. මේ අතර පොලිස් මූලස්ථානයේ ම කිසිවකු විසින් චේතනාන්විතව මෙකී වැලිකඩ ඝාතන පිළිබඳ විජේදාස ඇමතිවරයාගේ කමිටු වාර්තාව සඟවාගෙන සිටී. වාර්තාව සඟවන පුද්ගලයින් ම අදාල පරීක්ෂණ මේ වන විටත් සිදු කෙරෙණ බවට වාර්තාවන් පතුරුවා හරින්නට ද පුළුවන. එහෙත් පරීක්ෂණ සිදු කෙරෙන්නේ නැත. පරීක්ෂණ නිසි පරිදි සිදු කිරීමට වැලිකඩ ඝාතන පිළිබඳව විජේදාස ඇමතිවරයාගේ කමිටුවේ වාර්තාව තිබිය යුතුය. අප නැවත නැවතත් අසන ප්‍රශ්නය නම් 'වැලිකඩ ඝාතන පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව කෝ ?' යන්නයි.

සම්බන්ධිත පුවත් -

වැලිකඩ සංහාරය ගැන විජේදාස වාර්තාවත් අතුරුදන් ?

http://ift.tt/2vgNdxa

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28610,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිටු හයසිය ගණනකින් යුත් වැලිකඩ වාර්තාව කෝ ?
පිටු හයසිය ගණනකින් යුත් වැලිකඩ වාර්තාව කෝ ?
http://ift.tt/2tm7Uql
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_103.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_103.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy