එල්ල කලේ අධි පීඩන ජල පහර මෙල්ල කරන්නට ගෑසුත් දුනි නිතර නිල්ල වෙන්න දුන්නා තව පොලු පහර බල්ල මාක් වුන...
එල්ල කලේ අධි පීඩන ජල පහර
මෙල්ල කරන්නට ගෑසුත් දුනි නිතර
නිල්ල වෙන්න දුන්නා තව පොලු පහර
බල්ල මාක් වුනි අද ඒ සෙන් අනුර
නෙක නෙක අප්පච්චිලා දුන් ඒ විධාන
එක දෙක නොවෙයි ඉටු කලෙ තරු බලාන
දැක දැක යුක්තියේ කතගේ තුලාන
බක බක ගගා කෑවේ මුන් මරාන
''ඩිලේ'' වුනත් ''ඩීල''ක් හෙම නොම වේවා
ගලේ පැහැරු ලෙස මරුවන් අසු වේවා
නිලේ කොලේ බලයට යට නොම වේවා
බලේ ඉන්න කාටත් පාඩම් මේවා
වටින් හතර නගිනා මහජන රැල්ල
සිටින් කියා කල හැකිවෙද නැව තිල්ල
තුටින් ''සුභ අනාගතයක්'' බැඳි තැල්ල
හොටින් ගෙන වැලිකඩට එනු "මාගේ කිරිල්ල"
ඥානසිරි කොත්තිගොඩ
COMMENTS