දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1,340ක ආධාර.

2017 ජූලි 01 සිට තුන් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 1,340 ක් වටිනා මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර ...

2017 ජූලි 01 සිට තුන් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 1,340 ක් වටිනා මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

අන්තර්ජාතික සංවර්ධන සංගමයේ (IDA) සංක්‍රාන්තික සහයෝගීතා පහසුකම් යටතේ ලැබෙන මෙම ආධාරයට පෙර පසුගිය 2014 සහ 2017 කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් ශ්‍රී ලංකාවට ලැබුණේ ඩොලර් මිලියන 660 ආධාරයක් පමණි.

ලෝක බැංකු එකතුවේ සාමාජික ආයතනයන් වන ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව (IBRD)සහ,  අන්තර්ජාතික සංවර්ධන සංගමය (IDA) විසින් වාර්ෂිකව ඩොලර් මිලියන 300 බැගින් ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකාව ලබා දීමට නියමිතයි. මෙම දායකත්වයන් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මූල්‍යමය සහය වශයෙන් හා විශ්ලේෂණ සහ උපදේශන සේවාවන් සඳහා තාක්ෂණික දායකත්වය වශයෙනි.

මෙම කරුණු අනාවරණය වූයේ පසුගිය අඟහරුවාදා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන  අධ්‍යක්ෂිකා ඉදා රිඩ්ඩිහෝ මෙනවිය අතර මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීය.

ලෝක බැංකුවේ අධ්‍යක්ෂකවරිය මෙම අවස්ථාවේදී ලෝක බැංකුවේ සහය යටතේ ලංකාවේ දැනට ක්‍රියාත්මකවන සහ යෝජිත ව්‍යාපාතිවල ප්‍රගතිය සම්බන්ධව අමාත්‍යවරයා සමග සාකච්ඡා කළාය. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් වන ව්‍යාපෘතිය සහ රාජ්‍ය පුද්ගලික සහයෝගිතාව සඳහා රටේ සූදානම (PPP) සම්බන්ධයෙන් වන ව්‍යාපෘති දෙක මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබා දෙනු ඇත. එසේම සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ මේ වනවිට ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතියි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සම්බන්ධයෙන් ඇගයීමක් කළ ලෝක බැංකුවේ අධ්‍යක්ෂකවරිය කියා සිටියේ 2016 වසරේ සහ 2017 මුල් භාගයේ අභියෝග මධ්‍යයේ වුවද ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සතුටට පත්විය හැකි බවයි. ලෝක බැංකුව හඳුනාගෙන ඇති ආකාරයට 2016දී නිවැරදි ප්‍රතිපත්තිමය තිරණයන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආර්ථිකයේ බදු සහ මූල්‍ය ප්‍රතිපත්ති විස්තාරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ස්ථායීතාවයට පත්ව ඇති බවයි.

රාජ්‍ය වියදම් කළමනාකරණයේ දී ඉදිරියේ දී අතිරික්ත වියදමකින් තොරව රාජ්‍ය ආයෝජනයේ ප්‍රතිලාභ වැඩිවෙනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ලෝක බැංකුව අනාවැකි පළ කර තිබේ. 

මෙම සන්දර්භය (Context) යටතේ  ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2020 වසර වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හිගය 3.5% දක්වා අඩුවනු ඇතැයි ද එහි පූර්විකාව ලෙස 2017 වසරේ දී රාජ්‍ය මූල්‍ය ශේෂය සුළු වශයෙන් සාධනීය තත්ත්වයට පත් වනු ඇතැයි ද ලෝක බැංකුව සඳහන් කරයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1,340ක ආධාර.
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1,340ක ආධාර.
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/1340.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/1340.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy