දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පැය 24 ම විදුලිය සපයන කලාපයේ එකම රට ශ‍්‍රී ලංකාව

  සාර්ක් කලාපයේ රටවල් අතර බලශක්ති සහයෝගීතාව තහවුරු කරගැනීම සහ වර්ධනය කරගැනීම පිළිබඳව මෙම හමුවේදී සාර්ක් මහලේකම්වරයා සහ විදුලිබල හා පුනර්...

පැය 24 ම විදුලිය සපයන කලාපයේ එකම රට ශ‍්‍රී ලංකාව
 
සාර්ක් කලාපයේ රටවල් අතර බලශක්ති සහයෝගීතාව තහවුරු කරගැනීම සහ වර්ධනය කරගැනීම පිළිබඳව මෙම හමුවේදී සාර්ක් මහලේකම්වරයා සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා අතර වැඩිදුරටත් සාකච්ඡුා කෙරුණ අතර සාර්ක් කලාපයේ බලශක්ති සහයෝගීතාව වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරනමෙන් මහා ලේකම්වරයා විසින් අමාත්‍ය සියඹලාපිටිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
 
සාර්ක් කලාපීය රටවල් අතර පවතින්නාවූ රාජතාන්ත‍්‍රික සබඳතා තවත් තහවුරු කරගැනීමේ පියවරක් වශයෙන් මෙරට තුළ යොදාගනු ලබන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් පිළිබඳව කලාපීය  අනෙකුත් රටවල්හි බලශක්ති ක්ෂේත‍්‍රයන්ද දැනුවත් කර, එම ක‍්‍රමෝපායන් අනුගමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මහලේකම්වරයා පැවසීය. එසේම බලශක්ති අර්බුදයට පිළියම් සොයනු වස් දේශීය වශයෙන් අනුගමනය කරන්නාවූ බලශක්ති සංරක්ෂණ ක‍්‍රමෝපායන් පිළිබඳවද මහලේකම් වරයා, විෂයබාර අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
 
මෙම කරුණු වලට අමතරව  කලාපීය රටවල් අතර මිත‍්‍රත්වය තහවුරු  කරගැනීම පිළිබඳවද විෂයභාර අමාත්‍යවරයා සමග වැඩිදුර කරුණු සාකච්ඡුා කළ මහා ලේකම්වරයා, මෙරටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තියට මෙන්ම රටවල් අතර මිත‍්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමා පොරොන්දු වන බවද පැවසීය. පසුගිය වසරවල ශ‍්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ශක්තිමත් කරමින් මෙරටේ ආර්ථික සංවර්ධනයට  සාර්ක් කලාපය විසින් ලබාදුන් සහාය පිළිබඳව අමාත්‍යවරයා විසින් සාර්ක් කලාපීය රටවල් වෙත සිය ප‍්‍රසාදය පලකළේය. මෙම හමුව සංකේතවත් කිරීම සඳහා සමරු තිලිණ හුවමාරුවක්ද මෙහිදී සිදුවිය
 
මෙම අවස්ථාවට සාර්ක් කලාපීය සහයෝගීතා සමුළුවේ නියෝජිතයන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. බී. ගනේගල, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජනත් ප‍්‍රනාන්දු යන මහත්වරුන්  සහභාගි වූහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැය 24 ම විදුලිය සපයන කලාපයේ එකම රට ශ‍්‍රී ලංකාව
පැය 24 ම විදුලිය සපයන කලාපයේ එකම රට ශ‍්‍රී ලංකාව
http://ift.tt/2udW8SY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy