දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පැහැදිලි කිරීමක් : වෘත්තියට නිඟා දෙන නීතිඥයා සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිහඩ ඇයි?

මහත්මයාණනි, ඔබගේ වෙබ් අඩවියේ 2017.06.20 වෙනි දින නීති වෘත්තියට නිඟා දෙන නීතිඥ සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිහඩ ඇයි? යන මාතෘකාවක් යටතේ මා සම...

පැහැදිලි කිරීමක් : වෘත්තියට නිඟා දෙන නීතිඥයා සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිහඩ ඇයි?

මහත්මයාණනි,
ඔබගේ වෙබ් අඩවියේ 2017.06.20 වෙනි දින නීති වෘත්තියට නිඟා දෙන නීතිඥ සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිහඩ ඇයි? යන මාතෘකාවක් යටතේ මා සම්බන්ධයෙන් පලකරන ලද ප්‍රකාශයක් දුටිමි. එහි මා පිළිබඳව මා නොදන්නා කරුණු දන්නා පුද්ගලයින් පිරිසක් සිටිනා බව පැහැදිලි විය. නීතිය සම්පූර්ණයෙන් බිඳ වැටී, නිතියේ ආධිපත්‍ය විහිලුවට ලක් වී ඇති ආරාජික වූ රටක මෙවැනි පදනමක් රහිත අපහාසයන් සිදු කරමින් සතුටු වී බඩ පිනුම් ගසන අඳ බාලයන් සිටීම පුදුමයට කරුණක් නොවේ. මෙවැනි අසත්‍ය ප්‍රකාශයන්ට පිළිතුරු දීමට අවශ්‍යතාවයක් මා හට නොමැති නමුත් මෙවැනි අකාරයේ පලකිරීම් නිසා සමාජයට වන හානිය දැනුවත් කිරීම මා වැන්නකුගේ යුතුකමක් ලෙස සලකන බැවින් මා මෙය ඔබවෙත එවමි. ඇත්තෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රකාශ කර සතුටු වන්නන් මානසික රෝගීන් යැයි මම සිතමි. ඔබ වැනි වගකිවයුතු ආයතනයක් විසින් කිසිම විමසීමකින් තොරව මෙවැනි උන්මත්තකයින්ගේ ප්‍රකාශයන් පලකිරීමෙන් එම පුද්ගලයාගේ කීර්තියට සිදුවන හානිය සිදුවී අවසානය. පසුව පිළිතුරු දීමෙන් එම හානිය යථා තත්වයට පත්කිරීම අපහසු කාර්යයක් බව මින් ඉදිරියට සිතන්න. ඒ නිසා මාගේ නීතිමය අයිතිවාසිකම් වලට අගති රහිතව මෙම කරුණු වල සත්‍ය අසත්‍යතාවය පහත සඳහන් පරිදි පෙන්වා දෙමි.

1. එහි ඇති පලමුවන කරුණ වන්නේ මා හට පවරනු ලැබූ නඩුවක් අනුව සති දෙකක (02) රක්ෂණ භාරයට පත් වු බවයි. එය මා පිලිගනිමි.

එය සිදුවූයේ මා පෙනීසිටි නඩුවක විත්තිකාරිය වූ කොඩිකාර ආරච්චිගේ ඉනෝකා ප්‍රියදර්ශනී නැමැති කාන්තාවගේ රැවටීමකට මා හසුවීම නිසාය. ඒ පිළිබඳව මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, මිරිහාන වංචා විමර්ෂන අංශයටත් පැමිණිලි කල නමුත් කිසිම ප්‍රතිඵලයක් සිදුනොවීය. මෙලෙස පවතිද්දී මෙම ඉනෝකා ප්‍රියදර්ශනී නැමැත්තිය වාහන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සමඟ එකතු වී ඔවුන් ලවා මා හට විරුද්ධව කටයුතු කළ නිසා මේ තත්වය ඇතිවිය. මේ සම්බන්ධව සාක්ෂි සහ ඡායාරූප මා සතුව ඇත.

පොලීසිය ඔවුන්ගේ එම පැමිණිල්ල අනූව කටයුතු කල නමුත් මා විසින් කල පැමිණිල්ල නොසලකා හැරියේය. කණගාටුවට කරුණ වර්තමානයේ ලංකාවේ පොලීසිය දේශපාලනයට, බලයට හෝ වෙනත් වරප්‍රසාද වලට යට වී ක්‍රියාකිරීම නිසා අපක්ෂපාතී පරීක්ෂනයක් සිදුනොවීමය. මෙය මා හට පමණක් නොව ලංකාවේ සාමාන්‍ය පොදු ජනතාව ද මුහුණ දී ඇති තත්වයකි. මෙම කොඩිකාර ආරච්චිගේ ඉනෝකා ප්‍රියදර්ශනී නැමැත්තිය පිළිබඳ පොලිස්පති සහන මැදිරියටද පැමිණිලි කල නමුත් ඔවුන් ඇයව අත්අඩංගුවට ගැනීමට මේ දක්වා උත්සහයක් දරා නොමැත. මේ නිසා මෙම කොඩිකාර ආරච්චිගේ ඉනෝකා ප්‍රියදර්ශනී නැමැති කාන්තාව තව තවත් මෙවැනිම අපරාධ සිදුකරමින් යහතින් වැජඹේ. ඇයව ආරක්ෂා කරන පුද්ගලයින් සිටින බව මෙයින් පැහැදිලි වේ.

කරුණු මෙසේ තිබියදී 2017 පෙබරවාරි 2 සහ 3 වන දින HIRU C.I.A (link attached in e-mail) කල වැටලීමකින් පොලීසියට සොයා ගත නොහැකි මෙම කාන්තාව බෞද්ධ හාමුදුරුනමක් ඇතුළු පිරිසක් වාහන ලබා දෙනවා යැයි රවටා වංචා කිරීමට උත්සාහ කළ අවස්ථාවක් HIRU C.I.A නාලිකාව, රහසිගත ලෙස පටිගත කර විකාශනය කරන ලදි. එහි සිටින කාන්තාව කොඩිකාර ආරච්චිගේ ඉනෝකා ප්‍රියදර්ශනී වන අතර ඇයගේ සහායකයා ලෙස සිටින්නේ ශ්‍රී ලංකාවේ යුධ හමුදාවෙන් නෙරපුවා යැයි කියනු ලබන ගුණසේකර නැමැත්තාය. තවද, ඉහත මා සඳහන් කල ව්‍යාපාරිකයන්ගේ ගෝලයෙකුද සිටින බව දැකිය හැකිය.

මාව රවටා කෝටි 2 ක වංචාවක් සිදුකලේ මේ දෙදෙනා ප්‍රමුඛ පිරිසකි.

2.ඔබගේ වාර්ථාවේ සඳහන් පරිදි මා විසින් මහාධිකරණ විනිශ්චයකාරවරියකගේ අත්සන යොදා කූඨ ලේඛණ සෑදු බවට චෝදනාවක් කිසිවිටක සිදුව නැත. මා එවැන්නක් සිදුකරද නොමැත. එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයකි.

3.මා විසින් නීතීඥ සංගමයේ වර්තමාන සභාපති ජනාධිපති නීතිඥ උදය රොහාන් ද සිල්වා මහතාගේ කනිෂ්ඨ නීතිඥ මහත්මියකගේ අත්සන යොදා කූඨ ලේඛණයක් සෑදු බවට සඳහනක් කර ඇත. මෙවැන්නක් කිසි දිනක සිදුව නොමැත. එවැනි චෝදනාවක් හෝ නඩුවක් මා හට විරුද්ධව නොමැත. ඒ බවට එම ජනාධිපති නීතිඥවරයා සාක්ෂි දරනු

4.මෙම වාර්තාවේ දැක්වෙන තවත් චෝදනාවක් වන්නේ මා කඩුවෙල අධිකරණයේ නීතිඥ මහතෙකුට මිලියන 8 ක වංචාවක් කර නඩු පවරා ඇති බවය. එම නීතිඥා මහතා නඩුවක් පවරා ඇති බැවින් වැඩිදුර කරුණු දැක්විය නොහැකි බව ප්‍රකාශ කල බව එහි සඳහන් කර ඇත. මෙය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයකි.

මා කිසි විටක කඩුවෙල අධිකරණයේ හෝ වෙනත් අධිකරණයක නීතිඥ මහතෙකු සමඟ මුදල් ගනුදෙනු කර නොමැත. මට විරුද්ධව මෙවැනි චෝදනාවක් හෝ කිසිදු නඩුවක් පවරා නැත.

ඒ සම්බන්ධයෙන් මට කීමට ඇති එකම කරුණ වන්නේ කඩුවෙල අධිකරණයේ සේවය කරන කරුණාරත්ත නැමැති නීතිඥ මහතෙකු තමාගේ සේවාදායිකාවකට පොළියට මුදල් දී එය ලබා ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇති බවයි. එම නඩුවේ විත්තිකාරිය වෙනුවෙන් මා පෙනී සිටීම පිළිබඳව උරණ වූ මෙම පොලීකාර නීතිඥ මහතා කිහිප විටක් එම තැනැත්තියට පෙනී නොසිටින ලෙසට තලංගම පොලීසියේදී සහ අධිකරණයේදී මා හට තර්ජනය සිදු කලේය.

නීති වෘත්තිය තුළද මානසික රෝගීන් සහ අඳ බාලයන් සිටින බැවින් මා එම තර්ජන ගනන් නොගත් අතර ඒ පිළිබඳව ක්‍රියාකිරීමක් සිදු නොකලෙමි. මා සිතන විදියට ඔබට කරුණු සැපයූ එක පුද්ගලයෙක් මොහු විය යුතුය.

5. මා විසින් මට විරුද්ධව ඇති නඩුවේ මා රක්ෂණ භාරයට පත් කල මහේස්ත්‍රාත්වරයා මා විසින් මාරුකර යැවූ බවට සඳහනක් කර ඇත. මට විරුද්ධව ඇති නඩුව විමසීමට පත් කරනු ලැබුයේ මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත්වරයා වන අතර එවැනි කිසිම සිදුවීමක් සිදු වී නොමැත.
විනිශ්චයකාරතුමන් මාරුකිරීම අධිකරණ සේවා කොමිසමේ කාර්්‍යයක් මිස මා හට හැකියාවක් හෝ බලයක් ඇති කටයුත්තක් නොවේ. එබැවින් එවැන්නක් ගැන පාරම් බෑමට මා මෝඩයෙකු නොවේ.

6. නීතීඥ සංගමයේ ලේකම්වරයා වන අමල් රන්දෙනිය මහතා මාගේ වැරදි වසා ගැනීමට මා හට උදව් කරන බව පවසා ඇත. මා එම මහතා සමඟ කතා බස් කර ඇත්තේ එක්වරක් පමණි. ඒ ඔහු නිලවරණයට තරඟ කරන අවස්ථාවේ පමණි. මා කිසි විටක එතුමන්ගේ සහායක් ඉල්ලා නැති අතර එවැනි සහායක් ඉල්ලීමට අවශ්‍යතාවයක් ද පැන නැඟී නොමැත. මෙ අසත්‍ය වාර්ථාව සෑදු පුද්ගලයා එවැනි වැදගත් නීතිඥ මහතකුට අපහාස කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීම ඉතා පිලිකුල් සහගතය.

තවද ගංගොඩවිල නීතිඥ සංගමයේ සභාපතිවරයා වන ඉන්දික ජයරත්න මහතා මඟින් මා කටයුතු කර ඇති බව ප්‍රකාශ කර ඇත. එතුමන් ඒ තනතුරට පත්වී මාස හතරක් වැනි කෙටි කාලයකි. එතුමාගේ පත්වීමට ඊර්ෂ්‍යා කරන පුද්ගලයින් විසින් මෙවැන්නක් ගොතා ඇති බව මම සිතමි. ඒ මහතා වැදගත් මහත්මයෙක් බව කිව යුතුය.

7. මා නුගේගොඩ නීතීඥ සංගමයේ සභාපතිධූරය දරණ කාලයේදී නීතිඥ පණ්ඩිතරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට මුල්ව කටයුතු කල බවට එහි සඳහන් වේ.

මම කිසිම අවස්ථාවක නුගේගොඩ අධිකරණ නීතිඥ සංගමයේ (එවකට ගංගොඩවිල අධිකරණ නීතිඥ සංගමය) සභාපති ධුරය දරා නොමැත. එම කාලයේදී මා නීතිඥ සංගමයේ කිසිම නිලයක් දරා නොමැත. මා කිසිවිටක එම නීතිඥ මහතා අමාරුවේ දැමීමට කටයුතු කර නොමැත. ඒ මහතාට එසේ කිරීමට මා හට ඔහු සමඟ කිසිම අමනාපයක් කිසිම දිනක පැවති නැත. මෙම කරුණද නිර්මාණකරු විසින් ද්වේශ සහගත ලෙස සිදුකල අසත්‍ය ප්‍රකාශයකි.

8.ඔබගේ වාර්තාවේ තවත් චෝදනාවක් වන්නේ මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය, අධිකරණ සේවා කොමිසම වැනි විවිධ ස්ථාන වලට පෙත්සම් යවා ඇති බවය. එයට පිළිතුරු වශයෙන් මට කීමට ඇත්තේ මාගේ වෘත්තිය කාලය තුලදී අධිකරණයේ නීතිඥ මහතෙකු සමඟ වංක සහයෝගයෙන් කටයුතු කල මහේස්ත්‍රාත්වරු සම්බන්ධයෙන් මා අගවිනිසුරුතුමන්ට පැමිණිලි කර ඇති බවය.

අධිකරණයක අපක්ෂපාතී බවට සහ සාධාරණත්වයට හානි වන අන්දමින් විනිසුරුවරුන් නිතිඥ මහතුන් සමඟ වංක සහයෝගයෙන් කටයුතු කරන අවස්ථා වලදී නීතියේ පිලිසරණ පතා එන සාමාන්‍ය ජනතාවට සහ නඩුවලට පෙනී සිටින අනෙකුත් නීතිඥ මහතුන්ට විශාල අගතියක් සිදුවන බැවින් මම මෙලෙස අගවිනිසුරුතුමාට සහ අධිකරණ සේවා කොමිසමට කරුණු දැක්වීම සිදු කර ඇත.

එක් අවස්ථාවකදී එවකට සිටි අගවිනිසුරුතුමන් විසින් අදාල මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මෙම වංක සහයෝගය තහවුරු වූ බැවින් අදාළ විනිශ්චයකාරවරයා සේවයෙන් නෙරපන ලදී. එයට මූලික වූ නීතිඥවරයාටද තරයේ අවවාද කරන ලදී.

රටක නීතියේ ආධිපත්‍ය රැකීම සඳහා කටයුතු කිරීම නීතීඥ මහතුන්ගේ වගකීමක් වෙයි. එසේ නොකල හොත් හිතුවක්කාර විනිශ්චයකරුවන් සමඟ එක්ව වංක සහයෝගයෙන් කටයුතු කරන නීතිඥ මහතුන්ට අධිකරණය අයුතු ලෙස මුදල් ගැරීමේ තෝතැන්නක් බවට පත් වේ. එබැවින් මා පමණක් නොව සෑම නීතිඥවරයෙකුගේම වගකීම විය යුත්තේ එවැනි අවස්ථා හෙලිදරව් කර නීතිය සහ සාධාරණත්වය රැක ගැනීම යැයි මම සිතමි.
මා කිහිප විටක් එලෙස කටයුතු කර ඇති අතර ඉදිරියටද එසේ කිරීමට පසුබට වන්නේ නැත. මෙම කරුණු ඔබට සපයා ඇත්තේ මේ සම්බන්ධයෙන් මා සමඟ අමනාප වූ පුද්ගලයන් බව දැන් පැහැදිලිය.

එවැනි කටයුතු සම්බන්ධයෙන් උරණ වන නීතිඥ මහතුන්ට හෝ විනිසුරුවරුන් ට කරුණු කීමට මා බැඳී නොමැත.

9.එබැවින් ඔබගේ වෙබ් අඩවිය විසින් පලකර ඇති වාර්ථාව සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු මත පදනම් වී ඇති බව ඔබට පෙනෙනවා ඇත. ඔබ වැනි වගකිවයුතු වෙබ් අඩවියක් මෙවැනි අඳබාලයන් විසින් සිදුකරන ප්‍රකාශ මීට වඩා සුපරික්ෂාකාරී ලෙස සොයා බැලිය යුතු බව ඔබටම වැටහෙනවා ඇත. රටක් පිරිහෙන්නේ සමාජයේ පිරිහීම නිසාය. පිරිහුනු සමාජයක පිරිහුනු පුද්ගලයන් අප්‍රමාණය. එවැන්නන් සෑම වෘත්තියකම, සෑම තරාතිරතම (පාර්ලිමේන්තුවේ පවා) සිටින බව අප සිහිතබා ගත යුතුය. ඔවුන් තමන්ගේ වැරදි වසා ගන්නේ අනෙක් අයට ගැරහීමෙන් සහ අපහාස කිරීමෙනි. එය ඒ ආකාරයෙන් ම සිදුව ඇත. ඒ නිසා මෙම මාගේ ලිපිය වෙනස් නොකර පලකරන මෙන් ඉල්ලා සිටිමි.

කෙසේ වෙතත් මාගේ තරුණ කාලයේ ඡායාරූප පලකිරීම පිළිබඳව මා ස්තූති කරමි. එම ඡායාරූප මෙම ලිපිය සමග ද පළකරන මෙන් ඉල්ලා සිටිමි.

ඒවා ඔබට සපයන ලද්දේ එවකට මාගේ පෙනුමට ආදරය කළ කාන්තා නිතිඥ මහත්මියක බව මා හට දැන ගැනීමට ලැබුණි.

ඔබ සැමට ස්තූතියි.
නීතීඥ වසන්ත රණසිංහ

සංස්කාරක සටහන

අප පළමුවෙන්ම නීතිඥ වසන්ත රණසිංහ මහතාට මෙම පිළිතුර එවීම පිළිබඳව ස්තූතිය පල කරන්නෙමු. පොරොන්දු වූ ආකාරයට ඒ මහතාගේ පිලිතුර කිසිදු සංශෝධනයකින් තොරව අප ඉහත පලකළෙමු. අප විසින් නැගූ චෝදනා සම්බන්ධයෙන් කිසිවක් නොකියන වසන්ත රණසිංහ මහතා වෙනත් කාරණා පිළිබඳව දීර්ඝ විස්තර ලියා තිබේ. ඒවා අපගේ චෝදනාවන්ට කිසිසේත් ආදාළතාවයක් නැත. තමාගේ තරුණ කාලයේ පෙනුමට ආදරය කළ කාන්තා නීතිඥ මහත්මියක් ගැන සඳහන් කරමින් රණසිංහ මහතා සිදු කිරීමට තැත් කරන්නේ තමන්ට ඇති චෝදනා විහිලුවෙන් මග හැරීමටය. ඔහු විසින් ප්‍රතික්ෂේප කරන සියළුම චෝදනා යථා කාලයේදී වඩා විස්තරාත්මකව පල කිරීමට අප බැඳී සිටින්නෙමු. අපගේ සවිස්තරාත්මක පිලිතුර ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29561,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැහැදිලි කිරීමක් : වෘත්තියට නිඟා දෙන නීතිඥයා සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිහඩ ඇයි?
පැහැදිලි කිරීමක් : වෘත්තියට නිඟා දෙන නීතිඥයා සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිහඩ ඇයි?
http://ift.tt/2t0OgkT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_587.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_587.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy