මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ සහන කටයුතු සඳහා ඇමරිකාව ලබා දුන් සහය කිසිලෙසකින්වත් අමතක කළ ...
මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ සහන කටයුතු සඳහා ඇමරිකාව ලබා දුන් සහය කිසිලෙසකින්වත් අමතක කළ නොහැකි බවයි.ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද අපදා අවස්ථාවේ ලොව බලවත් රාජ්‍යයන් ලබා දුන් සහය ඉතා ප්‍රශංසනීය බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම ඇමරිකානු භට කණ්ඩායම පසුගිය දෙසතියක කාලයක් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක පාසල් පිරිසිදු කිරීම,ළිං පිරිසිදු කිරීම,වැව් බැමි පිළිසකර කිරීම ආදී ජනතාවගේ ජිවන තත්ත්වය නැවත නගා සිටුවීමට විශාල මැදිහත් වීමක් කර තිබේ.මේ අතර විපතට පත්වූවන්ගේ සහන කටයුතු සඳහා එක්සත් ජනපද අරමුදල මඟින් රුපියල් මිලියන 350කට ආසන්න මුදලක් ලබා දීමටද කටයුතු කර ඇත.
පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා පිරිසිදු කිරීමේ කට්ටල,හදිසි රැකවරණ කට්ටල,නිවාස අලුත්වැඩියා කට්ටල සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබා දීම ආදිය සඳහා එම මුල්‍ය ප්‍රදානය හිමිව තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=ncfCImu0EcA[/youtube]
COMMENTS