" දුම්රිය රියදුරෙකුගේ ඇසින්" හැමෝම හිතන්නේ කෝච්චියක් අරන් යනවා කියන්නේ හරි ලේසි වැඩක් කියලා. සමහරු කෝච්චි පරක්කු උනාම මුලු...
" දුම්රිය රියදුරෙකුගේ ඇසින්"
හැමෝම හිතන්නේ කෝච්චියක් අරන් යනවා කියන්නේ හරි ලේසි වැඩක් කියලා. සමහරු කෝච්චි පරක්කු උනාම මුලු දුම්රිය දෙපාර්තමේන්තුවටම දෙස් දෙවොල් තියනවා.
කෝච්චිය දුවන්නේ එන්ජිමේ බලයෙන්...ශෙඩ් එකේ ඉදන් එන්ජිම ගමනට සූදානම් කරලා එවන්නේ කොච්චර වෙහෙසක් වෙලාද කියලා එලියෙ ඉන්න කවුරුවත් දන්නෑ........
රාත්‍රිය එළඹෙත්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය හරි කාර්යබහුලයි..... හතරවටින් දුම්රිය නලා නාද.. එනවුසින් කන පුරා....
ඒ අතර එක හඩක් මගෙ කන වැකෙනවා....
"තුන්වෙනි වේදිකාවේ නවතා ඇති රාත්‍රි තැපැල් දුම්රිය රාත්‍රි අටට බදුල්ල බලා පිටත්වේ....
දුම්රිය නවත්වන්නේ රාගම , ගම්පහ , වේයන්ගොඩ , පොල්ගහවෙල , රඹුක්කන , කඩුගන්නාව , පේරාදෙණිය හංදිය , ගම්පොළ ,උලපනේ නාවලපිටිය ..... නාවලපිටිය සිට ඉහල වටවල, රදැල්ල, පැරකුම්පුර හැර සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ"
රනින් ශෙඩ් එකේ ඉඳන් එන්ජින් එක එලියට අරන් දුම්රිය මැදිරි ටික යාර්ඩ් එකෙන් අරන් වේදිකාවට දුම්රිය රියදුරුත් සහයකත් දාන්නේ දිගු ගමනකට සුරක්ෂිතව මගීන් අරන් යන්න සියලු වගකීම තම අතට අරන්....
කොළඹින් දුම්රියේ වගකීම අතට ගන්න රියදුරුත්, සහයකත් තම වගකීම නිමා කරන්නේ නාවලපිටියෙන් තවත් දෙදෙනෙකුට බදුලු ගමනේ සංකීර්ණම වඩාත් අවදානම්ම රාජකාරිය පවරමින්.....කියන්න දෙයක් අමතක උනා මේ අවදානම්ම රාජකාරියට පසුපසින් සහය දෙන බෑන්ක් එන්ජිමේ රියදුරුත් සහයකත් දායකත්වය දෙනවා...
නාවලපිටියෙන් එහාට තියෙන්නේ අති දුෂ්කර අවදානම් වගේම අපහසු මාර්ගයක්......හරියටම කිව්වොත් පට්ටිපොල දක්වාම තියෙන්නේ කන්ද....
මාර්ගය හරිම දුෂ්කරයි.... ජීවිත දහස් ගණනකගේ වගකීම මගෙ අතේ........ ඒ අතර නිවාඩුවට තම බිරිඳ දරුවෝ බලන්න කොළඹ ඉඳන් තම ගමට යන අය කොච්චර ඇත්ද...... බිරිඳ දරුවෝ එයාලා එනකම් කොච්චර ආසාවෙන් ඇත්ද.... ඒ අයව පරිස්සමෙන් ගමනාන්තයට ගෙනියන එක මගෙ වගකීම....
සිගරට් එකක් බොන්නේ සිල් පදයක් කඩන්න හිතාගෙන නෙවෙයි මේ සීතල උහුලන්න අමාරුයි ... දුම්රිය රියදුරෙක් උනාට අපිත් මිනිස්සුනේ......
නිදිමතයි, ඇස් පියවෙන්න ආවත් මතක් වෙනවා කරන්නේ වගකීමක් තියන ලොකු රාජකාරියක්..... පඩියට වඩා අපි අපේ රැකියාව දේව කාරිය වගේ කරනවා ....
හැමෝම හිතන්නේ දුම්රිය රියදුරුට එන්ජින් එකක ඉස්සරහට වෙලා නිකන් ඉදගෙන යන්න තියෙන්නේ කියලා හරි සැප කියලා .... නෑ ......... ඒක කරලම බලන්න ඕන....
බස් එකක්, ලොරියක් අරන් යනවා වගේ නෙවෙයි ... ඊටත් වඩා උඩරට මාර්ගයේ රෑ නයිට්මේල් එකක් අරන් යනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ......
පින්න පොද වැස්ස වැටිලා එක පාරම සිල්ප් කරන්න ගද්දි ඇඟ හිරි වැටෙනවා..... අපිට මිනිස්සු කොච්චර නම් බනිනවා ඇත්ද......? මුන් කෝච්චිය වෙලාවට අරන් යන්නේ නෑ... අදත් කෝච්චිය පරක්කුයි... ඒත් ඒ මිනිස්සු දන්නෑ අපි කෝච්චිය අරන් යන්නේ කොයි තරම් වගකීමක් එක්කද කියලා.....
දුම්රිය රියදුරෙකුගේ ඇසින් පොඩි සටහනක් මෙහෙම ලියන්න හිතුනේ නිකමට ඉන්න ගමන්
සටහන: ශශින් විජේතුංග
"රජයේ දුම්රිය මගීන්ගේ නිල සමූහය" ෆේස්බුක් සමූහයෙන් උපුටා ගත්තකි.
COMMENTS